10/25/2011

ජීවිතේ ගැන කෙටියෙන්ම.......


ලස්සනම සිහින,
සුන්දරම බලාපොරොත්තු,
සතුට,
විතරක්ම පුරවපු
සංතෘප්ත අනාගතයෙන්.....

එක එක අරගෙන
බර වැඩ් කෑලි කපල අයින් කරලා
අන්තිමේට,
පුලුවන් විදිහකට අටවගෙන
වර්තමානය නම්වූ ඒදන්ඩ දිගේ.........

කොච්චර සතුටු දායක වූවත්,
කොච්චර දුක් දායක වූවත්,
ආයෙත් කවදාවත් කොහොමටවත් නොලැබෙන
අතීතයට යන ගමන.........


බට්ටා_(06)

Read more »

10/24/2011

නයි වගේද ඇනකොන්ඩා ? (පැරණි සහෘද කලා කව සාමාජිකයෙක්ගෙන් II)

නිවාඩු පාඩුවේ සෙස්ස ලියන්නම් කිව්වට මොකද පහුගිය ටිකේ පාඩු මිසක් නිවාඩුනම් තිබුනෙම නෑ. නිවාඩු දවසේ අධ්යාපන ප්රතිසංස්කරන ගැන සම්මන්ත්රනයකට කොළඹ ඇවිල්ලා හරබර ( to be precise:  හරි බර) දේශනාවක් මැද නින්දත් නොනින්දත් අතර හිත ඔංචිලි පදින අල්ල පනල්ලේ "සෙස්ස" ලියවුනා.   

"කූඹියාට හුජ්ජ පොදත් ගංගාවක්ලු". එහෙම කිව්වේ අවුරුදු 96 ක් වයසැති අපේ අත්තම්මා. පලවෙනි පඩිය අතට අරගෙන ගෙදර ගිහින් හීනියට නයා පාරක් දාන්න ගිය වෙලාවෙ තමයි උන්දැගෙන් කණ පිරෙන්නම ඔය උපහැරනේ අහගත්තේ. කවුරු කවුරුත් ඉතින් කොට නයි, දිග නයි, පත නයි ඇතුළු මෙකී නොකී නයි අරිනවා. පෘතග්ජනයෝ හැටියට ඉඳලා හිටලා ඉතින් ඔය පොඩි නයි පැටියෙක් කාරිය අරින එකේ හැටි ඇති වරදකුත් නෑඒත් සමහරු නම් අරින්නේ නයි නෙවෙයි, ඇනකොන්ඩලාමොකද අන්තිමේදී කාට කාටත් ඇණයක් වෙලා තමයි නවතින්නේමේ නයි ඇරිල්ලල්ට ගිහින් දාන පොඩි ෂෝ කෑළි ( to be precise:  මේකෙ පොඩි කියන වචනෙ "ස්වර වියුක්තිකරණය" කරලා, කිව්වේ ඉස්පිලි පා පිලි හලලා ගන්න) නම් වෙලාවකට මහා කන්දොස්කිරියාවක්. මේ කතාවත් එහෙම නයි කරදරයක් ගැන. හැබැයි එක දෙයක්. මේවා ලියන්නේ කාටවත් මඩ ගහන්න එහෙම නෙවෙයි ඕං. ඇඟට පතට නොදැනීම ජීවිත යන්තරේ පින්තාරු කරන ගමන් මේ ගොරහැඩි ජීවිත යන්තරේ ගති සොබාව ගැන  මොනවා හරි දෙයක් එකතු කරගන්නයි.

