3/24/2013

වේදනාව.....



ගස මුදුනේ පැණි බේරෙන රස ඵල දුටු කල 
පැණි කන්නට ඇති වූ තද සිත
උඩ පැන බිම වැටී 
රිදුම්ද කරගෙන බැරි තැන
පොලු ගසා ගල් ගසා 
ගසටද තුවාල කල පසු 
විදිනු කෙලෙස ඵලේ ඇති නියම රස

අත මානයේ ඇත ඵල 
බලනු මිස එහි රස...
නොම දත කන් පැණි කන්නට
එවිට නැත කිසි රිදුම්
ගසටද නුඹටද.....

            බට්ටා_06

Read more »

3/23/2013

සරසවි දිවිය ......



ඇද කබල් දෙක උඩ
රෑනක් නිදාගෙන
චිරි චිරි ගාන පුටුවත්
තව වැඩිකල්
ජීවත් වෙන එකක් නැහැ

ඉක්මනට රෑ ගෙවීයන්
එත් ......
ඉක්මනට උදේ වෙන්න එපා
මුළු floor එකටම ඉතුරු උන
sunlight සබන් කෑල්ල
උජාරුවෙන් බලා ඉන්නවා
අරගෙන මුණේ උලනකන්
ඊටත් වඩා පානුයි පරිප්පුයි

බිම් නිදාගන්න එක සැපයි
අම්මව වත් හීනෙන් පෙනෙයි නේ


 08 සුඩයා


Read more »

3/16/2013

සමුගැන්මට පෙර ........

                                           image - E /08 batch-hike 16-01-2010 @ හන්තාන 
පුරා සිව් අවුරුදු මතකයෙන්
සමුගැන්මට සිදුව ඇත අප සැමට
සුන්දර මේ පින්බිම
හන්තාන කදුවැටිය
නිහඩව ඇත හතර දෙසින්ම

කදුලට සිනහව එක්කල
සුසුමට ජීවය මුසුකල
ගමනට අත්වැල දිගුකල
දයාබරවූ සොයුරු කැලක්
හිතාදරවූ මිතුරු කැලක්
වෙන් වේවි අද දින
වාරු නැති දෙපයින්ම

සිවු වසකට එපිටින් ඇතිවූ
මිතු දමින් වෙලී සිටින
අප සැවොම
කදුළු රැදී නෙත් වලින්
සමුදෙවී අද දිනේ

එදා කියූ රස කතා
එදා නැගු සිනහ හඩ
අද සවන් ඇසෙනු නැත
නමුත්
අප ඔබ සැම කියූ කෙරුසැමදේ
සදාකාලික වේවි නොවේද හද තුල
හැමදාම

දයාබරවූ අදුරු මඩුල්ල
සුන්දරවූ මතක සැම
හෙට දිනේ සැගවේවි
යලිත් හමු නොවන ලෙස

අද දිනේ වෙන් වුනත්
මතු දිනක අයෙමත්
යලිත් අප හමු වේවි
එනමුත්
බැදුණු මෙ මිතුරු දම
සදාතනික වූ සොයුරුදම
රදෙවිද අප හදේ
එදාටත්
මෙලෙසින්ම

08 කැකිරි


Read more »

3/10/2013

1st year එකේ එක සවසක්.......



එය එකතරා සන්ධ්‍යාවක් විය. නැත ..... , එය සුවිශේෂී සන්ධ්‍යාවක් වුයේය. විභාගය දෑස් මානයට පැමිණ 

අත වනද්දී පළමු සමාසිකයේ අවසන් දේශනය නිමවී, අපේ සගයන් නේවාසිකාගාරයට ඇදෙන්නට වන.

ඉංජිනේරු පීඨයේ සිට අක්බර් ශාලාවට ඇති විනාඩි පහක විරාමය යකඩ මෙන් ගිනියම් වූ හදවතට , 

කලබලකාරී මනසට ගෙනෙන්නේ කවර සැනසීමක්ද?. එහෙයින් අක්බාර් ශාලාව වෙත  නොගොස්  

පේරාදෙණි - ගම්පොල මාර්ගය තරණය කලේ එයින් සති පහළොවකට පෙර හන්තාන අඩවියට පයගැසූ 

දිනයේ සිතේ තිබු සැහැල්ලුව මනසට ආරෝපණය කර ගනිමිනි. 

