9/27/2011

කවි මඩුව


පසුගිය දිනක ඉංජිනේරු පීඨ කලා කවයේ  විසින්  පවත්වන්නට යෙදුනු කවි මඩුවට ලක්දිව නන් දෙසින් සපැමිණි කවියන් විසින් ඉදිරිපත් කරන ලද හිටිවන කවි සමූහයේ සාරාංශයක් ඔබේ රසවින්දනය උදෙසා මෙලෙස වාර්තා කරමු. මෙහි මුලසුන කවිකාර මුදියන්සේ විසින් හොබවන ලදී........

කවිකාර මුදියන්සේ -

ගෙන මුල අසුන දැනමුතු ඇති මම මෙ               න
අරඹනු රිසියි කවිමඩුවක් සිත පින                     න
යන එන සිටින අය ඇනයක් තියාගෙ                 න
අසනව හොඳයි රස වෑහෙන කවි වරු               ණ

ලංකාවටම පරසිඳු වූ මේ පිටි                              ය
හන්තානටම සුවඳක් බව කිව යුතු                       ය
ඒ කවි මෙකවි කීවත් මොන මොන කවි             ය
දැන ගත යුත්ත මුලදිම සිහි විය යුතු                    ය

අපෙ ගී සින්දු කවි මඩුවට පමණි පු                    තේ
ඉන් එපිටකට මේවා නොම ගත යුත්                 තේ
කවුරුත් රිදවන්න නොව කවි පද ඇත්               තේ
බලලා සිනාවී යන්නයි යන පැත්                       තේ

අරගෙන අවසරය මේ ලෙස හැම අයගෙ            න්
වැඳලා දෙගුරු මාපිය එක්වූ දෝති                       න්
අසනා රිසිව මුල පිරුමක් කවියෙක්ගෙ               න්
එහෙනම් අරඹපන් ආචරි උඹ කවියෙ                 න්

පේරාදෙණිය ආචරි කවියා

තුතිමල් පුදමි නුඹහට අපි මුල අසු                       න
හැමටම හොඳයි මේ කවි මල් ඇසෙ                   න
එහෙනං ඔන්න අපෙ සුබ පැතුමුත් ගන්              න
දැනමුතු තියෙන ලොකු තැන කවියක් දෙන්       න

අවසන් පියවර ලොකු තැන කවියා-

අන්තිම වසර මේකයි මගෙ ගුරුතුම                 නි
ඇණ මහ ගොඩක් මා වටකර ගොඩ ගැසු         නි
පිකටින් බැනර් ගැන දැන්නම් කළකිරු             නි
ඩිග්රිය මගේ බේරාපන් ගුරුතුම                       නි

පැණිදෙනියේ හිච්චි එකා කවියා-
      
         අය්යෝ අයියන්ඩි මේ මොන බයිලා                  ද?
කැම්පස් රැක ගන්න ඕනෑ අපි නේ                    ද?
ජීවිතෙ ගියත් වෙනුවෙන් හොඳ නැද්            ද?
අධ්යාපනේ නිදහස අපි මත නේ                      ද?

මද්දුමයා කවියා
මඟුලක් නොවැ ඔළු ගෙඩියට පාත් උ              නේ
ඉන්නට තැනක් අයියෝ මට අහිමි උ              නේ
බෝඩිං ,ඉන්න හොස්ටල් නෑ මෙවර ප          ණේ
මොන කරුමෙද මගේ පස්සෙන් එළවන්        නේ

හන්තාන කඳු පාමුල බඩ පිස්සා කවියා-
         ඉලෙක් කරන ජී.පී එක කියන්න                           කෝ
      මෙඩිකල් එකෙන් කෙල්ලෙක් මට හොයන්න         කෝ
         හිච්චි අය්යෙ තව සැරයක් අහන්න                        කෝ
අපේ බැච් එකත් දැන් එකතුයි බලන්න                 කෝ

