2/18/2016

මට සමාවෙන්න..

ඔබ ගිය පාරේ 
නොගිහින්
සංසාරේ තව දික්කරගන්න හිතුවේ, ජීවිතේ දුකක් බව නොතේරුණ කමට නොවෙයි.. අතහැරුම කහ සිවුරු විසදුම බව නොදැන නොවෙයි ඒත් ! "අපට ඉන්නේ උබ විතරයි" කීවම ඒ ඇස් වලට ආපු කදුලු බල බල
මහණ වෙලා නිවන් මග හොයනට වඩා ඒ මුණුවලට සතුටක් ගේන
එක පිනක් කියා
දැනුන නිසයි..

Read more »

11/08/2015

ආකල්පය...

සමහර උන්
මැරෙණ බව දැනගෙන
ජීවත් වෙනවා
සමහර උන්
මැරෙන් නෑ කියල හිතන්
ජීවත් වෙනවා
මේ අතර ගොඩක් උන්
ජීවිතේ ඇතුලේ
මරණෙ හොයනවා
ඒ අතර
ටිකක් උන්
මරණෙ පෙනි පෙනී

ජීවිතේ හොයනවා

Read more »

10/24/2015

නෙලුම් පොකුණ (ප්‍රබන්ධ)



සවස උදා වී තිබුනද සුපුරුදු ලෙසම දිගු සෙවනැලි අතරින් නෙලුම් පොකුණ දෙසට ගමන් කරනවා. අතර මග පාලු වුවද නෙලුම් පොකුණ අසල සිමෙන්ති පඩි මත තවමත්  මිනිසුන් පිරි ඉන්නවා මට පේනවා. වෙනදා නැති කලබලයක් ඔවුන්ගේ මුහුණු වල  ඇදිල තියනවා . "තවත් එකෙක් පොකුණට පැන්න " කෙනෙක් කියනවා මට ඇහෙනවා.  පොකුණට පැන්න එකට මෙච්චර කල බල වෙන්නේ මොකටදැයි මට හිතනවා. උදේ හවහ නෙලුම් පොකුණ පහුකරන් ගියාට කවදාවත් ඒ පැත්තවත් නොබලාපු මට අදවත්  ගිහින් පොඩ්ඩක් බලල අවොත් හොදයි නේද කියල මගේ හිත කියනවා . ඉදහිට්වත් වහනයක් නැතිමුත් වමයි දකුණයි දෙකම බලල මමත් පාර මාරු වෙනවා.  පොකුණක් කියා කීවට මහා පාරට දිස් උනේ අඩි 20ක ටත් වඩා උස්වුණු පොකුණේ බැම්මත් බැම්මට නගින පඩි පෙළත් පමණී. පොකුණේ සිරි නරබන ඕනෑම කෙනෙකුට මේ බැම්මට නගින්න සිද්ද වෙනවා. පොකුණේ සිරි කෙසේවෙතන් පොකුණට පැනපු මනුස්සයට මොකෝ උනේ කියල බලන කුතුහලය මට බැම්මට නගින්න කියනවා.

