3/16/2013

සමුගැන්මට පෙර ........

                                           image - E /08 batch-hike 16-01-2010 @ හන්තාන 
පුරා සිව් අවුරුදු මතකයෙන්
සමුගැන්මට සිදුව ඇත අප සැමට
සුන්දර මේ පින්බිම
හන්තාන කදුවැටිය
නිහඩව ඇත හතර දෙසින්ම

කදුලට සිනහව එක්කල
සුසුමට ජීවය මුසුකල
ගමනට අත්වැල දිගුකල
දයාබරවූ සොයුරු කැලක්
හිතාදරවූ මිතුරු කැලක්
වෙන් වේවි අද දින
වාරු නැති දෙපයින්ම

සිවු වසකට එපිටින් ඇතිවූ
මිතු දමින් වෙලී සිටින
අප සැවොම
කදුළු රැදී නෙත් වලින්
සමුදෙවී අද දිනේ

එදා කියූ රස කතා
එදා නැගු සිනහ හඩ
අද සවන් ඇසෙනු නැත
නමුත්
අප ඔබ සැම කියූ කෙරුසැමදේ
සදාකාලික වේවි නොවේද හද තුල
හැමදාම

දයාබරවූ අදුරු මඩුල්ල
සුන්දරවූ මතක සැම
හෙට දිනේ සැගවේවි
යලිත් හමු නොවන ලෙස

අද දිනේ වෙන් වුනත්
මතු දිනක අයෙමත්
යලිත් අප හමු වේවි
එනමුත්
බැදුණු මෙ මිතුරු දම
සදාතනික වූ සොයුරුදම
රදෙවිද අප හදේ
එදාටත්
මෙලෙසින්ම

08 කැකිරි


3 comments:

  1. තව සති 15 යි ඉතුරු වෙලා තියෙන්නේ කියල හිතෙනකොට කියා ගන්න
    බැරි මොකද්දෝ යමක් පපුවේ හිර වෙලා වගේ දැනෙනවා.

    බොහොම අපුරුයි කැකිරි......!!!!

    ReplyDelete
  2. ජිවිතය කියන්නෙ ඔකටම තමයි එත් ඒ මතකය සදා කල් හදෙ කොනක තැන්පත් වෙලා තියෙවි

    ReplyDelete
  3. ආ මග කෙටියි යායුතු දුර බොහෝය .සිහිනුවණින් යයුතුවේ ...

    ReplyDelete