4/04/2015

(පස)මිතුරු෴


මහ ලොකු නිල් දාහේ කොලේ
උඹ නම් මහ හරිම එකෙක්
ලස්සන රස කෑම තියන
පාට පාට හෝටලයට
ලස්සන පාටින් දිලිසෙන
ඇදුම් තියෙන සාප්පුවට
මම ඉන්නවා ඔයත් එක්ක
යමුයි කියලා මා පොලඹන්
මාව ඇදන්
එක්ක ගිහින්
ගනින් ගනින්
මේක ගනින්
අන්තිමේදි
උඹ මෙතනින්
හෙමින් සැරේ
මුදලාලිගේ
සාක්කුවට
පැනලා ගිහින්
අර බලපන් දහයෙ කොලේ
මුදලාලිගේ සාක්කුවෙන්
හෙමින් සැරේ මා ගාවට
දහය හොදයි
කඩවල් දෙස ගෙන යන්නෑ
ගෙන ගොස් මා හැර යන්නෑ
යාචකයොත් එපා කියයි
දහය හොදයි
උඹ හිටපන් මාත් එක්ක



ජන්තු - 09

Pages (149)12345 Next