ලිහල බලන්න තියන මල්ල ඔබල බලන එක අපේ සිරිතක් උණු නිසාමද මන්ද මමත් පඩි පෙළ නගින්න කලින් එතන හිටපු කෙනෙක්ගෙන් කව්ද පොකුණට පැන්නේ කියල අහනවා.  හරි පුදුමයක් ඔහුගේ මුහුණේ කිසිම ප්‍රශ්නය ලකුණක්වත් නැහැ කියල මට පෙනෙනවා. මේ පොකුණට පනින එක අලුත් දෙයක් නෙවි මල්ලි මේක හදපු දා ඉදලම මේකට සින්දු කියන අය රගපාන අය ක්‍රීඩකයෝ පත්තර වල රේඩියෝ වල වැඩ කරන ය පනිනවා එක අලුත් දෙයක් නෙවෙයි කියල ඔහු කියනවා. පොකුණ බලන්න තිබුණු ආසාව දැන් නම් දෙගුණ තෙගුණ වෙලා කියල මට දැනෙනවා. පරණ සිංහල මලිග්වල දකින්න තියන විදියේ ලියකම් කැටයම් වලින් පිරිලා තිබ්බ පඩිපෙළ මම නගින්න පටන්ගන්නවා. කිලෝ මීටර සියගණනක් ඈතින් පිහිටි සීගිරි  මාලිගා පරිශ්‍රය බොහොම අපුරුවට පෙනෙනවා. ඉසුරුමුණි පෙම් යුවල අත්වැල් පටලන් තිසා වැව් ඉස්මත්තේ ඇවිදින්න යනවා ඈතින් දිස්වෙනවා.
 කෙමින් කෙමින් ඉහලට යනවිට කලාවේ ආශ්වාදජනක සිතුවිලි සමුදාය සිහිල් සුළගත් එක්ක ගසාගෙන යනවා. කවදාවත් නොදැනුනු විදියට බඩ යමක් කියන්න උත්සාහ කරනවා කියලා මට දැනෙනවා. ඔව් බඩ ගින්නක් ඇවිත් වගේ කියලා මට දැනෙනවා.  කමක් නැහැ බඩගින්න වගේද කලාව කියල අයෙත් හැරිලා බලන්න මට හිතෙනවා . කලාව සාහිත්‍ය  කන්නද වයසක සීය කෙනෙක් මගෙන් අහනව සීයාගේ ලොකුම ලොකු නහය මට සීයව මතක් කරලා දෙනවා.  තිසා වැව පැත්තෙන් ඇසුණු වෙඩි හඩක් නිසා මම අයෙත් ඒ පැත්ත හැරිලා බලනවා , ඉසුරුමුණියේ පෙම්වතා වෙඩි වැදුනි පපුව අල්ලන බිම වැටෙනවා. පෙවතියව කෙනක් කුදලාගෙන වාහනයකට පටවනවා මට පෙනවා. සීගිරි අප්සරවොත් කකුල් අතපය බැදලා ඒ වාහනෙම හිරකරගෙන ඉන්නව මට පේනවා. ආපස්සට දුවල ගිහින් උන්ව බේරගන්න ඕනේ කියල මගේ හිත කියනවා. එත් මගේ කකුල් දෙක හොලව ගන්න බැරි තරමටම නෙලුම්පොකුනේ ගල්පඩි වල ඇලවිල. පඩිවල තිබුණු ලිය කම් කැටයම් අතුරුදහන් වෙලා කියල මට පෙන්වා. සීය කිව්වා කතාව ඇත්ත කලාවෙන් බඩ පිරෙනවයකියලද මමත් කෑමක් ළග පාත තියනවද කියල හොයල බලනවා.
රස නහර පිනා යන බැදුම් සුවදක් නහයේ හැප්පෙනවා කියල මට දැනෙනවා. පුංචියට තිබ්බ බඩගින්න බොහොම සැරට දැනෙන නිසා මමත් ඒ දිහාවට පය තියනවා.  කාලයක් තිස්සේ දකින්නට ආස කරපු බෙරුන්ඩ පක්ෂ්යෝ කුඩු වලට දාල තියනව මට පේනවා. මොන අපරාදයක්ද ඩෙවල් කරපු බෙරුන්ඩ කුරුළු මස් ඉහල මාලයේ අලෙවි වෙනවා.  බඩගින්න වැඩි කමට මමත් එතනට කිට්ටු වෙනවා. පොඩ්ඩක් නවතින්න බොහොම ගැබුරු හඩක් මාව ආමන්ත්‍රණය කරනවා මට දැනෙනවා. උබට කොච්චර බඩගිනිද කියල මම දන්නවා එත් කන්න එහෙම නැහැ ඔය බැදුම් ආයේ මේ පඩි පෙළ බැහැල පලයන්....... යකඩ දම්වැල් වලින් බැදලා දාපු වයසක මනුස්සයෙක් මට කියනවා. මොකක් හෝ හුරු පුරුදු කමක් ඒ මනුස්සයගේ තියනවා කියල මට දැනෙනවා. මේ බලපන් මෙතනට එන ගොඩ දෙනෙක්ට මම කිව්වා ඔය බැදුම් කන්න එපා කියල උන් ඇහුවේ නැහැ. පේනවා නේද උන්ට වෙලා තියන දේ උන් මමත් ඔහු පෙන්වූ දිහාවට හැරිලා බලනවා. බොහොම සතුටින් ඉන්න මිනිස්සු කොටසක් මට පෙනවා. උබට පේනවා ඇති උන් සතුටින් ඉන්නවා