පද වැලුත්
මගේ නෙවෙයි
සංගීතෙත්
මගෙ නෙවෙයි
ඒ තනුවත්
ඒකත් මගේ නෙවෙයි
ඒත්
මම අහනවා
මට දැනෙනවා
ඔහුගේ කරච්චල්
සංගීතයෙන්
ඇගේ මියුරැ කට හඩින්
ගැයෙනා ඒ
ගීතය
1/30/2014
1/29/2014
Difference
My heart wanders slowly
Through sweet memories
To see smile
Your face
The way you tried to walk
How your little hand cliched mine
I hear your laugher
You ran here and there
In our garden
Dancing with flowers
Still flowers bloom
Sunrays peep through windows
But to me
World seems empty
All have changed
Our house
Will never be a home again
Since god look you
From me... My son..
Through sweet memories
To see smile
Your face
The way you tried to walk
How your little hand cliched mine
I hear your laugher
You ran here and there
In our garden
Dancing with flowers
Still flowers bloom
Sunrays peep through windows
But to me
World seems empty
All have changed
Our house
Will never be a home again
Since god look you
From me... My son..
පෙරවදනකට පෙර පසුවදනක්..
කෙදිනක හෝ මෙලොවින් නික්ම යන දිනක
පසුවදනක් ලියන්නට කල් පැමිනි කල්හි
ප්‍රමාද වීමේ අවදානම මග හැර ගනු වස්
පෙරවදනකට පෙර ලියැවෙන පසුවදන..
දිවි මගෙහි මෙතෙක් දුර
එක් නිමේෂයක් හෝ
මා හා පියමැන්න
ළ'බැඳි මිනිසුනි,
මා නුඹෙන් ලද පැසසුම්
ඔවදන් සේම ගැරහුම්
මග කියා දුනි එන්න
මේ ගමන මේ ලෙසින්..
නුඹ කෙරෙහි හදේ රැඳි
ස්නේහය මෙලෙසින්
කිව නොහැක කෙදිනවත්
වචනෙකින් දෙකකින්
සිත රිදුම් දෙන දෙයක්
වියේ නම් මා අතින්
කමා අයදිමි දුකින්
නැවත නොරිදමි ඉතින්..
අවසරයි සමුගන්න
යලිත් නොදකින ලෙසින්..
෴ සොමියා -11෴
පසුවදනක් ලියන්නට කල් පැමිනි කල්හි
ප්‍රමාද වීමේ අවදානම මග හැර ගනු වස්
පෙරවදනකට පෙර ලියැවෙන පසුවදන..
දිවි මගෙහි මෙතෙක් දුර
එක් නිමේෂයක් හෝ
මා හා පියමැන්න
ළ'බැඳි මිනිසුනි,
මා නුඹෙන් ලද පැසසුම්
ඔවදන් සේම ගැරහුම්
මග කියා දුනි එන්න
මේ ගමන මේ ලෙසින්..
නුඹ කෙරෙහි හදේ රැඳි
ස්නේහය මෙලෙසින්
කිව නොහැක කෙදිනවත්
වචනෙකින් දෙකකින්
සිත රිදුම් දෙන දෙයක්
වියේ නම් මා අතින්
කමා අයදිමි දුකින්
නැවත නොරිදමි ඉතින්..
අවසරයි සමුගන්න
෴ සොමියා -11෴
1/21/2014
ඔබ..........
