3/12/2012

නුඹ...





දිවිමගේ එක් තැනෙක
හමුවෙලා හිටි හැටිය
අරුත්බර හෙට දිනෙක
ළහිරු රැස් විඳින්නට
අවැසි දිරි බල නිතින
පුදන මියුලැසිය නුඹ...

සියක් සියොතුන් සරන
නුබෙත් තනි වූ විටෙක
නෙතඟ රැඳි සීතලට
උණුහුමක් කැන්දන්න
ක්ෂිතිජයෙන් එහා සිට
අවැසි දිරි බල නිතින
පුදන මියුලැසිය නුඹ...



ඇස පිනන සිත පිනන
නිමේෂයකදි ගෙවෙන
හදෙහි සෙවනැල්ල
ඈතක කියා සිත හඬන
සුසුම් පොද නිවාලා
මුවකමල සනහවන
අවැසි දිරි බල නිතින
පුදන මියුලැසිය නුඹ..


මධුර   

3/09/2012

අරමුණු(Targets)


උපෙ අවසන්ව
පා තබන විට
කම්මල් දොරටු අභියස
තනි නොවූවෙමි
අරමුණු රුසක්
සිටියා මා වටකර
තුනයි පහක් අතැතිව
තිබූ කල එහි දෙවැනි පියවර
පියගැට පෙලේ වූ
ඇණයක පැටලී පය
වැටුණා බව දැනෙයි මට
නැගිටින්නට අත දේ යැයි
සිතා දිගු කල විට මා දෙඅත්
දැනුණා මට එවිට
මා සමග ආ අය
හැර ගොසින් බව
මගේ වරදින්ම

දළබුවා‘9