වගේ ලං වෙලා බලපන් උන්ගේ මුහුණු දිහා. මම තවත් ඕනා කමින් බලනවා. සත්තකින්ම අ මුහුණු මොකක් හෝ මාය්වකින් පිරිලා. උන් හිනා වෙන්නේ නැහැ හැබැයි උන්ගේ මුහුණේ හිනාව පිරිලා. උන්ගේ ඇස වල වේදනාව උතුරුනවා හැබැයි ලංවෙලා බැලුවේ නැත්නම් පෙන්නේ උන් ගේ ඇස කාන්තියෙන් දිලිහෙනව වගේ. කියාගන්න බැරි වේදන්වක් උන්ට තිබ්බ. උන් අඩන්න හැදුවත් ඈතට පෙනෙන්නේ උන් හයියෙන් හිනා වෙනවා වගේ පුදුමාකාර මායාවකින් උන්ගේ වේදනාව හංගල තිබ්බ. මගේ බඩගින්න නැතිවෙලා මොකක්දෝ බයකින් මාවත් වැහිලා යනවා වගේ මට දැනෙනවා.
උබ මෙතනින් අපහු බැහැල යන්න ඕනේ නැතිනම් උබට වෙන්නෙත් මේ ටිකම තමා. ගිහිල්ල අර පඩි පෙළ පාමුල මේ පොකුණට නගින්න පොරකන උන්ටත් මෙටික කියා දීපන්. මේ පොකුණ මහා මාය්වක්. එත් මේ පොකුණ හැදුවේ ගොඩක් අයගේ මහන්සියෙන් නේ මම ඔහුට උත්තර දෙනවා. ඔව් උන් මහන්සියෙන් හැදුව පහල පඩි පෙළ බලාපන් අර පොකුණ දිහා පළමු වතාවට මමත් පොකුණ දිහාවට හැරිලා බලනවා. කොහෙන්දෝ ආපු කුණු  ගදක් මගේ නහයේ හැප්පෙනවා. ඔය ඉන්නේ මේ පොකුණ හදපු දවසේ ඉදන් පොකුණ සැපයි කියල හිතාගෙන ඇවිත් බෙරුන්ඩ බැදුම් කාල මත්වෙලා පොකුණට පැනපු උන්ගේ මළකුණු. ඔය අතරේ තියනවා පොකුණ ලගදි පොකුණේ මායාව තේරුම් අරන් ආපහු හැරිලා යන්න හදාපු උන්. උන් මෙතන ඉදන් කෑගහල කිව්වා පොකුණේ මායාව ගැන, උන්ව කකුල් දෙකෙන් අල්ලලා මේ පොකුණට තාල්ලු කළා. මෙතන තව කෙනෙක් හිටිය කලින් උන් එයාව පොකුණ විවෘත කල දාම රෑ පොකුණට තල්ලු කළා. අර තියෙන්නේ ඔහුගේ කබාය. පරණ කෝට් බෑයක් පොකුණේ කෙළවරක රැදිලා තිබුන මට පෙනෙනවා. උන් දැනගත්ත මමත් මේකට සම්බන්ධයි කියල හැබැයි උන් මාව තල්ලු කලේ නැහැ මාව ගැට ගහල දැම්ම. මාව මුළු රටම දැනගෙන හිටිය ඒ නිසා උන්ට මාව පොකුණට තල්ලු කරන්න බැරි උන. අර පහල ඉන්න මිනිස්සු උන්ට විරිද්ද වේවි කියල උන් බය උනා. හැබැයි උන් ඇත ඇරියේ නැහැ උන් ඒ මිනිස්සුන්ට මම මම මහා නාස්ති කාරයෙක් කියල ඔප්පු කරන්න හදනවා. ඒ මිනිස්සු මම වැරදි කාරයෙක් නිකමෙක් කියල හිතනකන් මාව මෙතන තියල තියනවා. උන් එහෙම හිතපු දවසට මාවත් පොකුණට දානවා. මගේ මිත්‍රය ඔහුව ගොඩක් ය දැනන් හිටියේ නැහැ. ඉතින් ඔහුව උන් පහසුවෙන්ම පොකුණට දැම්ම.
ඒ කවුරුද මම ඔහුව අදුරනව ඇති. කියන්න ඔහුගේ නම මම ඔහුගේ නම අහල තියෙන්න පුළුවන්. මම කියනවා. ඔහුගේ නම තමා අර පුවරුවේ තියෙන්නේ ......... පොකුණ මාවත මම පුවරුව හඩනගා කියවනවා. නැහැ දරුවා එක නෙවයි ඔය කඩල බිම දාල තියන පුවරුව. ආනන්ද ....... ස්වාමි එහෙනම් ඒ ඔහු එතකොට ඔබ කවුරුද මගේ ඇස පුදුමයෙන් වගේ අහනවා. අර ඊට එහායින් තියන පුවරුව බලන්න ඔහු මට කියනවා මම එම පුවරුවත් කියවනවා කන්නංගර මාවත. ඔව් මම තමා ඔහු  උත්තර දෙනවා.
ඕකා නිකමෙක් ඔකගෙන් වැඩක් නැහැ ඩෙවල් කරපු බෙරුන්ඩ මස් කාල මත උණු කෙනෙක් කෑගහන්න පටන්ගන්නවා. මමත් ඉක්මනින් පඩි පෙළ බහින්න ගන්නවා. පොකුණේ මායාව ගැන පඩි පෙළ පාමුල ඉන්න අයට කිව්වත් උන් විශ්වාස කරන්නේ නැහැ මට  හිතෙනවා .  


