8/22/2012

රැජිනියනේ..


රැජිනියනේ.......
දහදිය බින්දු නැත ඇගෙ ගත තනි කෙරුවේ
කදුලක් නොනැගි දුක් බෝ ඇත ඇගෙ පපුවේ
දුටුවෙමි සිනා පමණක් රූපත් මුහුණේ
මුව පිරි සිනාවෙන් ඇයි සිත රිදවන්නේ...
රැජිනියනේ.......
නෑ සිය මිතුරු නෑ කිසි දින දොස් දුටුවේ
අලුතින් ගෙනා පතිනියමයි සිහිවෙන්නේ
කිසි දින රවා වත් නෑ සිය හිම් දෙස බැලුවේ.
හිමි කෑ පතේ රජ බොජුනයි වළදන්නේ..
රැජිනියනේ.......
මුලුතැන් යහන වද මගෙ මවු හට තිබුනේ.
නෑ කිසි දිනක කුසගිනි මැද දරු තැබුවේ
අහසට කදුලු බර වී මහ වැහි වැටුනේ
මහ වැසි මැදත් වත සිනහවමයි රැදුනේ
රැජිනියනේ.......

මාටියා

2 comments:

  1. මාටියාගේ කවි සිතුවීල්ල පංකාදුයි !
    මාටියා මල්ලිගේ මේ කවි සිතුවිල්ල අම්මාවරුන්ට උපහාරයක්ම වේවා. !

    ප.ලි. - පෝස්ට් දැමීමේදි නිර්මාණකරුගේ නමත් සමඟ ඔහුගේ බැච් එක දැමීමට තරම් කාරුණීක වන ලෙස සංස්කාරක තුමන්ගෙන් ඉල්ලා සිටිමු.
    මෙයට,
    පාඨක පිරිස

    ReplyDelete

Pages (149)12345 Next