10/12/2012

සෙබලෙකුගේ අවසන් සටන ..............


මූකලන් බස්සාට 
රාත්‍රියේ ජය හිමි වෙවි..
තල් වැට අද්දර
සිහින් ඉකිබිඳීමක හඬ ඇසේවි......

නාඳුනන අමුත්තා නුඹවෙත
කඳුලු බිඳු රැගෙන එවි 
සාලේ එල්ලුනු අප්පච්චිගේ රුව
බිත්තිය සිපගනීවී..........

වීර පුතකු කියාවි බොහෝ දෙන
බලා විය නුඹ දෙසත් එලෙසින
කපරාරු නොකල බිත්ති අතර
හිස් බැල්මෙන් මා සිටිනු ඇත

හේවිසි දවුල් හඬ මැද
ගමන ඇරඹෙනු ඇත
නුඹ හා ඇවිද ගිය මාවතෙහි
යමි මම සොයුරන් මතින්

හිරු අවරට හැරුණු තැන
බොහොදෙන නික්ම යනු ඇත
අමු ගොක්කොල සුවඳ මැද
නුඹ පමණක් ඉතිරි වනු ඇත

රටට එකෙකු අහිමි වී ඇත
නුඹට මුලු රටම අහිමි වී ඇත
මමද එය දනිමි
එහෙයින් මම මසේ කියමි

මම නිහඬ වෙමි
නුඹට නොකියාම නික්ම යමි
හෙට අළුයම හමන සීතල සුලඟ කියවී නුඹට
මා නුඹේ සිහිනයෙන් නික්මුනුවග

අවදිවන්න නුඹ 
විවර කර කවුලු
ඉඩ දෙන්න හමායන්න
සුලඟට.................

08 ඔටුවා 

ප. ලි. 

ලංකාවේ යුද්දය පැවති සමයේ මම ද සෙබළෙකුගෙන් දුටුවේ වීරත්වය පමණී. එහෙත් සැම සෙබලෙකුම පුත්‍රයෙකු වන්නේය. බොහෝවිට  සැමියෙකු හෝ පෙම්වතෙකු වන්නේය. රට වෙනුවෙන් දිවි දුන්නද උන්ට උන්ගේ ලෝකය යැයි මට හැගුනු දේ පද වලට පෙරලුවෙමි. නිර්මාණයෙහි යම් පසුගාමී ස්වභාවයක් ද ඇතැයි මටම විටෙක සිතේ එහෙත් තීන්දුව ඔබට බාරයි............     

7 comments:

  1. ඇත්තටම ලස්සනයි සහෝදරයා... දිගටම ලියමු ඈ... උඹ ඉතින් මෙව්වට දස්සය නෙව... :-)

    ReplyDelete
  2. මෙච්චර කල් ගත වෙලා තිබුනත්මේ ගැන මතක තියාගෙන නිර්මාණයක් කිරීම ඇත්තටම ප්‍රශංසනීයයි මචෝ..

    ReplyDelete
  3. රටට එකෙකු අහිමි වී ඇත
    නුඹට මුලු රටම අහිමි වී ඇත..

    අති විශිෂ්ටයි සහෝ..
    ජය!!

    ReplyDelete
  4. ලියවිල්ල අපූරුයි!

    ReplyDelete
  5. අවදිවන්න නුඹ
    විවර කර කවුලු
    ඉඩ දෙන්න හමායන්න
    සුලඟට.................

    ReplyDelete

Pages (149)12345 Next