ගාලු මුවදොර පිටිටියම හිරු රැසින් නැහැවී ඇත්තේය. මධ්‍යහන්න තරමටම හිරුරැස් ප්‍රචණ්ඩ නැතත් සෙවනක් නොමැති නම් හිරුරැස් සම විනිවිද යන්නේය. ඒකනායක මාමා ගාලු මුවදොර පිටියේ කෙළවරක ලේන්සුව එලා ඈත ක්ෂිතිජය දෙස හිස් බැල්මෙන් බලා සිටී. දහවල තිබු උද්ගොෂණයේ වෙහෙස ඔහු වෙලා තිබුණි. කොළඹ පැමිණි සෑමදාම ගලුමුවදොරට පැමිණීම ඒකනායක මාමගේ සිරිත විය. ඒකනායක මාමා දුම්රිය නියමකයකු ලෙස සේවය කර තිබුණි. 80 ජූලි වර්ජනය ඔහුට රැකියාව අහිමි කළේය. දහවල් පැවති උද්ගොෂනයත් 80 වර්ජයින්ගේ ඉල්ලීම් දිනාගනු සදහා දියත්ව තිබුණි.
කොටුව දුම්රියපොළ ඉදිරිපස හඩ නැගු වයෝවෘද උද්ගොෂකයින් දෙස කවුරුත් බලා සිටියේ පුදුමය මුසුවූ අනුකම්පාවකිනි යි ඒකනායක මාමාට සිතේ. වසර තිහකට පෙර තමන් රත්මලාන දුම්රිය වැඩපොලෙහි ඇරැඹී සටනට සක්‍රීයව සම්මබන්ද වූ අයුරු ඔහුගේ සිතේ මැවෙන්නට වන. සටන් පාඨ කියමින් අරලියගහ මැදුර වෙත ගමන් කල අයුරු ඔහුට හොදින් මතකය. දිනක වැටුප රු 10 කින් වැඩිකරනු සටනේ මුලික සටන් පාඨය විය. මාර්ගය හරහා වැටුණු පොලිස්
(ඡායාරුපය 2012 අගෝස්තු 12 දින 80 ජුලි වර්ජකයින්ගේ උද්ගෝෂණය infolanka.com)
මාර්ග බාදක බිද දමමින් ගමන් කල අයුරු ඔහුට මතකය. කොල්ලු පිටිය මංසන්දියේදී පොලිස් බාදකය බිදිද්දී තමන්ට බැටන් පහර එල්ල කල පොලිස් නිලධාරියාව තල්ලුකර තමා බේරා ගත් රාමචන්ද්‍රන් අද ඔහු සමග නැත. රාමා අද තමන් සමග සිටියේ නම් අද දහවල් එල්ල වූ බැටන් පහරිනුත් තමා ගලවා ගන්නා බව ඔහුට සිකුරුය. රාමා ඒ තරමටම ඒකනායක මාමාට හිතවත්ය තමන් සමග එක්ව සටන් කල රාමටද රැකියාව අහිමි විය. රැකියාව වෙනුවෙන් සටන් කල රාමා, පසුව ජීවිත සටන වෙනුවෙන් පිටකොටුවේ පොල්තෙල් කඩයක සේවය කළේය. 83 කළු ජූලියේ රාමාට ජීවිතයත් අහිමි විය. රාමාට අවසන් ගමනක් කියා යමක් තිබුනේද නැත. ඔහු වැඩ කල කඩය සමගම ඔහුව පුළුස්සා මරා දමා තිබුණි. රාමගේ බිරිද පුත්‍රයන් දෙදෙනාත් සමග යාපනයට ගියේය. අදද ඔවුන් ගැන තොරතුරක් නැත. රාමගේ මතකය ඒකනායක මාමාගේ ඇස අගින් එලියට එමින් තිබුණි.
රැකියාව අහිමි වනවිට ඒකනායක මාමාගේ පුතුන් දෙදෙනා පාසැල් යමින් සිටියෝය. ඔවුන් වෙනුවෙන් මාමා කරවල මල්ලක් කරතියාන කොළඹ පිටකොටුවේ කරවල වික්කේය. පුතුන් දෙදෙනා යන්තම් වැඩී උසස් පෙළ සමත් වුවද පියාගේ දේශපාලනය නිසා රැකියාවක් නොලද්දෝය. ඒ අතර ඒකනායක මාමා ගේ බිරියද මෙලොව හරගියාය. අද මාමා ගේ පුතුන් දෙදෙනා විදේශයක සේවය කරයි. මාමා වැඩිමහල් පුතාගේ නිවසේ ලේලියත් මුනුපුරනුත් සමග සිටියි.