කැළණිය අත්නරේ කවියා-

රැකගමු උරුමෙ හෙට උන්ටත් ලැබ දෙන්       න
වනසමු පාජරක්ෂව රට රැකගන්                     න
යකඩ කටෙන් එන උණ්ඩෙට හිස දෙන්         න
ඔක්කොම එක්ක හෙට ලිප්ටන් වෙත එන්     න


මහනුවර සුදු බණ්ඩා කවියා-
අත්නරෙ මමත් කැළණියෙ ඉඳලා ඇත්         තේ
ඔයවගේ ටෝක් බොක්ක පිටින් දී ඇත්         තේ
අවුරුදු හතර ගෙවුනම වර මේ පැත්              තේ
ඉඩ තියෙනවා තව බුලතේ සැක නැත්          තේ

පේරාදෙණිය ආචරි කවියා-

හා හා මොකද උඹලා මේ ඇරගන්                 නේ
මොළයක් නෑ වගේ මොකදෑ        නියවන්     නේ
උඹලා "ක්රීම් එක කන්ට්රියෙ " දැනගන්     නේ
ගැන හිතට අරගෙන කවි කියවන්              නේ


අවසන් පියවර ලොකු තැන කවියා-
හා හා එපා ගුරුතුම සිත රිඳවන්                       න
පමා උනොත් වසරක් ,ඇති මිය යන්               න
ඕවට ගිහින් තව සැරයක් ඇණ වෙන්              න
ඕනෑකමක් නෑ මටනම් දැන ගන්                     න

කවිකාර මුදියන්සේ-
හා හා හොඳයි අද දවසට ඉතින් ඇ                   තී
කීවා අපූරුයි උඹලගෙ ගීත පෙ                        තී
එළියට එනව හංගාගත් අරුම පැ                     තී
මේ ලෙස හමුවෙමුද සතියට වරක් නි              තී

අමතක වෙනව තව ඩ්ංගෙන් අපෙ රා              ළේ
උඹලත් ලියපල්ල කවියක් මේ තා                   ලේ      
ලියලා එවපල්ල මඩුවට වී ආ                           ලේ
එහෙනං ගොහින් එන්නද හනිකට රා               ළේ
                                                                                    

මාටියා

Read more »

9/23/2011

මගේ ප්‍රාර්ථනාව......!

 "ඔයාල දන්නවද?,  පේරාදෙණිය කැම්පස් එකේ තියනවලු යන්තර පින්තාරු
කරන තැනක්. ඒක තියෙන්නෙ කැම්පස් එකේ තියන මාරම තැනකලු. එතන කවි සින්දු,
නැටුම් වැයුම් වලින් එහෙම කිසිම අඩුවක් නෑලු. පුදුමෙ කියන්නෙ මේ කියන මාරම
තැන ඉංජිනේරු පීඨයලු. එහෙව් එකේ මම මොන මඟුලටද මොරටු යන්නෙ."

    ඔය කථාව මම මගේ යාළුවන්ට කීවෙ උසස් පෙළ විභාගෙ කරල මාස හතරකට
විතර පස්සෙ. මොකද ඒ වෙනකොට විභාග ප්‍රතිඵලත් ඇවිත්. මට මේ වග දැනගන්ට
ලැබුනෙ කැම්පස් එකේ කලා පීඨයේ තියන කලාව උගන්නන තැන හිටපු ඈයොගෙන්.
ඒ කියන්නෙ 'ලලිත කලා අධ්‍යයන අංශයෙ' හිටපු ඈයොගෙන්. ඉතිං හිතාගන්ට
පුළුවන්නෙ මේ කියන යන්තර පින්තාරු කරන තැන කොහොම එකක්ද කියල.
මොකද මේ ගැන මට කියපු ඈයොත් පුදුම වෙලයි හිටියෙ.