දවස්වල අපේ ටු සංගමයේ හිටපු ප්රබල සාමාජිකයෙකුට අන්තිම අවුරුද්ද විතර වෙනකොට හිතුනා ටු සංගමයෙන් අස්වෙලා ටු කන සංගමයට බැඳෙන්ට (ටු සංගමයේ සාමාජිකත්වය අහෝසිවූ විට ඉබේම ටු කන සංගමයේ සාමාජිකත්වය ලැබේ). දවස් ගාණක් අක්බාර් පාලම උඩින් එහාටයි මෙහාටයි දුවලා පැනලා කොහොමින් කොහොමින් හරි වෙලාව ඇහුවත් "හා අයියා, මං මනාපයි" කියපු ස්තිරියාවකුත් ලං කරගත්තැයි කියමුකෝ. එදා ඉඳන් අනෙක් උන්ට කණක් ඇහිලා ඉන්නනම් බැරි වුනා. කතා කරන වචනයක් ගානේ නයි පැටවු දුසිමක් විතර විසිවෙනවා. මං හිතන්නේ ඉස්කෝලේ යන කාලේ අර සුප්රසිද්ධ  මැක්කා රචනාව ලියන්න ඇත්තේ එකත් එකටම මේ මනුස්සයා වෙන්න ඇති. මොකද මනුස්සයා එක්ක කොහෙන් කතාවක් පටන් ගත්තත් අන්තිමේදි අර ගෑණු දරුවා ගැන වාක් රචනාවකට ඇහුම්කන් දෙන්න වෙනවාටික දවසක් යනකොට "කොමෙන්ට්රිය" මල්ටිමීඩියා වුනා. කිව්වේ විස්තර ප්රචාරයට අමතරව අර ළමයාගේ ෆොටෝ එකකුත් පෙන්නන්න ගත්තා. විතරක් නම් මදෑ. ඒක පෙන්නන ගමන් මනුස්සයා අහනවා "මචං කොහොමද? හරියට රමනී (ර්)‍තෝලමියුස් වගේ නේද?"  රමනී (ර්)‍තෝලමියුස් කිව්වේ කාලෙ හිටපු ඇහැට කණට පේන නිළියක් (කවුරු හරි ඇත්තෙක් දන්නවානම් කණට පේන්නේ කොහොමද කියල දන්වා එවන්ට). මේ සිද්දිය වෙනකොට ඇත්ති මැරිලා ( to be precise:  මරලා) මාස තුනක්වත්  ගතවෙලා තිබුනේ නෑ. ඉතින් අර ප්රශ්නෙට කවුරුවත් උත්තර බඳින්න ගියේ නෑ. මොකද නෑ කිව්වොත් අපේ මනුස්සයා මැරෙන්න හදනවා. ඔව් කිව්වොත් මැරුනු රමනී වළෙන් නැගිටලා එන්න ඉඩ තියෙනවා. ගෙදර ගියොත්තෝ නසී, මඟ හිටියොත් අඹු නසී.

දවස්වල කලා කවයේ සංස්කාරකතුමා හැටියට හිටියේ බහිතා. බොහොම ඇසූ පිරූ තැන් ඇති, පෑනෙන් හොඳ හොඳ සෙල්ලම් දාපු අපේ මනුස්සයෙක්. උන්නැහේගෙ පෑන වගේමයි කටත්. මොනවා හරි කිව්වොත් ඉතින් ආයෙ දෙකක් නෑ, රොබින්හුඩ්ගෙ ඊතලයක් වගේ තමයි, වදින්න ඕන තැනටම වදිනවා. සමහර වෙලාවට රොබින්හුඩ්ගේ ඊතලයක් වදින අයට බව තේරෙන්නෙ සෑහෙන වෙලාවක් ගිහිල්ලා. බහිතගේ වචනත් වගේ තමයි. සමහර වෙලාවට සතියක් විතර ගියාට පස්සේ තමයි එකපාරටම කියවෙන්නේ "යකෝ මූව තියන්ට වටින්නේ නෑනෙ" කියලා. ඉතින් දවසක් බහිතත් සුපුරුදු පරිදි තමන්ගේ කලා කවයේ පරිවාර සේනාවත් එක්ක තෙල් බැම්ම උඩට වෙලා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඉන්නවා. අපේ හිටපු ටු සාමජිකයාත් තමන්ගේ ප්රියම්බිකාව කැදැල්ලට වඩම්මලා  යන ගමන් ඔතන නතරවුනා. සුපුරුදු විදියට කතාව වෙනදා point එකටම කේන්ද්රගත වුනා. ටිකකින් ගත්තා ෆොටෝ එක. සුපුරුදු ප්රශ්න දෙකම ඇහුවා.  "මචං කොහොමද? හරියට රමනී (ර්)‍තෝලමියුස් වගේ නේද?" බහිතත් ගත්ත කටටම කිව්වේ නැතැයි "ඔව් මචං, මෙයානම් රමනී වගේමයි" කියලා. ඒක ඇහුනා විතරයි, අපේ මනුස්සයා බහිතාව අල්ලලා ඉම්බේ නැතිවා විතරයි. කෘන්තක, රදනකවිතරක් නෙවේ චාර්වක, පුරස්චාර්වවක දතුත් පේන විදියේ හිනාවකුත් දාගෙන, මනුස්සයා කියනවා, "දැක්කද, උඹ වගේ කලාකාමී හදවතක් තියෙන එකෙකුට විතරයි කෙල්ලෙකුගේ නියම ලස්සන පේන්නේ" කියලා. දැන් ඉතින් සේනාවම තක්කු මුක්කු වෙලා බලන් ඉන්නවා. සමහරුන්ට මළ පැනලා . හැබැයි අපේ නවක පෙම්වතාගෙනම් මූනෙන් මල් පනිනවා. ඔය අතරේ බහිතා ඇඟට පතට නොදැනී මෙහෙම කිව්වා. "මේකයි මචං, මම කිව්වේ දැන් රමනිව වලෙන් ගොඩ ගත්තොත් මේ වගේ ඉඳීවි කියලයි". අපේ මනුස්සයා අතුරුදහන් වෙන්ට නැනෝ තත්පරයක්වත් ගියේ නෑ.