ඔටුවා 08 සුභාෂ්

ප.ලි.
ලංකාවේ  එකතරා වකවානුවක රටේ ප්‍රසිද්ද මාර්ගයක නම වෙනස් කිරීම , වෙනත් කෝණයකින් දකිමි . පසුව සිදුවූ දේශපාලන බල පෙරලි වලින් පසුව මාර්ගයේ නම පමණක් වෙනස් වුවත් කතාව තවමත් වලංගු යයි සිතිනි .


Read more »

10/22/2015

සමණළයා හා දළබුවා


උබලා උෟට ලස්සන රූපයක් නැති නිසා ඊයා, කැතයි, හිරිකිතයි කියලා කොන් කලා උබලා ඌගේ ආරස්සාවට තියෙන කටු වලට බයේ ඒ අහිංසකයව පාගල පොඩිකරන්න හැදුවා ඌ බඩගින්න නිවා ගන්න හදද්දි උබලට මල් ගහ ලොකුවෙලා ඌව ඈතට විසි කලා ඌ අමාරුවෙන් උගේ ජීවිතේ බේරන් සමණළයෙක් වුනාම, උබලා කියනවා උට අතීතෙ මතක නෑ කියලා.. ඒත් තේරැම් ගන්න සමනළයා උබලව මග ඇරලා පියාබන්නේ ඌ දළබුවෙක් කාලේ උබලා ඌව වට්ටන්න හදපු හැටි තාමත් හොදට මතක නිසයි.

Read more »

10/19/2015

හන්තාන අඩවියේ සිව් වසර නිම කරන්.. අවසරයි සමුගන්න මිහිරි මතකය අරන්.....෴







රෝස පාටින් පිපුණ රොබරෝසියා ගහක්..
සුදු පාට මල් හැලුවේ හිතිලාද දුක හුඟක්..
පුරවගෙන ආකාසේ කළු වලා මහ ගොඩක්..
හෙලන වැහි ඉකි බිඳුම් කියනවද දුක් කවක්..

