ඔය දෑසින් හෙමි හෙමිහිට නොබලන් නුඹ නගේ
නොදනීදෝ වැලපෙන හදවතේ මගේ රඟේ
තරුමල් මට කොයින්ද නුඹ හට දෙන්නට අගේ
සුදු නංගියේ නුඹ සත්තයි සුරවමියක් වගේ
නාදල්ලට වඩා දෙතොල් නුඹෙ රත් පැහැ වගෙයි
නාමල් පෙති පරයන්නට වත පිරිපුන් රුවයි
අපූරුවට පා තැබුවම ලක්ෂ්මිය නුඹ තමයි
ඔය හැටියට හිනැහෙන්නට එපා වෙහෙස දැනෙයි
හිමිදිරියට නුඹ ආවම සිනා පොකුරු අරන්
ඈත ඉඳන් නුඹ ගැන කවි මුමුණන්නම් ඉතින්
සීත සුළං ඒ කවි පද නුඹ දිහාට අරන්
යනකල් මම ඉවසන්නම් කඳුළු දෑස දරන්
පුළුල් උකුල වෙහෙසන්නට එපා ඔබට රිදෙයි
නගේ එපා දිව යන්නට පයට වෙහෙස දැනෙයි
මගේ හදේ නුඹේ පයට මල් යහනක් තිබෙයි
දන්නවාද ඒමල් කිසි දිනකදි පර නොවෙයි
මාටියා