පසු සටහන:
දික්තලා කාලගෝල නාඩගම ඉවරවෙලා දික්තලා දික්පිටියත් එක්ක පිටත් වෙලා යනකොට පරාජිත (?) කාලගෝල සභාවෙන් මෙහෙම අහනවා. "මට වෙච්ච දේ දැකලා උඹලා මට මෙච්චර හිනා වෙනවානම්, උඹලාට වෙන දේවල් වලට කොච්චරනම් හිනා වෙන්න ඕනද ?". අපටත් කොච්චර නම් ඔය වගේ අකරතැබ්බ වෙනවද ? සල්ලිකාරකම්, බල පුලුවන්කාරකම්, ආචාර්ය මහාචාර්ය පට්ටම් ප්රදර්ශනය කිරීමේ ඉඳලා faculty of engineering කියලා T-shirt එකක ගහගෙන උජාරුවට පපුව ඉස්සරහට දාගෙන පාරෙ බැහැලා යන එක දක්වාම තියෙන්නේ එකම කතාන්තරයක එක එක පැති කියලයි මටනම් හිතෙන්නේ. කවුරුවත් වැරදියට ගන්න එපා, මම ඒවා විවේචනය කරනවා කියලා. මොකද අපි හැමෝම අඩු වැඩි වශයෙන් දේවල් කරනවා. හැම දේකම මුල මේ ගොරහැඩි යන්තරේ පින්තාරු කරන්න අපි දඟලන දැඟලිල්ල වෙන්න පුළුවන්.

ජනක විජයකුලසූරිය
               




   

Read more »

10/13/2011

පැරණි සහෘද කලා කව සාමාජිකයෙක්ගෙන්

E-ලෝකයට අත්පොත් තබමින් ඉංජිනේරු පීඨ කලා කවය විසින් අරඹන්නට යෙදුණු "පින්තාරු වූ යන්තර" තීරුවට අපේ පැරණි සහෘද කලා කව සාමාජිකයින්ගෙන් ලැබෙන සහයෝගය අපි හෘද්යාංගමව බලාපොරොත්තු වෙමු.

මමනම් ඉතින් "පැරණි සහෘද කලා කව සාමාජිකයෙක්" මත් නොවෙයි. ඒත් ඉතින් ඔන්න ආරාධනය පිලි ගත්තා.
ගිය සතියෙත් අළුත් නැවක් කම්මලට සේන්දු වුනා. හැමදාමත් වගේ අළුත් මූණු, අළුත් බලාපොරොත්තු, ෆැකල්ටියේ හැම මුල්ලකින්ම එබිකම් කරනවා. දන්නෙම නැතිව මගේ හිතත් අවුරුදු විස්සකින් විතර එහා අතීතයකට ඇදිලා යනවා. සීතලෙන් පිරුනු මාර්තුවේ එක දවසක තල් වැට අස්සෙන් ඉර එළිය විදින වෙලාවක හෙමින් හෙමින් ෆැකල්ටියට ඇදුනු පෙරහැරේ කොනක මාත් හිටියා. අවුරුදු දෙක හමාරක්ම ගෙදරට වෙලා ඉඳලා අපේ කකුල් විතරක් නෙවෙයි මොලත් හිරි වැටිලා වගෙයි. අවුරුදු දෙකක්ම එක පංතියේ පිස්සු නටපු එකට බස් එකේ ගිය, අන්තිමේදි එකට සරසවියට තේරුනු පොළොන්නරුවේ ඌරාව (නිශාන්ත) මතකයට ආවත් අමාරුවෙන් හිර කරගත්තා. පහු කරපු කාලකන්නි කාලෙක කාටවත් නොකියාම මේ ලෝකෙන් සමුගත්තු දහස් ගණනක් අතරට නිශාන්තත් එකතු වෙලා කියලා වෙනකොටත් දැනගෙන හිටියා. ඒත් ඉතින් හැමෝටම වගේ එහෙම අත්දැකීමක් තිබුනා

