2/28/2013

වෙනසක අරුම...............



දඟකාර සිනහවක්
නෙත් අසල නටබුන්වෙලා
අරුත්බර සිනහවක
සෙයාව පිබිදිල

මල් මාවතේ සැරූ
සමනල්ලු මියැදිලා
දඟකාර මල්සමය
නොකියාම නික්මිලා

තුරුලු කල පොත් මිටිය
ගෙයි කොනක තනිවෙලා
උදේ පිපි පොහොට්ටුව
ලැම අසල තනිවෙලා

මවගේ ඇකයේ නිදන
පුංචි පුත  ගුලි වෙලා
මා  මිතුරි මා සොයුරි පෙරදිනක
අද නුබට මව් වෙලා

ඔටුවා_08

2/24/2013

මිනිසත්කම............


සකල සිරියෙන් පිරුණු 
ඉසුරුමත් මුදු බිමක 
ශුද්දවූ මෘගයන් 
අසිපතින් සිදහෙලු 

පෙර දිනක සැදෑවක 
බෝ සුසුම් හිර කරන් 
සුසානේ කෙළවරක 
වල දැමු මිහිරියාව 

සිහිවටන කිසිත් නැත 
ගල්පුවරු මත ඇදුනු 
මතක සැමරුම් නොමැත
ඉටිපහන් මල් පිදුණු

යදම් ලා සුළි සුළග
වියලුවා මහා සයුර 
පුපුරවා ගිරි අරණ
ඇවිදිනා ගල් පිලිරු

නෙත් කොනක යම් දිනක
මතු වුනොත් කදුලු බිදු
සිත් කොනක මතුවෙය
මරාලූ මිනිස් කම 

ඔටුවා_ 08

2/17/2013

බොහෝ දුර අතීතෙට -නොකියාම හිත ගිහින්


බොහෝ දුර අතීතෙට
නොකියාම හිත ගිහින්
ඔබේ හඬ ඔබේ රුව
කඳුලු වැල් පුබුදවන්

ආදරෙයි නොකියාම
ආදරේ දෝ නොදැන
රිදුනු හදවත සිහිව
අදද දෑසම තෙත්ව

ඔබ නොදුටු
මා හැඬවූ
ආදරේ අද නැතත්
ඔබ හිඳී
මා හිඳී
අහිමි ඒ අතීතයම පමණයි



ඇනෝනිමස්


2/10/2013

ලං වෙනවලු හැර යන දිනය නුඹ....




හිනැ හෙන්න වරම් දුන්            
හඬන්නට කඳුලු දුන්
තෙවසරක් ලඟින් උන්
සදාදර මහවැලිය
ලං වෙනවලු හැර යන දිනය නුඹ....



පාලුවට ලගින් උන්
ස්නේහයෙන් බලා උන්
තෙවසරක්  සෙවන දුන්
දයාබර හන්තාන
ලං වෙනවලු හැර යන දිනය නුඹ....


08_සොබා

2/06/2013

"කල්පිත" ලෝකයේ (අ)කල්පිත කථාවක්....!!!!

       ඔන්න එකොමත් එක රටක කඩ ගොඩාක් තිබුණා. ඒ අතරින් කඩ දෙකක් ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තිබුණා.
මේ කඩ දෙකෙන් එක කඩයක කොළ පාට බෝඩ් එකක් එල්ලලා තිබුණා.


    
   
අනිත් කඩේ එල්ලලා තිබුණේ නිල් පාට බෝඩ් එකක්.



      ඉතින් මේ බෝඩ් දෙක නිසාම මිනිස්සු, කොළ පාට බෝඩ් එක තියෙන කඩේට "කොළ කඩේ" කියලත්, නිල් පාට බෝඩ් එක තියෙන කඩේට "නිල් කඩේ" කියලත් කිව්වලු.

     ඔය නිල් කඩේ කරේ එකම පවුලේ නෑදෑයෝ ටිකක් ලු. ඒකේ මුදලාලි ගමේ ඉඳන් නගරෙට ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙච්ච කොලු ගැටයෙක්ලු ඕං. කඩේ දියුණු වෙනකොට එයාගේ නෑදෑයෝ ටිකත් කඩේ වැඩට අරගත්තලු. නෑදෑයෝ ටිකත් එක්ක හරිම සහයෝගයෙන්, ව්‍යාපාරික ඥානය උපරිමයෙන්ම යොදවල (එහෙම බැරි නම් ගැන්සි පාට් එකෙන් හරි) කරගෙන ගිහිපු නිසා මේ කඩය බොහොම සාරවත් වුණාලු.

