5/13/2013

මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා...



මා බලන්නට කවුද මන්දා මලක් අරගන ඇවිල්ලා,
ජීවිතේ ලඟ එමල තියලා ඇය කොහේදෝ ගිහිල්ලා,
හීනයක්දෝ අනේ මන්දා හිතට සැකයක් ඇවිල්ලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා..

හිත අරන් ගිය සමනලිය ඈ ආයිමත් එන තුරු බලා,
මම හිඳිමි යෞව්වනේ දොරකඩ හදවතේ දොරගුලු නොලා,
දුර ඈත හිඳ පියාඹන්නට ඇයට සවිශක්තිය  වෙලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා..

හෙට උදේ හිරු නැගෙන විට ඈ මගේ ලඟ ඇතිදෝ බලා,
මමත් යනවා ඇගේ පෙරමග හෙලි කරන්නට මග බලා,
ජීවිතේ කල එලි කරන්නට අයට පාරක් පෙන්නලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා...

අ.ජේ.'10

Read more »

5/11/2013

සුළඟක් වී අප්පච්චිට හොරෙන් ඉගිලෙන්නෙ කොහොමද......?෴



මේක විචාරයක්ම නෙවෙයි. කියවල හිනා වෙන්න තියන දෙයක්. මේකට හිනා යයිද කියන්න දන්නේ නෑ. එත් කියවල බලන්න...
මේ ගීතය අහල තියනවද?

"සුළඟක් වී මං යනවා...
දුර අහසේ ඇවිදින්නට...
අප්පචි කොහොමද මං අල්ලන්නේ..."

දුවෙක්ගේ හීනය තමන්ගේ තාත්තට කිව්වම තාත්ත තමන්ගේ දුවට ආදරෙන් මෙහෙම කියනවා.

"අහසක් සේ දූ යන මග...
පුළුන් වලා අතුරනවා...
එහෙමයි මගේ දෝනි...
මං රැක ගන්නේ...
පණ වගෙයි මගේ දූ මං රැක ගන්නේ..."

කොච්චර ආදරණිය ගීතයක්ද?




එත් මේ ගීතයෙන් කියවෙන විදිහටම අද සමාජයේ දුවෙක්ව රැකගන්න පුලුවන්ද? එකට හොදම පිළිතුරත් හොයාගන තමයි මම ඔයාලගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ.
ඇත්තට ඒක "හරිම අමාරුයි". ගැණු ළමයෙක් රැක ගන්න එක අප්පච්චි කෙනෙක්ට කරන්න දැන් බෑ. හැමෝටම නෙවෙයි. සමහර අප්පච්චිලා ඉන්නවා ඒක ගානට කරන. ඒත් අඩුයි. ඇහේ මූණේ තියාගන හැදුවත් කරන්න අමාරු වැඩක් තමයි ඒක.
ඇයි මම එහෙම කියන්නේ?

මේ ගීතය අහල තියනවද?

"අප්පච්චි ළඟ හිටියා...
නැද්දෝ අයියා දුටුවේ...
හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්...
දුක ඉවසාන පිටුපා ගියා...
සඳ එළියේම නොපෙනී ගියා..."

දැන් තේරෙනවා ඇති මම එහෙම කිව්වේ ඇයි කියල.



මේ ගීත දෙකම ගායනා කරන්නේ එකම දුව වීමත් ලොකු විශේෂයක්...!!!

ඉෆ් යූ නෝ වට් අයි මීන්...!

මෙන්න ඒ සුප්‍රසිද්ධ ගීත දෙක.....
සුළඟක් වී...
සුළඟක් වී මං යනවා.. දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද.. මං අල්ලන්නේ....

අහසක් සේ දූ යන මග...පුළුන් වලා අතුරනවා...
එහෙමයි මගේ දෝනි...මං රැක ගන්නේ...
පණ වගෙයි මගේ දූ.. මං රැක ගන්නේ...


මහ ගං වතුරක් වීලා.. හරි වේගෙන් මං ගලනවා..
ලොකු ගස් වැල් කඳු වැටි හෙම.. උදුරා පොළවට දමනවා..
අප්පච්චී කොහොමද.. මං වලකන්නේ...
මං මහ මුහුදක් වෙනවා.. දූ එනතුරු තනිරකිනවා
ආදරයෙන් මඟ බලනවා.. තුරුලට ගෙන සනසවනවා....
මං ළඟ නොවැ දූ... සැමදා සැනසෙන්නේ.....

මං බොරු තරහක් ගන්නවා.. ඇස් රතු වෙනකං අඬනවා..
තුරුළට අරගෙන සිටියත් නැළවෙන්නැතුවම ඉන්නවා..
අප්පච්චී කොහොමද... මං නළවන්නේ...
දූටත් වැඩියෙන් හයියෙන්.. එතකොට නම් මට ඇඬෙනවා..
දූගේ කඳුළු මං ගන්නවා.. දූ නැළවෙනකං අඬනවා...
මං ඇඬුවම දූ.... නොවැ මා නළවන්නේ...



සුදු ගවුමේ....
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ..
දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ...
බොර ගං දියේ මල් යයි ඇදී..
අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්...

ගං දෑල නම් නපුරුයි වගේ..
නාඩන් නගේ මං දැන් ලඟින් ඉන්නේ..
අයියා මගේ කවදත් හොඳයි..
සැමදා ළඟින් ඉන්නේ මගේ පණසේ...

