5/28/2012

ලන්ච් බොක්ස් එකක් සහ බත් මුලක්......



දවල් වැඩට ගිහින් අවිත් ඇඟපත් එහෙම හෝදගන මං ලන්ච් බොක්ස් එක අතට ගත්තා හෝදන්ඩ. හෙට උදේටත් බෙදාගන යන්ඩ ඕනනේ. ඉතිං ඕකට සබන් ටිකක් දානකොට මට ඉස්සර කාලේ මතක් උනා. අපි ඉස්කොලේ ගියෙ බත් මුලක් ඔතාගන. ලන්ච් බොක්ස් අරගන ගියේ නෑ. මට හොඳට මතකයි හතරේ පන්තියෙදි ශිශ්‍යත්ව පංතියකට ගියා. ඉතිං අම්මා උදේම නැගිටලා බත් මුලක් බැඳලා දෙනවා. පොඩි එකක්. පොඩි කොල්ලනෙ ඉතිං. ඉස්කෝලෙ ඉවර වෙලා අපි කට්ටිය එකතු වෙලා පොඩි ඉස්කෝලෙ පරණ බිල්ඩිමේ පඩිය උඩ ඉඳගන බත් කනවා. මායි, වරුනයයි, චතුරයයි, කස්සයි, ඔහොම ගොඩක් හිටියා. බත් මුල බිම තියලා දිග ඇරගන කට්ටියම වටකරගන කනවා. ලොකු දේවල් තිබුනේ නෑ. සමහර දාට තමබපු බිත්තරයක් හතරට කපල කෑල්ලක්. ඒත් අපි කට්ටිය ඕක බෙදාගන කෑවා. ඉවරවෙලා අඹ ගහ වටේ හිටපු කාක්කන්ට දැම්මා.

ඔහොම තව ටිකක් ලොකු උනා. ඒ එක්කම බත්මුල වටේ කට්ටියත් වැඩි උනා. අන්තිම බත් ඇටේටම වාශ්ප වෙන්ඩ තප්පර ගානයි ගියේ. කොහේ උනත් බත් මුලක් දිග ඇරුනොත් කට්ටිය එතෙන්ට පිරුනා.

කොහොමින් කොහොම හරි කැම්පස් එකටත් ආවා. එහේ බත්මුල් තිබුනේ නෑ. හිටියේ කාක්කෝ. සති අන්තෙට කවුරු හරි ගෙදර ගිහින් එනකල් බලන් ඉන්නවා අනික් උන් ටික. ඉතිං ගෙදරින් ආපු කාක්කව බොග මේසේ උඩින් තියලා දොර ගාවට ගිහින් කාක් කාක් කිව්වම කට්ටිය දුවන් එන්නෙ රෙදිත් නැතුව. සමහර වෙලාවට කාක් කාක් කියපු එකාට කන්ඩ කටක්වත් නැති වෙනවා. මේසෙ උඩ තිබුන අන්තිම බත් ඇටෙත් අහුලගන කට්ටිය පිටත් වෙනවා.

ඉතිං ඔය අතීත කතන්දර. මං තාම ලන්ච් බොක්ස් එක හෝදනවා. අපි දැන් වැඩ කරන ජනතාව. බොහොම බිසි මිනිස්සු. සමහරදාට ඔෆිස් එකේ එහා කාමරේ ඉන්න ඉන්ජන් කොල්ලත් එක්ක වචනයක් කතා කරන්ඩ වෙලාවක් නෑ. බරටම වැඩ. උදේ වැඩ කරලා 1 උන ගමන් මේසේ ලඟ ඉඳන්ම ලන්ච් බොක්ස් එක ගන්නවා අතට. එහා මේසේ එකත් එහෙම තමයි. බොහොම උජාරුවට හැන්දක් අතින් අරන් කනවා. කතා බහක් නෑඅ, බෙදා ගැනිල්ලක් නෑ. අපි අපේ පාඩුවේ අපේ එක කාලා පැත්තකට වෙලා ඉන්නවා. ඔඅං ඉතිං කල්පනා කරා මේ ලන්ච් බොක්ස් එකේ වැරැද්දක්ද කියලා. මොනා උනත් මේක පොඩියිනෙ. කොහොමද හතර පස් දෙනෙක් අතදාන්නෙ. එහෙමත් නැත්තම් අපි වෙනස් වෙලාද. පොඩි කාලේ ඉස්කෝලෙ යද්දි කැම්පස් එකේදි බෙදා ගත්ත හැටි අමතක වෙලාද. අපේ තත්වෙට ඒක ගැලපෙන් නැතිවෙලාද. නැත්තම් අපි නිකම්ම නිකම් ආත්මාර්ථය විතරක් තියන පුහු මිනිස්සු ටිකක් වෙලාද. මං දන්නෑ කොහොම මේ කතාව ඉවර කරන්නද කියල. දැන් ඉතිං ආයෙත් හෙට දවල්ට කනකල් ඒකෙන් වැඩක් නෑ.
එහෙමද?
?
?
?

5/25/2012

අය්ඩියල් (iDeal)


නුඔ කැමති මොනාටද?
උත්සාහවන්තයා ජය ගනී!
එහෙනම් නුඔටත්
එය
නුඕ කරගත හැක
අකැමැති දෙයක් වුනාද?
හැමදේම වෙන්නෙ හොදටයි !
වැඩිකල් යන්න
පෙර
හොද විදියට
හැමදේම සිදුවෙයි
අපිට අවැසි
ලෙස
එලෙස ලෝකය
කැරකෙයි නම්
මලලසේකරේ
මක්ස්ෆර්ඩ් එකේ
සෑඩ් 
කියා වචනයක්
තිබිය නොහැක !

දළබුවා‘9

5/12/2012

වසන්තය නිමෙන්නට ...!!

මහවැලිය සුවය වුන
මල් පිපී සුවඳ දෙන
සිව් වසක වසන්තය
නිමෙන්නට කාලයයි

එක රැහේ පොදි ගැහුන
නෙක්වර්ණ කුරුළු රැල
තටුගසා ඉගිලෙන්න
මේ ඔබේ වාරයයි

වියලි මහ වැලි කතරෙ
අසනි වැසි ගිනි සුලඟෙ
දිරිය ගෙන පියඹන්න
මා සොයුරු සියොතුනේ ...!!