     කොළ කඩේ කරේ බොහොම ඔතෑනි, සුද්දෙක් වගේ පෙනුමක් තිබුණ මුදලාලි කෙනෙක්ලු. ඔය කඩේ වැඩ කරෙත් එක එක තැන් වලින් ඇවිත් පැලපදියම් වෙච්ච උදවියලු. මේ කඩය බොහොම පරණ කඩයක්ලු. ඉතින් කාලෙකට කලින් මේ කඩේ අයිති වෙලා තිබුණ මුදලාලි කෙනෙකුගේ පුතෙකුත් මේ කඩේ වැඩ කරාලු. ඒ පුතා නිතරම උත්සාහ කරේ කඩේ මුදලාලි වෙන්නලු. ඒත් අර සුද්දෙක් වගේ පෙනුමක් තිබුණ මුදලාලි ඒකට ඉඩ දුන්නැල්ලු. කඩේ ගොඩක් අය එයාට කැමති නැති වුණත් කොහොම හරි බලෙන්ම එයා දිගින් දිගටම මුදලාලි කමේ හිටියලු. මේ කඩේ සේවකයොන්ගෙන් කොටසක් කලින් මුදලාලිගේ පුතාගේ පැත්ත අරන් එයාට මුදලාලි කම අරන් දෙන්න සෑහෙන්න උත්සාහ කරන අතරේ තවත් කොටසක් සුද්දා වගේ මුදලාලි ගේ මුදලාලිකම රැකදෙන්න උත්සාහ කරාලු.


     ඔය වගේ ප්‍රශ්නයක් තියෙනකොට ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් තියේ යෑ, හැමදාම ඔය කඩේ රණ්ඩුලු ඕං. ඔය රණ්ඩු නිසා වගේම මුදලාලිට අකමැති ගොඩක් දෙනා නිසා මේ කඩේට මිනිස්සු එන එක එන්න එන්න අඩු වුණාලු.
      
      කොළ කඩේ ඉරණම ඔය විදියට ලියවෙනකොට නිල් කඩේ වෙළඳාම දවසින් දවස වැඩි වුණාලු. වෙළඳාම ටික ටික සරු වෙනකොට මුදලාලිගේ පුතාලට පිටරට තියෙන ඉස්තරම් කෑම ජාති එහෙම කන්න ආස හිතුණලු.  ඉතින් මුදලාලි තකහනියක් ඒ එක එක කෑම ජාති පිටරටින් ගෙනත් " අඩු මුදලට " විකුණන්න පටන් ගත්තලු.(එතකොට කඩේ තිබුණ අනිත් බඩු වල මිල වැඩි කරා.) ඒත් මුදලාලිගේ පුතාලා වගේ උදවියට ඒ කෑම ගන්න පුළුවන් වුණාට සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බැරි තරම් ම ඒවා ගණන් ලු.
     
       මේ කඩේ කැෂියර් විදියට වැඩ කරපු නෝනත් හරි විශේෂ චරිතයක්. මුලදි මුලදි එයා කඩේට එන මිනිස්සුන්ට බොරු බිල් දීලා සෑහෙන්න මුදල් වංචා කරාලු. ඒකෙන් එයා ගොඩක් පොහොසත් වුණාලු. ඒ බව මුදලාලි දැනගෙන හිටියට නොදන්න ගානට හිටියාලු( ඒකෙන් එයාට ප්‍රශ්නයක් නැති නිසා). ටික කාලයක් යනකොට ඒ නෝනට තේරුණාලු මේ වැඩේ අසාධාරණයි කියලා. ඊට පස්සේ එයා බොහොම සාධාරණ විදියට බිල් හැදුවා වගේම හැම නිතරම කඩේට එන අයට සාධාරණයක් ඉෂ්ඨ කරාලු. ඔය අතරේ කඩේ මුදලාලි අලුත් සැලසුමක් හැදුවලු කඩේට එන මිනිස්සුන්ගෙන් කඩේට එන සල්ලි ප්‍රමාණය වැඩි කර ගන්න විදියක් ගැන. ඒක කැෂියර් නෝනට කිව්වම කැෂියර් නෝනා විරිද්ධ වුණාලු. අනේ එතකොට මුදලාලි කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? කඩේට එන හැම මනුස්සයටම නෝනා අර කලින් කරපු මුදල් වංචා ගැන කියලා නෝනා දෙකේ කොලේට දාලා. අර "අසරණ අහිංසක" නෝනා බලෙන්ම කැෂියර් කමෙන් අයින් කරලා කඩෙන් එලවලා දාලා.