අප දෙපා පහස නැත කියා මැසිවිලි නඟන්..
අක්බාර් පාලමත් හඬයි දෝ මට කියන්..
ආයෙමත් අප එතැයි දුක් කඳුලු තද කරන්..
ගලහ හන්දිය යළිත් ඉන්නෙපා මඟ බලන්..

මල් පාරේ කොඳුරන්න අපි මෙහේ නැති වේවි..
ගලින් නිම කළත් ඒ කුලුණු නම් දුක් වේවි..
වල සතියේ මතකයන් හිතට සතුටක් දේවි..
වසන්තයේ අගදි තව තවත් අය එක්වේවි..

සොයුර සොයුරිය නුඹව අපේ මතකෙට ඒවි..
එක්ව පියනැඟි මඟේ අප නැතුව නුඹ යාවි..
සිනහ සරදම් පිරුණු සැඳෑ සිහියට ඒවි..
යළිත් හමුවූ දිනෙක සෙනෙහසින් හිනැහේවි..

හිතේ නැඟි කඳුලු වැල් හිත තුළම සිර කරන්..
දිවි මඟේ මහ බරක් උරමතට තද කරන්..
හන්තාන අඩවියේ සිව් වසර නිම කරන්..
අවසරයි සමුගන්න මිහිරි මතකය අරන්..
.
.
.
.
රන්දු

Read more »

10/14/2015

මාවතේ ජීවිත ~9~ මචන් කණපිට .........

සදුදා උදේට වැඩට යන එක සතියේ අනිත් දවස් වල වැඩට යනවට වඩා වෙනස් කියල දැනෙන්නේ මට විතරද කියල වෙලාවකට මට හිතෙනවා. ඉරිදා රෑ වෙනකන් ෆිල්ම් බලන එකේ රඟ දැනෙන්නේ සදුදා උදේ ඇදෙන් නැගිටිනකොට කියළ පහුගිය දවසක අපේම එකෙක් කිව්වා නේද කියල මට මතක් වෙනවා . එහෙනම් සදුදා උදේ අපි හැමෝටම පොදු ගැටළුවක් කියල මම හිතනවා .... කොහොම හරි කඩිමුඩියේ ඇදගෙන මමත් පාරට බහිනවා.
වෙනිදට ගුඩ් මෝනිග් කියන සමරේ අන්කල් අද හිනාවක් විතරක් දාගෙන යනවා ... ඒ හිනාවත් වෙනිදට වඩා වෙනස් කියලා තේරුම් ගන්න බැරිවම මමත් ගුඩ් මෝනිග් අන්කල් කියාගෙනම යනවා ... නැවතිලා කතාකරන්න වෙලාවක් නැහැ කියල අන්කල් දන්නවා... ඉස්කොලේ යන පොඩි උන් ටිකත් ඉස්සර කරගෙන මමත් එක පිම්මේ බස් එක අල්ලගන්න දුවනවා....  දුවනවා කිව්වට එක දිවීමත් අවිදිමත් අතර ගමනක් .... පොඩි උන් අතර හිටිය මොකෙක් හෝ කටකාර එකෙක් මොනවදෝ කියනවා මට ඇහෙනවා ... එත් ඒ මටද නැතිනම් උන්ගේ කතාවක් ද කියල හිතන්න උවමනාවක් නැති මමත්  එක පිම්මේ ඉදිරියට යනවා ....
පොලිසියේ රාලහාමිත් උදේ පාන්දරම වැඩ. පාර මැද්දේ ඉදන් යන එන වාහන එක්ක ඔට්ටු වෙනවා... බස් එකට ටිකට් ගන්න මාරු සල්ලි කලිසමේ දකුණු සාක්කුවට දාගන්න පොඩි කාලේ ඉදන්ම තිබුනු පුරුද්ද නිසාම මමත් පර්ස් එකෙන් සල්ලි අරන් දකුණු සාකුවට දාගන්නවා... ඇත්තටම වමත් කාරයෙක් වෙච්චි මගේ පොඩි කාලේ පුරුද්ද සල්ලි වම් සාක්කුවට දාගන්න එක . පස්සේ වම් සාක්කුවට ෆෝන් එක එකතු වෙනකොට ඉබේම සල්ලි වම් සාක්කුවෙන් දකුණු සාක්කුවට මාරු වූනා.. ජීවිතේ එක එක කාලෙට එකතු වෙන දේවල් නිසා තිබෙන දේවල් වල ස්ථාන වෙනස් වෙන හැටි කියල මට හිතෙනවා .....  