අද වගේ තොරන්, පිලි ගැනීම් මොකුත් නෑ, අපි ෆැකල්ටියට ආවා. එච්චරයි. ඉන් පස්සේ කෙලින්ම ඉංග්රීසි පරීක්ෂණයට. ඒක ඉවරවෙලා ලියා පදිංචියට ආයෙ හවස දෙකට. එතකන් කරන්න දේකුත් නැති නිසා  නුවර පැත්තෙවත් රවුමක් ගහලා එන්න හිතාගෙන එළියට බැස්සා. මගෙත් එක්කම තවත් කුරුණෑගල පැත්තේ නාඳුනන චරිතයක් එකතු වුනා. පස්සේ කාලෙක ඉංජිනේරු පීඨ කලා කවයේ මුල් පුටුව හොබවපු, අදටත් හිටපු ගමන් කලා කවයේ ෆ්ලෙක්සිබල් කියන නමෙන් ලියපු කවි පලවෙන ලෙබ්බේ (රුවන් රත්නායක). දෙන්නටම අඩි දහයක්වත් යන්න ලැබුනේ නෑ. ඉංජිනේරු වැඩපල හරියෙදි එක සැරේම අපි ඉස්සරහ ප්රාදූර්භූත වුනේ ජේ්යෂ්ඨයෙක්. "කොහෙද මේ මල්ලිලා යන්නේ. එන්න මගෙත් එක්ක කැන්ටිමට යන්න" (සැ.යු: ඉහත දෙබස පල කල හැකි අයුරින් සංස්කරණය කල බැව් කරුණාවෙන් සලකන්න). ඉන් පස්සේ ලෝකෙ දිගම කොරිඩෝරය දිගේ ගයිඩඩ්ටුවර් එකක්. එන අතරමඟදී ජීවිතේට අහල තිබුන නැති වචන ටිකකුත් මගේ ශබ්දකෝෂයට එකතු වුනා. කැන්ටිම ළඟට එද්දී එක සැරේටම ඇහැ ගියේ වීදුරු බිඳුනු (ඇතෙන්ම කියනවානම් බිඳපු), ඉරිලා කහ ගැහුනු, කවිකොල ටිකක් එල්ලිලා තිබුනු දැන්වීම් පුවරුවක්. "කලා කවය". කැඩිලා කෑලිවෙලා තිබුනු රෙජිෆෝම් කෑල්ලක එහෙම තිබුනා. දැන්වීම් පුවරුව, ළඟ අවුරුදු කිහිපය ඇතුලේ ජීවිතේම කොටසක් වෙයි කියලා එදානම් නිකමටවත් හිතුනේ නෑ. ඉන් පස්සෙ ගතවුනු අවුරුදු විස්සෙදි වටා බැඳුනු සුන්දර මිනිසුන් බොහොමයි. බිඳුනු කලා කවය බැඳුනු කලා කවයක් බවට පත් කරන්නට දහදිය හෙලපු, දරදිය ඇදපු සුන්දර මිනිසුන් වටා ගෙතුනු කතාත් තරම්ම සුන්දරයි. ඉතින් නිවාඩු පාඩු ලැබෙන වෙලාවට කතා ඉදිරිපත් කරන්නම්. අද වෙනකොට ලෝකෙ සිව් කොනේම විසිරිලා ඉන්න අය ආයෙත් එකතු කරලා ඉදිරි පරම්පරා වලටත් රසය බෙදා දෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
.ලි: ඒකෙන් මේකෙන් කැන්ටිම ඇතුලෙදි වුන දේවල් ගැන ලියන්න බැරි වුනානෙ. මොනවද ඉතින්, ෆන් තමයි ! සෙස්ස පස්සට.
ජනක විජයකුලසූරිය (කලා කවය හිටපු සංස්කාරක, 91/92 සහ 92/93)

Read more »