7/08/2014

Love

Love came.
Love came into our lives.
And it became a nostalgia.
Even though we were shaken by the power of time,
people haven't forgotten that deep within us
love lives in hiding tenaciously.
Whether we were children,
whether we were adolescents,
whether it was last year,
the name of that which pierced
through the deepest part of the existence
was love...

7/03/2014

වැලපෙන 'වල' | Valediction of the Connoiseur ෴










විදාහල අතු වියන ලෙස මට සෙවන වූවා නුඹෙ ගතින්...
වසාගත්තේ මගෙන් කොටසක්  කලේ රකිනට මා නිතින්...
කියා ඒ ගැන ලොවේ හැමදෙන කළා අවමන් පුහු සිතින්...
එහෙත් නුඹ මට මහමෙරක් බව කියමි හඬගා මා වතින්...

වසන්තයෙ පිනි කඳුලු තවරා මලින් නුඹ මා ගැවසුවා...
දසන්තයෙ හැම නිතර කොඳුරා මගේ රුව ගැන පැවසුවා...
දිගන්තය වෙත බසින කුමරා ලෙසින් නුඹ මා සැනසුවා...
අනන්තය තෙක් මලින් කල රූ සිතුවමින් මා සැරසුවා...

සියලු දහමන් නැසෙන බව නම් දනිමි වියපත් හිමියනේ...
කුමන අයුරින් නුඹගෙ නික්මන් බලා ඉන්නේ දෙනෙතිනේ...
කුරිරු මිනිසුන් ගියේ උදුරන් මගෙන් නුඹ මේ විලසිනේ...
සිනහ වෙන්නේ කෙලෙස යළි මම බලා නුඹ දෙස කිව මැනේ...

- ආදරණීය 'වල' -








ලිව්වේ : රන්දුනු යසරංග

සේයා රූ :