11/13/2012

just a imaginary case...


විලේ දිය කඳ ගැඹුරු සේමා
දිවි මගක් විය නොදත් කිසිවෙක්
ඉකියකින් සිත රිදෙන සේමා
තනිකමක් විය ඇදුම් කන සිත්..

අසනි වැසි වැට
නුඹේ සෙනෙහෙට
විලේ දිය කඳ බෝම සැලුනයි

ඉකිය පරදන
නුහුරු හැඟුමින්
සිතේ නිම් තෙර පිරෙණු දැනුනයි

රුවන් මිණි කැට
ඉසුල නැතිවට
රුවේ පින් පිනි රැදෙනු බෝමයි.

සසල දිය කඳ
තුටින් සෙනෙහෙන්
ඉසිඹු නැති රැළි නගනු දැනුනයි

ගැඹුරු විල් තෙර අඳුරු මුල්ලෙත්
ඉතින් රැළියෙන් නොමැත අඩුවක්
පුරුදු ඉකියට යන්න කීවා
මඳ සිනා පෑ පුංචි කෙල්ලෙක්..



4 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් මල්ලි !

    ReplyDelete
  2. හ්ම්ම්ම් අපුරු නිර්මානයක් අර්තයට මන් හුගක් කැමතියි..

    ReplyDelete
  3. කොහොමද මට මේ බ්ලොග් එක මග ඇරුනේ

    ReplyDelete

Pages (149)12345 Next