     ඉස්කෝලෙ යන කාලෙ බැහැලම සංගීතෙනම් කරා. ඒත් පෑනක් කොලයක්
ගත්තම ලියවුනේ පංතියේ සටහනක්, එහෙමත් නැත්තම් කටු සටහනක් විතරයි.

     ඉතිං මේ කියන තැන බලනකම් මම ඉවසිල්ලක් නැතුවයි හිටියෙ. කැම්පස් යන්නෙ
 කවදද කියල මඟ බල බල ඉඳල කොහොම කොහොමහරි කැම්පස් එකට ආව.
ආව විතරයි, මොන යන්තර පින්තාරු කිරිල්ලක්ද, බංකු තියෙද්දිත් විසඳන්ට බැරි
බල පද්ධති තියන යන්තරනම් ගොඩාක් හැදුව. ඒත් ඔහොම ඔහොම යනකොට මට
සංගීතෙට තිබ්බ උන නිසාම ඔය කියන යන්තර පින්තාරු කරන තැනට ඉබේම වගේ
මම ගියා. එතන මට නියමෙටම අල්ලලා ගිය. එතනත් මම සන්ගීතෙම කරගෙන හිටිය.

    ඔහොම අවුරුද්දක් විතර යනකොට මෙතන හිටපු ලියන කියන ඈයොන්ගෙ
වැඩ දැකල මගෙත් ඔලුව ටිකෙන් ටික කුලප්පු වෙන්න ගත්ත. ඒ කාලෙ නිකම්ම නිකම්
හිතිච්ච දේවල් අමුතු අමුතු විදියට හිතෙන්න ගත්ත. ඉතිං ඔහොම කාලෙ ගතවෙනකොට,
දෙවෙනි අවුරුද්දෙ අවසාන විභාගෙ තියන දවස් වල මට මෙහෙම දෙයක් උනා.

(වාරෙ පුරාවටම පිස්සු නට නට ඉඳල 'මළ සතියෙ' ඔක්කොම කරන අපිට විභාග ප්‍රතිඵල
කියන්නෙ සමහර වෙලාවට රාස්සයෙක් වගේ. අනේ...! මගේ හිතේ පිපිල ඉන්න මල්
කැකුළ රාස්සයෙකුට බය වෙලා! සිනිඳු මල් පෙති දිගේ කඳුළු බිංදු එකින් එක පහලට
වැටෙනව. දළඳා සමිඳු පෙනෙන මානෙ හිටපු මට, මගෙ සිඟිති මල් කැකුළ වෙනුවෙන්
කරන්න තිබුනෙ එකම එක ප්‍රාර්ථාවක් විතරයි. මහා පුරුදුකාරයෙක් නොවුනත්,
හරබර වචන නැති උනත්, මගේ කෝඩුකාර හිතේ ඇතිවෙච්ච ඒ ප්‍රාර්ථනාව,
එදා ඉස්කෝලෙදි කටු සටහන් කරපු කටු කොලේ උඩ, මගේ අතේ තිබුන පෑනෙන්
ලියවුනේ මෙන්න මෙහෙමයි!)

     

මගේ..   සිඟිති  මල්  කැකුළ  රකුසකුට        බිය වී
මහ රෑ   කිඳෙයි  කඳුළු  ගංගාවෙ               තනි  වී
නැහැ  තනිවෙලා..   නුඹ  මගේ..  සිඟිති      කැකුළී
සදා ළඟ සිටිමි  මම  නුඹ  සෙවනැල්ල               වී


සිතෙයි  දින  නුදුරු   නොම එයි   රකුසු    නපුරු වී
නොවනු  බිය  මැණික  දළඳා..   සමිඳු      වැඩ හිඳී
නොම  රකුසු  රැගෙන  එනු  එලෙස   බුදු    හිමියනී
සත්   දිනක්    සිඹිමි   ඔබ   සිරිපතුල         සමිඳුනී


                                                            රාමා 7

Read more »

9/21/2011

සිංදුවක් කිය( ව )මුද?