මතකයේ ගිලිලා හිටපු මට, මගේ ටි ෂර්ටය දැක්කම ඉහ මොළ රත් වෙන්න ගන්නවා ... "හත් ඉලව්වයි ටි ෂර්ට් එක කණපිට ............" මට ඉබේම වට පිට බැලෙනවා ..... කාට හරි වැඩේ මාට්ටු වෙලා වත්ද කියල හිතන මම වටපිට බලනවා ...... වැඩි දෙනෙකුට මම එතැන ඉන්නවද කියලවත් අවදානයක් නැතත් උන්ට වැඩේ තේරිලා කියල මගේ හිත කියනවා .... ඔය අතර එක අයෙක් මන් දිහා බලා ඉදල මන් ඔහුව දැකපු නිසා අහක බලාගන්නවා .... අහක බලන් තනියම හිනාවෙනවා .... මිනිහට නම් වැඩේ තේරුනා කියල මට හිතෙනවා .... "මිනිහ දැක්ක නම් මන් කණපිට ඇදන් ඉන්නේ කියල තනියම හිනා වෙන්න ඕනිය මට හෙමින් සැරේ කිව්වා නම් ඉවර නේ t ෂර්ටඑක මාරු කරගන්න තිබූන නේ......" මම මගේ වරදට, වරද දැකපු කෙනාට හිතින් බනිනවා .... ඇත්තටම මිනිහ මොකටද මට කියන්නේ මමත් දන්නවා කණපිට කියල. ඒ මනුස්සය කිව්වා නම් මාරු කරගන්නවා කියල හිතන් ඉන්නේ මොකටද ම්ට ඕනි නම් දැන් උනත් t ෂර්ටය මාරු කරගන්න පුළුවන් නේ කියල මටම හිතෙනවා. "වරදක් වහගන්න මිනිස්සු කොච්චර අවස්ථාවාදී වෙනවද? මුලික හේතුව පැත්තකින් තියල මුල් හේතුවෙන් ජනිත වෙන අතුරු පලයන් පස්සේ වැඩි අවධානයක් දෙනවද?" කියල මටම හිතෙනවා.  "අන්න උබම හොද උදාහරනේ" කියල මගේ හිත මටම කියනවා .. 

ඕන කෙනෙක් ඕන එකක් හිතපුවාවේ මන් මගේ පාඩුවේ ඉන්නවා මම මටම කියගන්නවා.  t ෂර්ටයේ කණපිට වර්ණය , හොදපිට වර්ණය  තරම් තීව්‍ර නොවුනත් , මැහුම් පාරවල් පිටට පෙනුනත් අලුත් මෝස්තරයේ  මෙවැනි t ෂර්ට් ඇතිබව මට මතක් වෙනවා .  එමනිසාම බොහෝදෙනෙකුට මෙහි  අරුමයක් නැති ව ඇතැයි මගේ හිත නිදහසට කරුණු කියනවා .  වරදක්  කලත් සමාජය  හා සසදලා එක වරදක් නොවේය කියල අපිවම රවටන්නේ පිට කවුරුවත් නොවේය අපේම හිත කියල මට හිතෙනවා. xl ලේබලය කොලරයේ පිටිපස්සේ එල්ලෙමින් අලුත් මෝස්තරයේ ව්‍යජත්වයට ඔච්චම් කරනවා කියල මගේ හිත අමතක කරලා.   