       දැන් මේ කඩේ බොහොම සරුසාරයිලු. කොළ කඩේ මුදලාලි චාටර් නිසා මිනිස්සු ඒකට යන්නේ නැල්ලු. කාලෙකට කලින්, රතු බෝඩ් එකක " ජනයාගේ විස්වාසයෙන් පෙරටම"  කියලා ගහලා තිබුණ, ටිකක් සරුසාරෙට තිබුණ කඩයත් දැන් වල් වැදිලලු. ටොපියක්, ලොසින්ජරයක් වගේ දෙයක් වත් ඉඳලා හිටලා හරි ඒකෙන් ගන්නේ හරිම අමාරුවෙන්ලු.

      ඉතින් මිනිස්සුන්ට වෙන යන්න තැනක් නැති නිසා එන්නේ නිල් කඩේට විතරයිලු. ඒ නිසා බඩු හිතුණු හිතුණු හැටියට විකුණන්න, හිතුණු මිල ගණන් වලට විකුණන්න වගේම, මිනිස්සුන්ට අවශ්‍ය අනවශ්‍ය හැම දේම විකුණන්න දැන් නිල් කඩේට පුළුවන්ලු. 

      නිල් කඩේ වැඩ කරලා පුරුදු හොඳ ව්‍යාපාරික ඥානයක් තියෙන කෙනෙක් අලුත් කඩයක් දානකං වෙන කර කියාගන්න දෙයක් නොතිබුණ මිනිස්සුන්ට වුණේ බැන බැන හරි නිල් කඩේට යන එක විතරලු.......

(3 වෙනි ඡායාරූපය maruwaxx.files.wordpress.com ලිපිනයෙන් උපුටා ගන්නා ලදි.)

   

2/04/2013

" රට නැළවිල්ල " හෙවත් මහින්ද තොටිල්ල -


(මූණු පොතෙන් ඊයේ පෙරේදා දිනයක උපුටා ගන්නා ලද්දකි)

රාජ පස්ස සිඹිමින්නේ
අරලිය ගහ පෙදෙසින්නේ
කිරිබත් සුවඳයි එන්නේ
මගේ පුතා නලියන්නේ

නිදහස ෆුල් ආතල් වේ
එහි ත්‍රිල් එක මහ රජු වේ
ඒ බව සිහිකොට මෙරටේ
හිටපන් ! නැත්නම් කුඩු වේ

සුදු වාහන හිටි හැටියේ
ජඩ පිරිවර සමඟින්නේ
සොයමින් එන්නට ඉන්නේ
මගේ පුතා හැංගෙන්නේ

දෙන දිවි මුත් බඩ වෙනුවෙන්
' ජාතික දරුවන් ' යනුවෙන්
රණවිරුවන් ලිඟු නැඟුමෙන්
ලක් මවු කෙලෙසුවා සුවෙන්

තවුසන් සේ ඇඳ පැළඳා
පවු ! බං , කුක්කන් එන දා
' හලාල් ' සොයා කෙලවන දා
අවමඟුලක් රට මුළු දා

දෙව් පුර මෙන් දෙවියන්නේ
ලැම්බෝගිනි පියඹන්නේ
ලොකු බේබිලා සමඟින්නේ
උඹෙත් පුතේ ' ලොකු ' වෙන්නේ

ලස්සන විතරක් පොළොවේ
දැකපන් ! නිරුවත හමුවේ
කට වහගෙන නොහිටියොතින්
උඹට පුතේ කෙල - කෙල වේ

ජාතික රණ දෙරණ වටේ
එකී මෙකී නොකී අතේ
සුන්දර සුරඟනන් ඇතේ
' අන්තඃපුර බඩුය' පුතේ

මහ ජාතිය කෙරෙහි නැමී
දෙමළට වෙඩි තැබූ සොමී
හීනෙන් උඹ නැගිටවමී
පුත ! ඔය ඇස් වසමි යළී

ජාතිය නම් ' සිංහල ' වේ
ආගම පොදු ' බොදු ' මග වේ
එය රැකගෙන නැගෙනහිරේ
" නිදහස " සමරපන් ! පුතේ

' හැට පහ ' අභිමානය නම්
කට කහනවා ඇති වෙනකම්
පට පට ගා පුපුරයි මං
' කට , කට ! ' පුත, මට කියපන්......

පපුව පුම්බා අභිමානයෙන් කියමි...... මම ලාංකිකයෙක්මි!