වසන්තය කැටුව එන සිහිනයේ කුමරු ඔබ
මා දෑස නිති පතන ඒ සොඳුරු දසුන ඔබ
මසිත විකසිත කරන උදා හිරු කුමරු ඔබ
සිත හඬයි කිම පමා පායන්න ගුවන් ගැබ
හන්තාන කඳු පියස බලන්නට ලස්සනයි
මහවැලිය පිස හමන සුළඟ සිසිලස ගෙනෙයි
මාවතේ අද්දරින් ඔබේ රුව නෙත ගැටෙයි
ජීවිතය සැබැවින්ම සුන්දරයි මට සිතෙයි
ඔබේ නෙතේ බැල්මකින් මගේ හද සැලෙනවා
දෙනෙත් පවසන රහස මා සිතත් දන්නවා
එහෙත් සැම දිනම ඔබ ගොළුවතම රකිනවා
ඔබේ සිත පමණක්දරෑමා සිතත් හඬනවා
අන්තිමේ සිවුවසර ගත්වේද නොදැනීම
දිනක අප වෙන්වෙලා යාද මිතුරන් ලෙසම
අද වගේ හෙටත් ඔබ රකීවිද ගොලුවතම
ප්‍රථම ප්‍රේමය අපේ මියැදේද සිත් තුළම
ඔබේ මුවඟින් නැගෙන හසරැල්ල කියන්නේ
මිතුරු දම් පමණක්ද මගේ සිත තැවෙන්නේ
ඔබෙ සිතුම් වදන් වැල් බවට පෙරළෙන දිනේ
අද හෙටම වන්නටයි මගේ සිත පතන්නේ
මා දෑස නිති පතන ඒ සොඳුරු දසුන ඔබ
මසිත විකසිත කරන උදා හිරු කුමරු ඔබ
සිත හඬයි කිම පමා පායන්න ගුවන් ගැබ
හන්තාන කඳු පියස බලන්නට ලස්සනයි
මහවැලිය පිස හමන සුළඟ සිසිලස ගෙනෙයි
මාවතේ අද්දරින් ඔබේ රුව නෙත ගැටෙයි
ජීවිතය සැබැවින්ම සුන්දරයි මට සිතෙයි
ඔබේ නෙතේ බැල්මකින් මගේ හද සැලෙනවා
දෙනෙත් පවසන රහස මා සිතත් දන්නවා
එහෙත් සැම දිනම ඔබ ගොළුවතම රකිනවා
ඔබේ සිත පමණක්දරෑමා සිතත් හඬනවා
අන්තිමේ සිවුවසර ගත්වේද නොදැනීම
දිනක අප වෙන්වෙලා යාද මිතුරන් ලෙසම
අද වගේ හෙටත් ඔබ රකීවිද ගොලුවතම
ප්‍රථම ප්‍රේමය අපේ මියැදේද සිත් තුළම
ඔබේ මුවඟින් නැගෙන හසරැල්ල කියන්නේ
මිතුරු දම් පමණක්ද මගේ සිත තැවෙන්නේ
ඔබෙ සිතුම් වදන් වැල් බවට පෙරළෙන දිනේ
අද හෙටම වන්නටයි මගේ සිත පතන්නේ
Where are you
Won't turn back the clock
I want you to know, I was wrong
I'm sorry that I hurt you!
Since you have been gone
There so much I miss...
The warmth of your smile
Fun, love and laughter we shaired
And everything I had in my life
There's a longing within me
To have you back again!
Nothing can take the place of
You being with me...
නමකුත් නෑ, ලියපු කෙනෙකුත් නෑ...
හැමදාම හිනහෙමින්
කිරිපාට පෙන නැගුන
මහවැලිය මොකද මේ
මලානික ගුරු පැහැය...
වෙනදා මල් බරව
අතු බිමට නමාගත්
නුඹ මොකද මල් නැතත්
බිම දිහා බලාගෙන...
පාළුව මකත්ටද
කෝච්චිය “හූ“ කිව්වෙ
නුඹට බෑ කිසිදාක
කුරුළු ගී ගයන්නට...
මීදුමෙන් වසාගත්
හන්තානෙ සැගවුනත්
නුඹෙ මුවේ සිනා රැළි
නොමැකේවි කිසිදාක...
E/94/***
කිරිපාට පෙන නැගුන
මහවැලිය මොකද මේ
මලානික ගුරු පැහැය...
වෙනදා මල් බරව
අතු බිමට නමාගත්
නුඹ මොකද මල් නැතත්
බිම දිහා බලාගෙන...
පාළුව මකත්ටද
කෝච්චිය “හූ“ කිව්වෙ
නුඹට බෑ කිසිදාක
කුරුළු ගී ගයන්නට...
මීදුමෙන් වසාගත්
හන්තානෙ සැගවුනත්
නුඹෙ මුවේ සිනා රැළි
නොමැකේවි කිසිදාක...
E/94/***
වළාකුල...
1/18/2014
නුඹලා යළිත් ළඟදිම එන බව ඇසුණා.......
