5/25/2015

කවියට කවියක්....................




ඇසිල්ලක් පාසා
කවියටයි හිත ආසා
නැතත් රස බාසා
එයින් වේවිද කුමන දෝසා

විරිත මත යතිය
රැකලම බොහොම හතිය
හුරු පුරුදු ගතිය
අතැර දැමුමට සිතක් නැතිය

සොඳුරු පද පාවී
හිත අද්දරට ඒවී
තවත් රස වේවී
නුඹේ සවනත සොයා ඒවී

දුක කඳුළ සින්දා
පාළුව තනිය බින්දා
කවිය නුඹ හින්දා
මමත් සැනසුම් සුවය වින්දා
.
.
.
.
.
චාලි - 11

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ලස්සන කවියක් මචෝ..

    ReplyDelete
  3. විරිත මත හිරවෙන්න
    සිරිත මට නම් නැතිය

    ReplyDelete
  4. කවිය නුඹ හින්දා
    මමත් සැනසුම් සුවය වින්දා

    ලස්සනයි ජයවේ!

    ReplyDelete

Pages (149)12345 Next