හායි හායි....
ඉතිං කොහොමද? මේ පැත්තේ වස කම්මැලියි. රස්සාවක් කරනවා කියන එකත් ලේසිපාසු වැඩක් නෙමේ. උදේ අටේ ඉඳන් හවස පහ වෙනකන් පුටුවක් උඩ ඉඳන් ඉන්නවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද? ඉතින් ඔහොම නිදි කිර කිරා ඉන්න කොට මට මතක් වෙනවා මේ පැත්ත. ආවා මොනා හරි කොටලා යන්ඩ කියලා.

අපි අර හන්තාන පැත්තේ හිටපු කාලෙ මායි තව එකෙකුයි (තව එකෙක් කිව්වාට මං වගේම පිස්සු ඩයල් එකක්) ජෑම් ගහක් යට බංකුවක ඉඳගන පාරේ යන කෙල්ලෝ ගනන් කරනවා. ඔය ජෑම් ගහ ගැන කියනවානම් කියන්ඩ කතා ගොඩාආආක් තියනවා. පුද්ගල චරිත ඝාතනය කරන්ඩ ගිහින් මන් ඝාතනය වෙන්නෙ මොකටෙයි. කට වහගන ආපු කතාව කියපන්කෝ නේද? ඉතිං ඔහොම ගහ යට ඉඳගන යක්කු ගනන් කරනවා. නෑ නෑ. සොරි වේව. සුන්දර ලලනාවෝ ගනන් කරනවා. ඔහොම ඉද්දි අපිට ගලාගන එනවා සින්දුවක්. පස්ටම සින්දුවක්. හලාවත පැතේ සුරේන්ද්‍ර අයියගෙ ගායනාවක් මේක.




අනේ ඉතිං ඕක අහගන හිටපු අපි දෙන්නට එනවා හොඳ විචාරාත්මක අදහස් ටිකක්. හෆොෆොෆොයියියියි... බලාගන ගියාම මේකෙ තියන්නේ ශෘංගාරය නොවැ. තනිකර හින්දි පික්චැර් එකක සීන්ස් එක පාර මැද්දෙ. ඔන්න නලුවා ඉන්නවා පාරක් අයිනේ ඉඳගන බූරුවා පාරක් එහෙම ගහගන. හිත කිලිපොලා ගන සීතල මල් වැස්සකුත් අරගන මෙන්න කෙල්ල එන්ටොර් වෙනවා. මේක දැකපු අපේ කොල්ලා ඇස් දෙක කනේ තියාගන බලාගන ඉන්නවා.


ඔතනින් එහාට කියෝගන ගියාම කාටත් තේරෙයි සින්දුව ගැන. ටිකක් සංවර වෙලා බලද්දි අපි දෙන්නටත් පුදුම හිතුනා. ඔය සින්දුවම අපි කොච්චරවත් අහලා තිබුනත් තේරුමක් හිතුනෙ නෑනෙ. තාලෙකට ගලපපු වචන ටිකක් මැද්දෙ කොයි තරම් දෙයක් හැන්ගිලා තියනවද. ඔන්න ඕක ගැන කියන්ඩයි මං මේ කතාව ලිව්වෙ. (නැතුව මේ වල් හිතකින් එහෙම නෙවේ හොඳේ) ඔය වගේ සින්දු, කවි කියන හැම දෙයක්ම ඇතුලේ පිටින් පේනවට වඩා ලොකු දෙයක් හැන්ගිලා තියනවා. පේන හැමදෙයක්ම දිහා හොඳට බැලුවොතින් පේනවට වඩා දෙයක් පෙනේවි.

එහෙනම් ආයෙත් හම්බෙමු. ට ටාටාටාටාටා....... :)

පරා අයිය.

Read more »

9/19/2011

බාලාංස පන්තියේ කතාවක්....

ආයිබෝං......