නෙක නෙක පාට සමනල් මල් වල ..........ඇතිරූ
හරිත වර්ණ තුරු පතරින් වැසි ................ඉවුරූ
හන්තාන වසා මිහිදුම් පටලය ..................ලහිරූ
කිරණය කන්ඩිත කරා ගඟ දිය මත .........නැඹුරූ
මසක් ගොසින් මා එහි යන පුරුදු ...........ලෙසින්
දුටුවේ නැතිය මා පෙර කිව් වදන් ...........ලෙසින්
ගස් වල කොළ හැලි තිබුනා මැරුණ ......ලෙසින්
හරියට අඩනවා වාගේ කඳුළු ..................ඇසින්
ගං ඉවුරේ දෙපසම හරියට ....................පාලුයි
කොළ නැති රුක්ෂ ඒ පාළුව හා ...............යාලුයි
ගසකින් ඇසුවා ඇයි මේ හැටි නුඹ ............පාළුයි
ගස කිව්වා මෙලෙසින් මට වී ..................යාළුයි
දෙමසක් පමණ නුඹලා නැති සොවින් ...........අපි
සිටියා කඳුල තනිකම හා සොවින් .................හැපී
ගස් මල් වල කොළ හැලුනා සුළඟ ................කිපී
සියොතුන් හැර ගියා අත හැර දමා .................අපි
නුඹලා යලිත් ළඟදීම එන බව ..................ඇසුනා
අපි දළු දමා ඉවුරේ පාළුව ......................වැසෙනා
යලිත් පෙරදී වගෙ නුඹල ව පිලි .............ගැනෙනා
ලෙසින් සැවොම කඩි මුඩියේ හැඩ ........කෙරෙනා
෴ කොවුලී -11෴
12/05/2013
මේ මගේ ජිවිතය ද කියන්න මට.........
බලාපොරොත්තුකිසිදා ඉටු නොවනසැමදා මග බලනකදුලු බිදුනෙතින් එලි නොබහිනහැමදා හිතට වද දෙනසිනහ වැල්ලොවට දිස් වෙනහිතින් රිදුම් දෙනජිවිතයහීන මත සුන්දර වනසැබැවට කටුක වනඔබහෙට වෙනුවෙන් වෙහෙසෙනඅදක් ගැන නොසිතනමමහීන මත වැජඹෙනපැතුම් පොදි ගොඩ ගහනඅපිඅලුත් වූ හෙට දවස්අදුරෙම අත ගානලෝකයසැමදා එක සිතින්මැදහත් ව දිවි ගෙවනඇත්තට මමේ මගේ ජිවිතය දකියන්න මට
බලාපොරොත්තු
කිසිදා ඉටු නොවන
සැමදා මග බලන
කදුලු බිදු
නෙතින් එලි නොබහින
හැමදා හිතට වද දෙන
සිනහ වැල්
ලොවට දිස් වෙන
හිතින් රිදුම් දෙන
ජිවිතය
හීන මත සුන්දර වන
සැබැවට කටුක වන
ඔබ
හෙට වෙනුවෙන් වෙහෙසෙන
අදක් ගැන නොසිතන
මම
හීන මත වැජඹෙන
පැතුම් පොදි ගොඩ ගහන
අපි
අලුත් වූ හෙට දවස්
අදුරෙම අත ගාන
ලෝකය
සැමදා එක සිතින්
මැදහත් ව දිවි ගෙවන
ඇත්තට ම
මේ මගේ ජිවිතය ද
කියන්න මට
~08 කැකිරි~
11/17/2013
10/26/2013
10/09/2013
ළඟ සහ දුර ෴
එදා ඔබ
මිතුරියෙකි
ඇස නුදුටු
ළඟ නොසිටි
එහෙත්,
"කතා කළ..."
මෙදා ඔබ
"නැගණියකි"
නෙත ගැටුණු
නෙත ගැටෙන
එහෙත්,
කතා නොකරන...
මිතුරියෙකි
ඇස නුදුටු
ළඟ නොසිටි
එහෙත්,
"කතා කළ..."
මෙදා ඔබ
"නැගණියකි"
නෙත ගැටුණු
නෙත ගැටෙන
එහෙත්,
කතා නොකරන...
9/15/2013
තුන් ඈදුණු කතාවක් ~2 කොටස ~ රාමා (රාමචන්ද්‍රන්)ගේ කතාව
එකිනෙක බැදුණු කථා තුනක දෙවැන්න පළමු කොටස තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව
"තුන්වන වේදිකාවේ නවතා ඇති යාල්දේවි සීග්‍රඝාමී දුම්රිය යාපනය හා
කන්කසන්තුරය බලා පිටත් වේ ......"