කොහොමින් කොහොම හරි මම බස් එකටත් නැග ගන්නවා. සීට් එකක් නොලැබුන නිසාම හිටගෙන ඉන්න සිද්ද වෙනවා. බස් එකේ මිනිස්සුන්ට මං ගැන අවධානයක් නැතත්, හැමෝම මන් දිහා බල ඉන්නව කියල මට හිතෙනවා. ඔය මහා ලොකු හොර කම් මැර කම් කරන දේශපාලකයන් කොහොම චන්ද දායකයන් ඉස්සරහට එනවද කියල මට හිතෙනවා....... හැබැයි ඉතින් ඒ එන්නෙත් රෙද්ද කණපිට අදාල නෙවි නේ කියල මතක් වෙද්දී මම මගේ කණපිට ඇදපු t ෂර්ට් එක දිහා හොරෙන් බලනවා. 

අම්මත් එක්ක මොන්ටි සොරි යන පුංචි දුවෙක් අම්මගේ කණට කරලා මොකක්දෝ රහසක් කියනවා. අම්මත් එක පාරම ඔලුව උස්සල මන් දිහා බලනවා. අම්මගේ යි දුවගෙයි දෙන්නගෙම ඇස් හතරම මන් දිහාට එල්ල වෙලා .... දුව අතින් කට වහගෙන හිනාවෙනවා. අම්මත් ජනේලෙන් ඉවත බලාගත්තත් හිනාව තද කරගෙන ඉන්නේ කියල මට පෙන්වා ..... ඇත්තටම දැන්නම් ගම කැවී ඇත. පුංචි දුවට වැඩේ මාට්ටු වී ඇත .... ලොකු මිනිසුන් අලුත් ෆැෂන් එකක් කියා වැඩේ සංකීර්ණ කරගත්තට පොඩි එකාට එහි වගේ වගක් නැත. උන් සැබවින්ම සම්මතයයි අසමම්තයයි අතර වෙනස ලොකු මිනිසුන්ට වඩා හොදින් දන්නවා යයි මට හිතේ....  උන්ගේ ලෝකය ලොකු මිනිසුන්ගේ ලෝකයට වඩා සරල නිසාම පෙනෙන දේ දකින්නට උන්ට පුළුවන් ඇති කියල මට හිතෙනවා . එතකොට ලොකු මිනිස්සු පෙනෙන දේ දකින්නේ නැතිද උඩු හිත මනසින් ප්‍රශ්නයක් අහනවා .. ලොකු මිනිසුන් පෙනෙන දේ දකින්නේ අවශ්‍ය ප්‍රමාණය විතරයි . එහෙම නැතිනම් දකින දේ තේරුම් ගන්නේ තමුන්ගේ සිතුවිලි වල දිග පළලට .. ටිකකට කලින් කණපිට ඇදපු  t ෂර්ට්ය අලුත් ෆැෂන් එකක් කියල මගේම හිත මාව රවටපු හැටි මතක් උනාම මමත් ලොකු මිනිහෙක් කියල මටම වැටහෙනවා . 

සිතුවිලි සමුදාය මාව ප්‍රශ්නයෙන් ඈතට අරන් ගිහින් කියල හිතනකොටම බය අයෙමත් මාව  යථාර්තයට එක්කන් එනවා .  ඇත්තටම මේ වෙලාවේ භය වෙන්න ඕනේ මොකටද කියල මම හිතනවා . ඇත්තටම භය "ලජ්ජාවට" ය , අන් අය ඉදිරියේ මට වැරදීමක් සිදුවී ඇති බව පෙනීමේ ලජ්ජාවටය ..  අර පොඩි එකී නිකමට හරි කිව්වොත් අංකල් ගේ  t ෂර්ට් එක කණපිට කියල , මෙතෙක් නොදැක්කා සේ සිටී බොහෝ දෙනා හැරී බලනු ඇත. උන්ගේ අලුත් ෆැෂන් ආතල් එක , ක්ෂණයකින් සුන් වනු ඇත. එයින් පසු උන් නොදනුවත්වම උන්ගේ සිතුවිලි පොඩි එකී ගේ කතාව ඔස්සේ ම දිගහැරෙනු ඇත.. එය අපේ මිනිසුන්ගේ හැටිය. කවුරුන් හෝ කාට හරි ලේබලයක් ඇලවූ පසු වටේ සිටින අනිත් අයත් බලන්නේ එලෙසමය. උන්ට තවදුරත් සිතනු උගහටය... ලේබලය මොලය ඔෆ් කර ඇත. මගේ සිතුවිලි වලට බාධා කරමින් අම්මයි දුවයි බස් එකෙන් බහින්න දොර ගාවට යනවා . දුව තවමත් මන් දිහා බල හිනාවෙනවා .. "අංකල් ගේ  t ෂර්ට් එක කණපිට" ඒ හිනාවේ ලියවිලා තියනව කියල මට හිතෙනවා .  මමත් "ඔව්  t ෂර්ට් එක කණපිට" කියල ලියපු හිනාවකින් ඇයට සංග්‍රහ කරනවා ... පුංචි උන් කෙතරම් අව්‍යජද ? ... උන් හැගීම් හංගන්නේ නැහැ නේ කියල මට හිතෙනවා . අයෙමත් සිතුවිලි මාව කොතරම් ඈතට අරන් ගිහින් ද කියල මට දැනෙනකොට මම බහින තැනට ලංවෙලා ... බස් එකෙන් බැහැගෙන මම ඔෆිස් එකට යනවා ....  

