12/05/2017

තෙදැති විකුමැති දෙවිඳු මම වෙමි...!


තෙදැති විකුමැති දෙවිඳු මම වෙමි
සදන සුව සෙත සියලු දනනට
යදින සැමටම පිහිට ගෙනදෙන
දෙවිඳු මම වෙමි නාටකේ රනා


දෙවිඳු වුවත් මා රගහලේ
පිහිට වුවත් සැමට සැමදා
රුඟුම් පෑවත් තෙදස පතුරා
මමද මිනිසෙකි කුසගිනි දැනේ


දෙවියන්ට හැඳි බරණ ගලවා
යදිමි මා සොද මහතුනේ
නුඹම පමණි මට එකම සරණේ
දරු පැටව් ඇත මග බලා


සංකල්පනාව - 14 ඔල්මා෴
                           
                         ෴ සිතුවම - 14 ලෙල්ලා෴

2 comments:

  1. ජීවිතය රඟපෑමක් කියුවටම බෑ.. ඊට එහා ගිය දෙයක් බව මතක් කරන අපුරු පද ටිකක්.. ස්තුතියි!

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete

Pages (149)12345 Next