3/02/2014

දිලෙන සඳ නුඹමය













ජීවිතයේ එක් තොටුපලකදී
හමුවූ කුලුදුල් සිහින ප්‍රේමය .....
සැබැවින්ම මිහිරියි දයාබරයි ....
විටෙක ආගන්තුකයි ....
අඩවන්වූ විඩාබර දෙනෙත් හඩවා
ගලාහැලෙන මේ කදුළු කැට
ජීවිතය අයදින්නේ
නුබේ නමින් ...
ඔය සෙනෙහෙබර මුදු සිනහ අතර ...
සුසුම් තනි කරලන්න
ආසයි නුබ දිහා බලන්
ආදරය මුමුනන්න
කෝඩුකාර අවිහිංසක සද උනත් කියාවි
එකම එක දෙයක්
නුබටත් රහසින්
ඒ....
මුහුද පතුලේ පෑයූ
දිලෙන සද නුබමය

!....කැකිරි 11....!
 
Pages (149)12345 Next