12/05/2017

තෙදැති විකුමැති දෙවිඳු මම වෙමි...!


තෙදැති විකුමැති දෙවිඳු මම වෙමි
සදන සුව සෙත සියලු දනනට
යදින සැමටම පිහිට ගෙනදෙන
දෙවිඳු මම වෙමි නාටකේ රනා


දෙවිඳු වුවත් මා රගහලේ
පිහිට වුවත් සැමට සැමදා
රුඟුම් පෑවත් තෙදස පතුරා
මමද මිනිසෙකි කුසගිනි දැනේ


දෙවියන්ට හැඳි බරණ ගලවා
යදිමි මා සොද මහතුනේ
නුඹම පමණි මට එකම සරණේ
දරු පැටව් ඇත මග බලා


සංකල්පනාව - 14 ඔල්මා෴
                           
                         ෴ සිතුවම - 14 ලෙල්ලා෴
Pages (149)12345 Next