5/03/2014

රොබරෝසියා හෙවනට යටින්..........෴


.
.
.
හෙමින් ඇවිදින් මගෙ ලොවට
පෙම් සුවඳ තවරයි හිත් කොනක
නිසංසල හද අසපුවක
ලැගුම් ඕනද සඳ නුඹට

නුඹෙ සෙනෙහෙ මුසුකර එවන මදනල
දැවටිලා මගෙ සිඹියි නළලත
මුළු දවස තිස්සේ........දන්නවාදෝ.........
හිඳිනවා අපෙ පිය ගැටෙනකන්
අක්බාර් පාලම මග බලන්

හද නිදන්කල සොඳුරු පෙම් කව
ගයන්නද මට කියන්නේ නුඹ
තරු දෑස අස්සේ........ඇරයුමක්දෝ.........
රොබරෝසියා හෙවනට යටින්
හෙට ඇවිදින්න මල් පෙති මතින්
.
.
.
.

෴ තෙපී10 ෴