  අද දවස වෙද්දි අපේ කැම්පස් වහල, ළමයි ගෙවල්වල, සර්ල ස්ට්‍රයික්. නිදහස් අධ්‍යාපනය මැරෙන්න ඔන්න මෙන්න කියල පන අදිමින් හිටපු වෙලවක යන්තම් හුස්මපොදක් දීල නැවතත් එයට ජීවය පෙව්වට, නිදහස් අධ්‍යාපනයෙන් පළ ලබපු, ලබන හා නිදහස් අධ්‍යාපනයට පන පොවන සියළු පෝශක කොටස් තිගැස්මකින් යුතුව අවදි කෙරුවට, මම හිතන්නෙ අපි අපේ ආචාරය, ආශිර්වාදය හා ස්තූතිය පිළිගන්වන්න ඕනෙ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට.

මේ සටන ඒ විදිහට, ඒ හේතුව වෙනුවෙන් සිදුවෙද්දි මේ හැමදෙයක්ම මැද්දෙ මේ ලෝකෙම විශ්ව ගම්මානයක් කෙරුවයි කියල සමහරු ආවඩන අන්තර්ජාලෙ සැරිසරද්දි, මාය දැක්ක එක එක පුද්ගලයො මේ දේ පිලිබඳව එක එක මතවාද වල ඉඳගෙන, එක එක පසුබිම් වල ඉඳගෙන, එක එක මට්ටම් වල ඉඳගෙන, තමන් මේ දේ බලන රාමුව තුළ ඉඳගෙන මේක විග්‍රහ කරල විශ්ලේශණය කරල තියන හැටි. මන් දවසක් පොතක දැක්ක මෙන්න මේ වගේ කතාවක් " මග තොට යන ලලනාවෝ මෙකල එමටය, කවීහු ඔවුන් විවිධ අයුරින් දකිති, එකකුට වෙසඟනක් වන ඇය තවකෙකුට සුරඟනකි, ඔවුන් කෙසේ ඇයව විග්‍රහ කලද, ඇය එදා සේම අදත් හෙටත් මතු අනාගතයේදීත් මග තොට ගමන් කරණු ඇත. ". මේකත් හරිය ඒ වගේ. මෙතනත් තියෙන පරම සත්‍යය වෙන්නෙ කවුරු කොහොම විග්‍රහ කරත් මේ සටන ඒ විදිහටම ඉදිරියට යාමයි. 


එහෙම වුනත් මම දැකපු විදිහට මේ සිද්දිය ගැන අර්ථකතන එකතු කරන බොහෝ දෙනා මෑත යුගගේදී නිදහස් අධ්‍යාපනය හා ඍජුව නොගැටුනෝ වෙති. ඒ කියන්නෙ මොවුන්ගේ උවමනාව සක්සුදක් සේ පැහැදිළියි. විවිධ දේශපානලන හෝ ජනමාධ්‍ය හෝ සමාජීය හෝ වේවා රාමු වල සිට ඔවුන් මේ කරනුයේ තවත් එක් මාකටිං එකකි. තම පුවත්පතේ වෙළඳාම ටිකකින් හෝ වැඩිකරගනීමට හෝ තම පක්ෂයට එක ඡන්දයක් හෝ වැඩිකරගැනීමේ පරමාර්තයෙන් ඔවුන් අප සටන් පාඨය උපුටාගනිත් නම් එය අතිශයින්ම පිළිකුල් සහගතය.මෙරට සැමදා සිදුවන්නේ මෙයයි. මෙරට යම්කිසි කොට්ඨාශයක් යම් දිනක කුමක් හෝ වෙනුවෙන් සටන් වදිත්ද, මෙරට බංකොලොත් දේශපලන පක්ෂත් පුවත්පතුත් ටික කලකට හෝ ඔවුන්ගේ සටන් පාඨ ණයට ගනී. ඔවුන්ගේ සටනට සහය වෙමින් මේ ණයට කැහීම සිදු කරන්නේනම් ඒත් කම් නැත, එහෙත් එය එසේ නොවේ, ඔවුන් මේවා ණයට ගන්නේ බොහෝවට තම පෞද්ගලික අබිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට පමණි.