පුන් පෝදා සෑ මළුවේ..මට පිටුපා ඔබ උන්නේ...
සිටියා බලා.. ඔබ හිනැහෙයි කියා..
දුටුවේ නෑ පියමං කරා...
සඳ එළියේම නොපෙනී ගියා...

අප්පච්චී ළඟ හිටියා.. නැද්දෝ අයියා දුටුවේ...
හිනැහෙමි කියා.. මා සිතුවත් හොරෙන්..
දුක ඉවසාන පිටුපා ගියා...
ඒ දුක් ගින්න හදෙහී දරා.....


ලිව්වේ - 10 වටුවා

Read more »

5/10/2013

අතුරුදහන් වූ සෙබලෙකුගේ බිරිඳ




ගිනි මද්දහනේ සීතල පින්නේ
ඔබ ගැන මතකය වද දුන්නා
නිදිනැති දෙනෙතේ කදුලක් සිරවී
රැ තුන් යාමේ ඉකි බින්දා

කලුවර අහසේ තරුකැන් අතරින්
ඔබ නැග ඒ යැයි මම උන්නා
අද දින නාවොත් හෙටවත් ඒ යයි
පෙරමග බලමින් දින ගැන්නා

යුද්ධය නිම වී ගම රට ආ උන්
ඔබ මිතුරන් දහසක් උන්නා
සැමටම අමතක ඔබගේ මතකය
මා සුසුමන් සිරකර සිත බින්දා

08 සොබා
ප.ලි.
පෙර සබැදි

Read more »

5/08/2013

සදා ඔබමයි මගේ ආලය

















සිහින් වැහි පොද ඇදහැලෙන විට
සියොත් ගී නද මැකී යන විට
ලොවම ගණඳුර වසා සිටි විට
ඔබයි ආවේ මගේ හද වෙත

පෙමින් මා සිත වසඟ කළ ඔබ
සිහින් ස්වරයෙන් ගයන විට මට
නොහිම් උනුහුම දැනේ සුසුමක
හෙමින් ඇවිදින් වෙලෙයි මා සිත

ඔබේ පහසින් පිබිද කවි සිත
හැඟුම් පොබයයි මගේ තෙලිතුඩ
ඔබේ මුවගේ සිහින් සිනහව
සනසවයි මා දී සහන් සුව

වසා දෙනයන මවා ඔබෙ රුව
සිනාසෙමි මම ඔබේ අබිමුව
පතා සෙනෙහස ඔබේ පාමුල
සදා සැනසෙමි මගේ දෙව් ඔබ

සතුට ඔබ වෙත ගෙනත් දෙන්නම්
සෑමදා ඔබ ලඟින් ඉන්නම්
සිහින් ස්වරයෙන් ගී ගයන්නම්
නමුත් කිසිදා හැර නොයන්නම්
 
 
09 පබා

Read more »

5/07/2013

නොකියවෙන මලක් ෴





බයිසන් - 10

Read more »

5/05/2013

වචනයට කියමු අපි ඇයට "ගණිකාව " කියා














මහලු වී හිරු කිරණ
විඩා බර සිත් ඇතිව
මහා මුහුද කෙළවරක
ගිලී ගියා නිහඩවම......

කොළොම්තොට තෙත් කෙරූ
වියලි දුහුවිලි සුළග,
අතර එක් නෙතු දෙකක්
සොයනවා සොයනවා,
තවත් නෙත් යුවලයක්
නවතින්න සිත් ඇති ......

තුහ් නොදොකින් මෙලෙස,
කෙලගසා රවාගෙන
තවත් උන් යන්න යයි,
කිහිල්ලෙහි රුවාගෙන
"සදාචාරය" "සදාචාරය"....

අහෝ පිං නොකළ මල්
මාවතේ පිපී ගිය ,
හිනැහේද උන් නුබට
පිපුණි නම් උයන් කොණ

කෙල හලා තලු මරා
රොන් ගන්න එයි බඹරු,
රාජපුරුෂයන් රකින
මහා රජුගේ උයන් වෙත,
හප හපා "සදාචාරය" .......

තවත් එක් පැණයකි,
අවසානයට මත්තෙන්ම
කෙලෙස කවනට පුතුට,
තම්බලා නිසි පදම
"සදාචාරය"  "සදාචාරය"...?


ඔටුවා 08

පලි

පෙර සබැදි  ගණිකාව, කාන්තාව හා අපේ සංස්කෘතිය

සංවාදයට විවෘතයි

Read more »

5/03/2013

නිවන් පුරට වැඩපන් අම්මේ...

අහසට බර මහ වැහි වැටෙනා සඳ
නුඹ සිහිපත් වී මයෙ අම්මේ..
සීතල කඳුලැලි හඳවත අතරින්
බර වී වැටුනා බෝ වාරේ…

නිසසල සිතිජය බොර පැහැ ගැන්වී
අතීත සෙවනැලි මැවී පෙනේ
ඒ සෙවනැලි වල නුඹෙ මුදු සෙනෙහස්
සුවදේ ඉකියක පහස දැනේ…

කවුරුත් නැති රළ වෙරලත සිපගෙන
කෑලි කැඩී පෙන නගනු පෙනේ
කොලොම් තොටට වැටි අවසන් අව් රැල්
වියැකීගන යයි මගෙ අම්මේ...

කල්ප ගණන් දුන් සීනෙහස දැන් ඇති
තනි වෙන්නම් මා මතු දවසේ
තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ...


07 මාටියා



Read more »