සමරේ අන්කල්ගේ හිනවයි පොඩි දුවගේ හිනාවයි දෙකක් කියල මට හිතෙනවා .....  පිම්මේ දුවන්නේ නැතිව ඉස්කෝලේ යන පොඩි උන් ටික කිව්වා දේ ට යන්තම් හරි කන් දුන්න නම් ගෙදර ගිහින්  t ෂර්ට් එක මාරුකරගන්න තිබුන කියල මට හිතෙනවා. අපි හැල්මේ දුවල ජීවිතේ කොච්චර නම් දේවල් නැති කරගන්නවද කියල මට හිතෙනවා ... "ඔයින් ගියා මදැයි නිකමට හරි අද බස් එකේ එකෙක්ට පොකට් ගැහුවා නම් උබට අම්බානක කන්න වෙනවා උබව තමා අහුවෙන්නේ. " මගේ යාළුවා කියනවා. කතාව ඇත්තය සාමන්‍යට වඩා යන්තම් හෝ වෙනස් වීම, නිකරුනේ වැරදි කරු වීමට හේතුවකි .....      

පොකට් කාරයන් ටයි කෝට් හෝ සුදු ජාතික අඩුම ඇද පොකට් ගසන්නේ නැතිවා සේම ...... රටේ ධනය මංකොල්ල කන මහා පරිමාණ හොරුන් බොහෝ විට කළු කෝට් හෝ සුදු සරම් නැතිව සමාජ ගත වන්නේද නැත.... ඩෙනිම ඇදි පොකට් කාරයෙක් අසුවූ විට කන පලන මිනිසුන් ජාතික මංකොල්ල කරුවන් ගෞරව බුහුමන් දක්වයි. වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවයි..... ඇදුමින් බලයෙන් තත්වය මනින මිනිසුන් අතර ටිෂර්ට්ය කණපිට ඇදි මම, මගේ පුංචි බැල්මක වෙනසකින් ගුටි කෑමට නියමිතව සිටි බව මට හිතෙනවා ...... 

~08 ඔටුවා (සුභාෂ්)~

පෙර සබැදි ~

ප. ලි.
 මාවතේ ජීවිත කතා කතා මාලාව 2012 ඉදල වරින් වල සමාජයේ හමුවුන විවිද චරිත පසුබිම් වුනි. මේ මාවතේ දුටු තවත් එක් චරිතයක්. මාස 2 3 කට ඉහත මටම සිදුවූ සත්‍ය සිදුවීමකි. කොටින්ම කිව්වොත් t ෂර්ටය කණපිට ඇදන් ගියේ මම ය .... සත්‍ය සිදුවීමට වඩා කතාව ගොඩ නැගීමට මනක්ලිපිත සසිදුවීම් එක්කල අතර .... අයෙමත් රෙදි ඇදන් යා යුතු නිසා තවත් කොටස් ඉවත් කරන ලදී ... 

Read more »