ඒකනායක මාමා කරවල විකුණමින් ජීවිතය ගැට ගහගත්තත් එසේ කල නොහැකි වූ, බණ්ඩාර ද මාමාද සමග එකම වකවානුවක දුම්රිය දෙපාර්තමෙන්තුව එක වූහ. ඔහුගේ ගම්පලාත නුවර කිට්ටුව බව මාමාට යන්තමින් මතකය. රැකියාව අහිමිවීමෙන් පසු බණ්ඩාර නොවිදිනා දුක් වින්දේය. ඉඩකඩම් විකුණා තම එකම පුත්‍රයාට ඉගැන්වූයේය. එහෙත් පුතාගේ අතුරුදහන් වීමෙන් පසු බණ්ඩාර ගෙ සිහිය විකල් විය. ඔහු පාරක් පාරක් ගානේ තම පුතු සෙවීය. අවසානයේ රත්මලාන අසල ප්‍රදේශයකදී ඔහු ජීවිතය දුම්රියට බාරකළේය. බණ්ඩාරගේ බිරිය කලක් මහමග සිගමනේ යෙදී සිටී අතර දැන් ඇයත් මියගොස් ඇතියි මමට සිතෙයි.
80 වර්ජනයේදී රතු හිස්වැසුම් පැළඳ ඉදිරියෙන් ගිය නායකන්ට එකනයක් මාමා තුල වූ භක්තිය රැකියාව නැතිවීමෙන් වුවද බිදකිනුත් අඩු නොවුනි. මාමා පසුව පැමිණි සෑම මැතිවරණයකදීම ඔවුන්ගේ ජය වෙනුවෙන් වෙහෙසුනේ, තමුන්ගේ රැකියාව නැවත ලබාගන්නවාට වඩා තම ප්‍රතිපත්ති වෙනුවෙනි. "ප්‍රතිපත්ථි කන්නද උබේ දේශපාලනෙන් අයින් වෙලා වරෙන් ලොකු එකාට ජොබ් එකක් හදල දෙන්නම්", මැම්බර් මහත්තය කියනවා ඒකනායක මාමාට මතකය. ප්‍රතිපත්ති වෙනුවෙන් මාමලා කැපවුණේ එහෙමය. එහෙත් එදා මාමල සටනට කැදවු නායකයන් අද රට පාලනය කරන විටත් මාමලට සලකන හැටි මතක වනවිට, එදා සෝමපාලට වැදුණු වෙඩි උණ්ඩය මට වැදුනානම් යයි මාමාට සිතේ. දහවල් බැටන් පහර එල්ල වූ විට සටන් සගයෙක් තරුණ පොලිස් බටයෙකුගේ අතින් අල්ලා කියා සිටියෙද එයමය. ඒකනායක මාමලාගේ දහදියෙන්, බණ්ඩාරලාගේ පුතුන් ගේ හිස නැති මළකඳන් වලින්, රාමචන්ද්‍රන් ලාගේ ලේ මතින් බලයට පැමිණි අයත් ඔවුන්ව රවටා තුබුණි. එහෙත් මාමාට ජීවත් විය යුතුව ඇත ඒ මාමාගේ ලොකු මුනුපුරා පසුදින පාසැල් රැගෙන යාමටය. මාමලාට කල හැක්කේද එයම පමණි ඒ වෙනුවන් මාමා ලේන්සුව ගාසා නැගිට බස්නැවතුම වෙත පිය මැන්නේය.
ගාලුමුවදොර පිටිය සවස ව්‍යායාම සදහා විවර වෙමින් පැවතුනි පැරණි පාර්ලිමේතු ගොඩනැගිල්ල ඉදිරිපස සිටින ගල් පිලිරු මහා සයුර දෙසට අත වනමින් තමාට ඔරවනු මාමාට පෙනිණි.
සුභාෂ් (ඔටුවා _ 08)
ජූලි වර්ජකයන්ගේ නොපල කථාවක්...
ReplyDeleteහරි ලස්සනට ගලපලා තියෙනවා අයියේ....
ඉක්කමනට දාන්න අනිත් එකත්....
Niyamai Malli
ReplyDeleteහරිම සංවේදි සටහනක්..මෙහෙම යුග තිබුණු බවත් අද බොහෝ දෙනකුට අමතකයි.
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
pissu pikudu .... mewa aniwa danna ona dewal... digatama liyanna. Obata jaya..!
ReplyDeleteයතාර්ථවාදී කතාවක් වගේ නේද?
ReplyDelete:)
ReplyDeleteow eka hithata wadina kathawak mchn....
ReplyDelete