දුම්රිය කෙමෙන් ඉදිරියට ඇදෙත්ම ඒකනායක මාමා දුම්රිය කවුළුවෙන් එලියට
අතදමා තමුන්ගේ අත තදින් වැලද සිටි රාමා ගේ පුංචි පුතුගේ අත කෙමෙන් මුදා හැරියේය.
පාර්වතීද කදුළු පිරුණු දෑසින් මාමා දෙස බලා සිටියේය. "අපි යන්නම්" ඒ ඇස්
වල ලියවී තිබුණි. මෙතෙක් වෙලා නොහඩා සිටී මාමගේ ඇස් ද හඩන්නට විය. ඒ රාමා මියගියද
රාමාගේ මතකය මාමා තුල ජීවමාන වූ නිසාය.
දුම්රිය කෙමෙන් කෙමෙන් ඈත්ව ගියේය . මාමා ද තුන්වන වේදිකාවේ සිට දෙවන
වේදිකාවට මාරු වුයේ කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියට ගොඩවීම සදහාය. ලී දාර ගැසූ
දිගු බංකු මත හිදගත් මාමාට රත්මලාන දුම්රිය ස්ථානයේ දුම්රිය එනතුරු රාමා සමග ලී
බංකු මතට වී බලා සිටි අයුරු මතක් වන්නට විය.
"ඒකනායක අයියා අදත් කෝච්චිය පරක්කුයි නේද?" සුපුරුදු සිනහව සමග ඔහු හා කතාවට එක්වුයේ රාමා ය. රාමාගේ මුහුණේ
සැමවිටම සිනහවක් ඇදී තිබුනේය. රත්මලාන දුම්රිය වැඩපලට සේවයට පැමිණි රාමා මාමාගේ
කුළුපග සගයෙකු වුයේ ඔහුගේ වූ මේ ප්‍රියමනාප බව නිසා බව මාමාට මතකය.
රාමාගේ ගම යාපනයේය. එහෙත් ඔහු තම බිරිද පාර්වතී හා දරු දෙදෙනා සමග
පදිංචිව සිටියේ වැල්ලවත්තේය. යාපනයෙන් කොළඹ පැමිණි රාමා යලි යාපනයට ගියේ අවුරුද්දට
දෙවතාවකි. ඒ තයිපොන්ගල් උළෙලට හා සිංහල හින්දු අලුත් අවුරුද්දටය. "රාමා ඇයි
වැඩියේ ගම පළාත් පැත්තේ යන්නේ නැත්තේ?" දිනක්
ඒකනායක මාමා රාමාගෙන් විමසුවේය. "අපි කුලයෙන් පහලයිනේ අයියා එහෙ අපිට හරි
කරදර ඉතින් අපි වැඩියේ මෙහෙ තාමා ඉන්න කැමති" ඒ රාමගේ වචනය. කුළ බේද ජාතිබේද
ඒකනායක මාමාට පිලිකුල්ය. ඔහු අදහන බුදු දහමේත් , ඔහුගේ වමේ දේශපාලනයේත් කුළ වර්ගවාදය පිළිගන්නේ නැත.
"එකනායක අයිය වමේ මිනිහ නේ මම ඔන්න අයියා නිසාම රතුපාට මහත්තයට ජන්දේ
දුන්නා",
ඒ 77 ජන්දයට
පසුව වැඩට පැමිණි රාමාගේ වචනය. මාමගේ පක්ෂය ඇපත් නැතිව පරාජය වී සිටියත් රාමගේ වචන
මාමාගේ සිතට සතුටක් විය.
"ඒකනායක අයියා දෙමල ඉගෙනගන්නකෝ" දිනක් රාමා මාමාට කිවේය.
"උබ මගේ භාෂාව කතා කරනවා මං උබේ භාෂාව දන්නේ නැහැනේ", මාමාට ලජ්ජා හිතුණු හැටි මාමාටම මැවී පෙනුනි .රාමගෙන් ඉදහිට දෙමල වචන
එකනයක මාමා උගත්තේය. ඒකනායක මාමගේ ගෙදරට නෑගම් පැමිණි විට රාමගේ පුතුන් කැඩිච්ච
සිංහලෙන් ඒකනායක මාමගේ පුතුන් හා කතා කරනු අසා මාමා මෙන්ම මාමගේ බිරිය සොමාද රාමා
හා පාර්වතී සමග සතුටු වුයේ රටේම අනාගතය මෙසේ වේනම් කියා සිතමිනි.