ගගෙන් එහාට යන මාවතේ මහා වනස් පතීන් අතර ඇවිද යන පුංචි මිනිසාට එහි හඬ රාවය ජීවිතේ 

මුල්ම වරට ඇසෙන්නට වන. අක්බර් පාලම මත සිට සමදා දකින මහවැලිය, විභාගයේ බාරද රැගෙන 

පල්ලම් බසින බව මේ පුංචි මිනිසාට දැනුනි. පේරාදෙණිය සරසවිය තැනුණු දින සිට එහි ආගිය උන්ගේ 

ජීවිතයේ දුක් කඳුළු සටුතුසිනහවන්  මහවැලි කොමලිය දකින්නට ඇති. එවන් වූ කුලකයකට අද මමත් 

අයත් බව දැනෙන කල හදවතට දැනෙන උද්දාමය හන්තාන මුදුනේ රුපවාහිනී කුලුනටත් වඩද් ඉහලට 

නැග තිබුණි.

හදවතට දැනෙන දුක , ඇස් කෙවෙනි තුල සගවාගෙන දෑස විදහා සිනාසෙන සරසවි මානව මානවිකාවන් 

අත්වැල් බැඳ , පයගසා සිටින ලොවෙන් නික්ම , තුරුසෙවනකට වී උනුන් තනන්නට වෙර දරන ලෝකය 

එකිනෙකාට කොදුරා කියද්දී , සරසවියේ පොළොන්නරුවේ ගල්කුලකට වී ජීවිතය විමසනට විය.

ඉර හඳ නොදක පුරා වසර දෙකක් උසස් පෙළ සමග ගැටී ඉන් සමත් වන පිරිසට මෙන්ම සරසවි වරම් 

ලබන්නට පින් ලද පුංචි පිරිසට එක්වූ තවත් එක් ශිෂ්‍යයෙක්, පුරා වසර හැටක් රටක් ලෝකයක් ගොඩ නැගු 

ඉංජිනේරු පීඨ සාරකෙතේ කෙතේ වැපිරූ තවත් එක බීජයක් , ජාතියට මග කියූ උපන් බිමේ ගෞරවය 

සුරැකි පේරාදෙණි පුණ්‍ය භුමියේ ඊයේ පැමිණ ගිය, අද සිටින , හෙට පැමිණෙන්නට පෙරුම් පුරන පරපුරට 

තව තවත් බෙදන්නට සෙනෙහසේ සිසිලස සරසවි මාතාව තුල තව තවත් ඕනෑ තරම් බව, ඔහුගේ සිතේ 

මැවෙන්නට වන.

පේරාදෙණි සරසවි බිමේ එදා මේද තුර ඇවිද ගිය , එදා සරසවියේ සුවද විද, ඉංජිනේරු විද්‍යාව උගත් මිනිසුන්

අතරට එක්වන්නට වෙර දරන තවත් සරවසි මානවකයකු සරසවි මාතාව තුල ජීවය ලැබූ සන්ද්‍යාව රාත්‍රියකට 

පෙරලි තිබුණි. සවස හිරු බැසගොස්, රාත්‍රී අන්ධකාරය මත විභාගයේ සෙවනැල්ල පතිත වන බ දැනුනි. ඉතින් 

යලිත් අක්බාර් ශාලාව වෙත.         



ඔටුවා_08 

ප.ලි.
EngEx 2010 ප්‍රදර්ශනයේ සමරු කලාපයට පළමු වසරේ ලද සත්‍ය අත්දැකීමක් ඇසුරින් සකසන ලදී. සරසවි ජීවිතයේ අවසන් සමාසිකය ආරම්භ වන්නට ආසන්නයේ ආපසු හැරී බැලීමකදී පොත් අතර තිබී හමු වුනි. යම් කරුණු  බොළඳ බවක් දැනුනද ඒවා ඉවත් නොකළේ වසර 3 කට පෙර පළමු වසරේ සිසුවාට අද අවසන් වසර සිසුවාගේ සිතුවිලි වලින්  බලපෑමක් වේ යයි සිතුනු නිසාය .

Read more »