මෙවන් වූ මුග්දයන්, ආත්මාර්තකාමී කැනහිලුන් සිටිනා රටක, එරටේ අනාගතය වෙනුවෙන් බුද්ධිමතුන් විසින් කෙරෙන්නා වූ සටන් විහිළුවක් බවට පත් වෙයි. කිමද මේ අම්බරුවන් අපගේ සටන් පාඨ තම සිතැඟි ලෙස,ඔවුන්ගේද සටනක් ලෙස ජනතාව ඉදිරියේ තබද්දී, ඔවුන්ගේ දීර්ඝ කාලීන ක්‍රියාකලාපය තුළ ඔවුන් පවසන දෑ විහිළුවක් සේ තකන සාමාන්‍ය ජනතාව අතර මෙම සටන් පාඨද විහිළුවක්ව යනු ඇත. ඉන්පසු අප ජනතාව අතරට ගොස් මේ ප්‍රශ්නය පැහැදිලි කිරීමට පටන් ගන්නා මොහොතේම ඔහුගේ සිත තුලද අපට ගොං ලේබලය වැදී අවසානය. ඔවුන් කිසිවක් නොපවසනු ඇත, එහෙත් අප කතාව අවසානයේ අවඥාවෙන් පිරුණු මදහසකින් යුතුව "යන්නම් පුතා" කියා නික්ම යනු ඇත. එහෙත් කුමක්නම් කරන්නද, නිදහස් අධ්‍යාපනයේ අග්‍රපලය ලබන අප කර මත පැටවුන වගකීමක් ඇත. ඔවුන් කුමක් සිතුවද ඒ සියලු සිතුම් බිඳදමා ඔවුන්ගේ සිත තුළ මේ නිදහස් අධ්‍යාපනයට අයිති වන්නට යන ඉරණම ගැන කම්පනයක් ඇති කිරීම දැන් අප ඉදිරියේ ඇති අභියෝගයයි.මා මේ කියූ දෙය නිසා එය බරක් කර නොගනිත්වා. මේ අම්බරුවන් නිසා අප කල යුතු කාර්යය දෙගුණ වී ඇත. ලංකාව තුළ යමක් වෙනුවෙන් සටනක් කරන්නේනම් එහි යතාර්ථය ජනතාව අතරට ගෙන යාම පියවර දෙකක ක්‍රියාවලියකි, මුලින් ඇත්තේ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියකි, ඔවුන්ගේ සිතේ ඇති වැරදි වැටහීම ඉවත් කිරීම පියවර අංක 1කය. පියවර අංක 2නම් සත්‍ය තත්වය පහදා දීමය. එහෙත් කුමක්නම් කරන්නද,

 මා ලාංකිකයෙකුව ඉපදුනු බව අභිමානයෙන් යුතුව පවසනු හැර.

ආදරය වේවිද මට සැමදාම අභිරහසක්ම????? හැකි වේවිද තේරුම් ගන්නට ආදරය මතු යම් දිනක???? නොදනිමි මම........................

Why do we close our eyes when we sleep? When we cry?
When we imagine? When we kiss?
This is because the most beautiful things in
the world are unseen.
 
We are all a little weird and life's a little weird
and when we find someone whose weirdness
is compatible with ours,
we join up with them and fall in
mutual weirdness and call it love.


 
 
 
 
 
 
 
 
 
There are things that we never want to let go of,
people we never want to leave behind,
but keep in mind that letting go isn't the end of the world,
it's the beginning of a new life..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Happiness lies for those who cry, those who hurt,
those who have searched and those who have tried.
For only they can appreciate the importance of the people
who have touched their lives.

A great love? It's when you shed tears and still
you care for her,
it's when she ignores you and still you long for her.
It's when she begins to love another and yet you still smile
and say I'm happy for you.
 
If love fails, set yourself free,
let your heart spread its wings and fly again.
Remember you may find love and lose it, but when love dies,
you never have to die with it.

The strongest people are not those who always win
but those who stand back up when they fall.

Somehow along the course of life,
you learn about yourself and realize
there should never be regrets,
only a lifelong appreciation of the choices you've made.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
A true friend understands when you say, I forgot,
waits forever when you say, just a minute,
stays when you say leave me alone,
opens the door even before you knock and says can I come in?

Loving is not how you forget but how you forgive,
not how you listen but how you understand,
not what you see but how you feel,
and not how you let go but how you hold on.

It's more dangerous to weep inwardly rather than outwardly.
Outward tears can be wiped away while secret tears scar forever.

In love, very rarely do we win
but when love is true, even if you lose,
you still win just for having the tingle of loving someone
more than you love yourself.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
There comes a time when we have to stop loving someone
not because that person has stopped loving us
but because we have found out
that they'd be happier if we let go.

It's best to wait for the one you want than settle for one that's available.
Best to wait for the one you love than one who is around.
Best to wait for the right one
because life is too short to waste on just someone.

Sometimes the one you love turns out to be the one who hurts you the most,
and sometimes the friend who takes you into her arms
and cries when you cry
turns out to be the love you never knew you wanted.

LOVE IS THE LOVE FOR THE LOVE, But love is something that many a people can't
understand fully, including meee :)