අසුවේ ජුලි වැඩවර්ජනය සැමගේ ජීවිත වෙනස් කරන්නට විය. ඒකනායක මාමාට, රාමාට මෙන්ම තවත් බොහෝ පිරිසකට රැකියා අහිමි විය. ඒකනායක මාමා කරවල
පෙට්ටියක් කර තියන් පවුලේ බර අදිද්දී රාම පිටකොටුවේ පොල්තෙල් කඩයක් රැකියාවට
ගියේය. එතෙක් සිංහල අවුරුද්දට යාපනයේ ගිය රාමා අවුරුද්දට ඒකනායක මාමාගේ ගෙදර නෑගම්
ආවේය. කැවිලි අතුරුදහන් වී තිබු ඒකනායක මාමාගේ අවුරුදු මේසයේ හිදගත් සියල්ලෝ, සෝමා පිළියෙළ කල කිරිබතක් නැකතට රසවිදි අයුරු මාමාට මතකය.
"කැවිලි මොකටද අයියේ අපි ජීවත් වෙනවනේ ලබන අවුරුද්දේ අපේ ආණ්ඩුවක් ඇවිත් අපිට
අයේ රස්සාව ලැබුනට පස්සේ අපි කැවිලි කමු" රාමා මාමා ගේ සිත සැනසු අයුරු මාමාට
මතකය.
යාපනයේ මුර සංචාරයේ යෙදී සිටි හමුදා සෙබළු 13 ක් මරා දමා ඇති බවත් එයින් පසුව රට පුරා කලබල ඇති වී ඇති බවත් මාමා
ගුවන් විදුලියෙන් දැනගත්තේය. පස්දිනම මාමා කොළඹ ගියේය. රාමාවැඩ කල කඩය ගිනි තබා
තිබුණි. කඩය තුල ගිනිගෙන දැවෙන මළ සිරුරු ය මාමාගේ හිස ගිනිගත්තේය මාමා රාමගේ
නිවසට ගියේය. කොළඹ නගරයම අමු සොහොනක් වූ විට රාමාගේ නිවසද ඒ ගින්නෙන් දැවී අළුවී
තිබුණි. මාමාට පාර්වතී හමු වුයේ දින කිහිපයක් වැල්ලවත්තේ රස්තියාදු වූ පසුවය
ඔවුන්ද රැගෙන මාමා ගනේමුල්ලේ මාමාගේ නිවසට් ගියේය, යලිත් යාපනයට යාම පර්වතීගේ අපෙක්ශාව විය. සිය සැමියාගේ ඉරණම මේ
වනවිට ඇය දැනුවත්ව සිටියේය. වෙනිදාට අගේ නළලේ තිබුණු තිලකය ඇය මකා දමා
තිබුණි. දරුවන්ද සුපුරුදු ඒකනායක මාටාට වුවද බිය විය . අද දහවල් නිවසින්
පිටත් වනවිට රාමාගේ පුතාගේ වචන වලින් මාමාගේ හිස තවමත් ඇදුම් කයි. "මම ලොකු
වෙලා අපේ ගේ ගිනිතියපු සිංහල මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියනවා එත් අංකල්ගේ ගේ ගිනිතියන්නේ
නැහැ අංකල් හොදයි. උබලගේ ගෙවල් ගිනිතිබ්බේ ජාතිවාදී සුළු පිරිසක් ගොඩක් මිනිස්සු
උබලට ආදරෙයි කියල පුංචි පුතුට කියාදෙන්න තරම් පුතාට වයසක් නොවේ යයි මාමාට සිතුනි.
එසේ කල නොහැකි වටපිටාවක් සමාජය විසින් ගොඩ නගා තිබුණි.
කුළ බේදයෙන් බැට කා කොළඹ පැමිණි රාමාට කාලකන්නින් විසින් ගිණි තබා, පුංචි පුතුගේ හිසට වයිරය පොවා නැවත යාපනය තල්ලු කරරට ජාතිය රැක ගෙන
තිබුණි. මාමගේ ඇස්වල හිර වී තිබුණු කදුළු බින්දු වලින් දෙකොපුල් තෙමි තිබුණි.
"කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය දෙවන වේදිකාවට පැමිණෙනු ඇත දුම්රිය
නවත්වන්නේ ගණේමුල්ල රගම ...." ඒ ගම්පහ දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයයි.
ප. ලි .
9/08/2013
රැවටීම (අපි අපිවම )
උදේටත් චිකන්
දවල්ටත් චිකන්
රැටත් චිකන්
කෙතරම් සංවර්ධිතද
අප
පිම්බී අභිමාණයෙන්
පුප්පා ගිරිය
දෙසමින් ලොවට
උදේ දිවා රෑ
වළදමු
චිකන් නොව
පරිප්පු
චිකන්
සුප්කැට යෙදු
අදහස 08 ටෝගා
ලිව්වේ 08 ඔටුවා
9/03/2013
සොරා ගත් මගේ කවිය වෙත..
"ආදරයෙන්"
වචන ගෙන
"සෙනෙහසින්"
පද වැල් කර
"සතුටින්" එපද
පෙලට ගොනු කර
ලියූ මාගේ
එකම කවි පෙල.....
සොරා ගෙන !
මගෙන් එය...
පද දෙක තුනක් වෙනස් කර
ලොවටම පෙනෙන්නට
ගායනා කරතී
මට ඇසෙන්නට...
දළබුවා ‘නමය
8/31/2013
UNION කාරයා
නිදි නොලද රැයක් ගැන
ගතු කියන රතු දෙනෙත,
වරද දුටු තැන නැගෙන
අභීත විරු නද නින්නාද,
සොයුරු පැණ,ඇදුරු බස්,
මේඝයකි, නිම නොවෙන,
සුදු කමිස සාක්කුවෙ ඉකිබිදින....
අම්මාගේ ලියුම.......................
09 කොමළි
8/24/2013
ගණිකාවකට පෙම් බැදීම, ලැජ්ජාව හා මන්ත්‍රීතුමා ..........
වාසනාවත් කල්
අවාසනාවත් කල්
ලෙඩ දුකේ හා සුව සැපේ
එකට ඉන්නට
දුන් පොරොන්දුව
ගිණි තබා ඇය
යන්න යනු ඇත
වෙන කෙනෙකු හා
සොයා උණුසුම
ගිරිය පුප්පා
අඩිය හප්පා
"ලැජ්ජා" නැතිදැයි
ඇසුවේය
අප්පච්චි මගෙන්..........
"ලැජ්ජා"
ඒ මොකටදැයි
ඇසුවෙමි මමත්
"අප්පචි ගැහුවේ මෙවරත්
කතිරේ ගරු මන්ත්‍රී තුමාටම........."
08 ඔටුවා
ප.ලි. සමස්තය දකින්නට ආරාධනා ................
අවාසනාවත් කල්
ලෙඩ දුකේ හා සුව සැපේ
එකට ඉන්නට
දුන් පොරොන්දුව
ගිණි තබා ඇය
යන්න යනු ඇත
වෙන කෙනෙකු හා
සොයා උණුසුම
ගිරිය පුප්පා
අඩිය හප්පා
"ලැජ්ජා" නැතිදැයි
ඇසුවේය
අප්පච්චි මගෙන්..........
"ලැජ්ජා"
ඒ මොකටදැයි
ඇසුවෙමි මමත්
"අප්පචි ගැහුවේ මෙවරත්
කතිරේ ගරු මන්ත්‍රී තුමාටම........."
08 ඔටුවා
ප.ලි. සමස්තය දකින්නට ආරාධනා ................
8/20/2013
එක වගේ කවි පහක්........
සැන්දෑ අවර ගිර බැසයන හිරු සේම.
රන්දා අඳුරු සෙවනැලි සිත තුල බෝම.
මන්දෑ නුඹ ගියේ වෙනතක රහසේම.