ඔක්කොටම ආයිබෝං කියල බැස්සට මොකද මම මේ බ්ලොග් කෙරුවාවට බොහොම අලුත්. කොටින්ම කියනවානම් මේක කොටලා ඉවර වෙලා කොතෙන්ට දාන්නද කියලවත් දැනගන හිට්යෙ නෑ ඕයි. ඒ හින්දා මේක කියවලා කිසි ගතියක් නැත්තම් ගැත්තාට සිය දහස් වාරයක් සමාව බාජනය කොරන්ඩ ඕනා. බැරිමනම් ඔය ලඟ පාත ඉන්න සූටි එකෙක් අල්ලගන බැනපල්ල.මොකද මං මේ කියන්ඩ යන කතාව සූටි කාලේ වෙච්හි එකක්. සූටියි කිව්වට ඉත්ං සූටිම නෑ. ටිකක් විතර සූටියි. බයිල ඇති නෙ? කතාව පටාං ගමු.

ඔන්න ඉතිං එකෝමත් එක කාලෙක මං හිටියා අර හන්තාන අයිනේ බාලාංස පන්තියක. මොන පන්තියෙද කියලා අහන්ඩ එපා. වැඩේ මාට්ටු කරගන්ඩ බෑ. ඉතිං ඔය හන්තානේ මොකක්දෝ අමුතුම ලෙඩක් තියනවා, ඕකට ගිය උන්ට හැදෙනවා ගායක්. මයෙ හිතේ මොකෙක් හරි කැලේ අස්සෙ ඉඳං අර මල්සරාගේ අරකෙන් විදිනවා. නේ ඉතිං අවුරුදු විස්සක් විතර නොයිඳුල්ව බ්‍රහ්ම චරියාවෙන් හැසිරිච්චි මේ අසරන කොලුවටත් එනවා අමුතුම කික් එකක්. ඉතිං ඔහොම වෙලා වීරයා බලං ඉන්නවා කොහෙං පාත්වෙයිද පිල්ම් එකේ කෙල්ල කියලා.
කොහෙන්දෝ කැරකිලා ආපු ගැටිස්සියෙක් පාත් වෙනවා හන්තානට. (අර කාන්තාරෙදි යක්කුත් බඩු වෙනව කියලා කතාවක් තියෙන්නේ.) ඔන්න ඕවා දැකලා හදිස්සියෙ පාත් වෙනවා ආලවන්ත කවි සිතුවිල්ලක්. මෙන්න මෙහෙම.

හන්තානට මුවා වෙලා
හැන්දෑවේ ඉර බහිද්දි
රොබරෝසියා හෙවණ යටින්
නුඹේ දෑතේ පැටලීලා
යන්නට ඇත්නම්....

හිනා පිරුනු ඔය නෙතු ලඟ
හීන ගොඩක් හිතින් දරන්
ආදර බර නුහුමකට
තුරුල් වෙලා මං ඉන්නම්.....

මහවැලියේ සිලි සිලි නඳ
හද සනහා ගලනා විට
ඔබත් එක්ක දුරින් ඉඳන්
බලාන ඉන්නම්
හිතේ ඇඳුන නිල් ඇස් දෙක
එහිත් දකින්නම්....

මගේ සිහිනේ දෙව් දුව ඔබ
මගේ ලඟින් ඉන්නවා නම්
සත්තයි මං දෑස වගේ ඔබ රැක ගන්නම්
හද කැලඹූ ඔය මුහුනේ
කාන්තියට වශී වෙලා
සියක් වසක් ඔය රුව දෙස
බලාන ඉන්නම්....

කතාව ඉතිං ඔහොම යනවා. දැනට මේ ටික මතු සම්භන්ද කරමු. ගතියක් නැත්තම් සොරි වේවා. පලවෙනි පෝස්ට් එකනේ. එහෙනම් ආයෙත් හම්බෙමු.... ටටාටාටාටාටාටාටාටාටාටාටා............. ;)

පරා අයියා.....

Read more »