හිරු රැස් වැටී නුඹ සියොලඟ දිළිසෙනවා
මද සුළඟකින් නුඹ කෙහෙරැලි සෙළවෙනවා
කිංකිණි නඳින් නුඹ සවනත පුරවනවා
සියුමැලි කුමරි නුඹ යළි මා හඬවනවා
නාදළු සදිසි රත් තොල් පෙති සෙළවෙනවා
නාපෙති සදෙසි අරුමැසි වත දිළිසෙනවා
ලාලිත ගමන මා සිත් තත් හඬවනවා
මිහිබට දෙවුලී කිම නුඹ මා කළඹනවා
විගසින් බියෙන් මෙන් බලමින් විමසිල්ලේ
සුදු මුදු දෙපා තබමින් නුඹ අරුණැල්ලේ
එනවිට සිනා සළමින් ,රුදු ගිනිදැල්ලේ
උන්නා වගෙයි දැනුනේ ඇත්තයි, කෙල්ලේ
සිත් තත් වැයුනි මා සරිලන් නැති හන්දා
පායුග සැළුනි නුඹ රන්වන් රුව හන්දා
සියුමැල තරුණි නොම ලැබෙනා පෙම හන්දා
දෙනයන පිරුණි කඳුලින් වැසි වට හන්දා
ලෙල්ලා 9
දුක තමයි මල්ලි !!
ReplyDelete