සැමදා දවස ගෙවියන් සිත සතොසේම
~06 ඔල්මා
දිගුකල් තුටින් හිටපන් මට එයම ඇති
කුමරිය මාහට පැරදුනු පෙම් සිහින ඇති
සිය හිමි සමග පතිනිව වැජබියන් නීති
~07 මාටියා
පුන් සද අහිමි සද මා සිත් පතා සිටී
සිත් තුල කිසිත් නැත නුබ වෙත තරහ බැදී
සුන්දර සිහින පුබුදන හෙට දිනට දිලී
පෙම්බර සද වෙයන් ඔහු ලොව එලිය දිදී
~08 ඔටුවා
නෙතුපියන් වසා, මුව නගා හසරැලි
මා දුටුව සිහිනයන්,
සැබෑවී ඇත මෙලොව
සැබෑවූ ස්වප්නයේ, නුඹ වෙනකෙකුන් සමග
මා හිදිමි නෙතු අයා,
ගයා ජය ගී නුඹට....
~09 ඩොකා
නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී
~11 සොමියා
නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී
~11 සොමියා
ප.ලි.
"එකවගේ කවි තුනක්" ලෙස මුලින් පළ කල බ්ලොග් සටහන "එක වගේ කවි පහක්" ලෙස සංස්කරණය කරන ලදී.
"එකවගේ කවි තුනක්" ලෙස මුලින් පළ කල බ්ලොග් සටහන "එක වගේ කවි පහක්" ලෙස සංස්කරණය කරන ලදී.
8/11/2013
මාවතේ ජීවිත ~8~ තැඹිලි මාමා
අතෝරක් නැති
මහ වැස්සට
සේදිලා ගිය
මග දෙපස.........
අදුර කැන්දූ
වැහි වළාවන්
මුවා කරවූ
නුබේ සිනහ වත......
පායාපන් අව් රැල්ල
පොඩි උන්ට
කවන්නට
බත් කටක් ...........
08 ඔටුවා
පලි: යලිත් මහා සමාජයට පිවිසීමි. මාවතේ හමුවන ඔබ මීලග නිමිත්ත විය හැක.
මහ වැස්සට
සේදිලා ගිය
මග දෙපස.........
අදුර කැන්දූ
වැහි වළාවන්
මුවා කරවූ
නුබේ සිනහ වත......
පායාපන් අව් රැල්ල
පොඩි උන්ට
කවන්නට
බත් කටක් ...........
08 ඔටුවා
පලි: යලිත් මහා සමාජයට පිවිසීමි. මාවතේ හමුවන ඔබ මීලග නිමිත්ත විය හැක.
6/24/2013
සඳවතිය සැඟව ගියාය........!!!!!!
මල්පෙති මත වැටුන මුතු මෙන් තුෂර කැට
හිරු දුටු සැමවිටම දිදුලනා සේම
ඔබ හා ගෙවෙන හැම නිමේෂයක්ම
ගුරුමව්නි
රුවන් මෙන් වටින බවනම්
සත්තමයි................
පාසැල් සමයේ
අවසන් කඩයිම ලංවෙත්ම
ඔබේ තුරුලේ
සිප්කිරෙන් නැහැවෙන්නට
වරම් ලැබූ මා
සැබැවින්ම පින්බරය.
පෑලදිග අහස් ගැබ සිසාරා
නේක රටා මවන හිරුකුමරු
සඳවතියට නැගෙන්නට ඉඩහැර
අවරගිරින් බැසයන්නා සේම
අපද මතු යම් දිනක
ඔබෙන් වෙන්ව
පිපීගෙන එන කෑලමල් වලට ඉඩ දී
විදුබිමෙන් සමුගන්නා මතු යම් දිනක
දෙනෙත් බොඳකරමින්
ඇදහැලෙන කඳුළු බිඳු කියාවී
ඔබ මගේ දෙවෙනි මව් බව
ඉතිං ගුරුමව්නි
ඔබ හා ගෙවෙන හැම නිමේෂයක්ම
සඳවතියේ
සුන්දරයි හැමදාම...........
එහෙත් ඇයට විදුබිමෙන් නික්මෙන්නට ප්‍රථම ඒ දයාබර
ගුරුමාණියන්ගෙන් කඳුලින් බර වූ නෙතින් යුතුව
තවත් එවන්ම වූ නෙතු දහසක් මැද සමුගන්නට සිදුවූයේ
කුරිරු වූ දෛවය ඒ සදාදරනීය ගුරුමවුන් ඇගෙන්ද,
ආදරනීය මෑණියන් මගෙන්ද වෙන් කොට ගත් නිසාය...............
මායා 10
Subscribe to:
Posts (Atom)







.jpg)



.jpg)
