කරන තැනක්. ඒක තියෙන්නෙ කැම්පස් එකේ තියන මාරම තැනකලු. එතන කවි සින්දු,
නැටුම් වැයුම් වලින් එහෙම කිසිම අඩුවක් නෑලු. පුදුමෙ කියන්නෙ මේ කියන මාරම
තැන ඉංජිනේරු පීඨයලු. එහෙව් එකේ මම මොන මඟුලටද මොරටු යන්නෙ."
ඔය කථාව මම මගේ යාළුවන්ට කීවෙ උසස් පෙළ විභාගෙ කරල මාස හතරකට
විතර පස්සෙ. මොකද ඒ වෙනකොට විභාග ප්‍රතිඵලත් ඇවිත්. මට මේ වග දැනගන්ට
ලැබුනෙ කැම්පස් එකේ කලා පීඨයේ තියන කලාව උගන්නන තැන හිටපු ඈයොගෙන්.
ඒ කියන්නෙ 'ලලිත කලා අධ්‍යයන අංශයෙ' හිටපු ඈයොගෙන්. ඉතිං හිතාගන්ට
පුළුවන්නෙ මේ කියන යන්තර පින්තාරු කරන තැන කොහොම එකක්ද කියල.
මොකද මේ ගැන මට කියපු ඈයොත් පුදුම වෙලයි හිටියෙ.
ඉස්කෝලෙ යන කාලෙ බැහැලම සංගීතෙනම් කරා. ඒත් පෑනක් කොලයක්
ගත්තම ලියවුනේ පංතියේ සටහනක්, එහෙමත් නැත්තම් කටු සටහනක් විතරයි.
ඉතිං මේ කියන තැන බලනකම් මම ඉවසිල්ලක් නැතුවයි හිටියෙ. කැම්පස් යන්නෙ
කවදද කියල මඟ බල බල ඉඳල කොහොම කොහොමහරි කැම්පස් එකට ආව.
ආව විතරයි, මොන යන්තර පින්තාරු කිරිල්ලක්ද, බංකු තියෙද්දිත් විසඳන්ට බැරි
බල පද්ධති තියන යන්තරනම් ගොඩාක් හැදුව. ඒත් ඔහොම ඔහොම යනකොට මට
සංගීතෙට තිබ්බ උන නිසාම ඔය කියන යන්තර පින්තාරු කරන තැනට ඉබේම වගේ
මම ගියා. එතන මට නියමෙටම අල්ලලා ගිය. එතනත් මම සන්ගීතෙම කරගෙන හිටිය.
ඔහොම අවුරුද්දක් විතර යනකොට මෙතන හිටපු ලියන කියන ඈයොන්ගෙ
වැඩ දැකල මගෙත් ඔලුව ටිකෙන් ටික කුලප්පු වෙන්න ගත්ත. ඒ කාලෙ නිකම්ම නිකම්
හිතිච්ච දේවල් අමුතු අමුතු විදියට හිතෙන්න ගත්ත. ඉතිං ඔහොම කාලෙ ගතවෙනකොට,
දෙවෙනි අවුරුද්දෙ අවසාන විභාගෙ තියන දවස් වල මට මෙහෙම දෙයක් උනා.
(වාරෙ පුරාවටම පිස්සු නට නට ඉඳල 'මළ සතියෙ' ඔක්කොම කරන අපිට විභාග ප්‍රතිඵල
කියන්නෙ සමහර වෙලාවට රාස්සයෙක් වගේ. අනේ...! මගේ හිතේ පිපිල ඉන්න මල්
කැකුළ රාස්සයෙකුට බය වෙලා! සිනිඳු මල් පෙති දිගේ කඳුළු බිංදු එකින් එක පහලට
වැටෙනව. දළඳා සමිඳු පෙනෙන මානෙ හිටපු මට, මගෙ සිඟිති මල් කැකුළ වෙනුවෙන්
කරන්න තිබුනෙ එකම එක ප්‍රාර්ථාවක් විතරයි. මහා පුරුදුකාරයෙක් නොවුනත්,
හරබර වචන නැති උනත්, මගේ කෝඩුකාර හිතේ ඇතිවෙච්ච ඒ ප්‍රාර්ථනාව,
එදා ඉස්කෝලෙදි කටු සටහන් කරපු කටු කොලේ උඩ, මගේ අතේ තිබුන පෑනෙන්
ලියවුනේ මෙන්න මෙහෙමයි!)
මගේ.. සිඟිති මල් කැකුළ රකුසකුට බිය වී
මහ රෑ කිඳෙයි කඳුළු ගංගාවෙ තනි වී
නැහැ තනිවෙලා.. නුඹ මගේ.. සිඟිති කැකුළී
සදා ළඟ සිටිමි මම නුඹ සෙවනැල්ල වී
සිතෙයි දින නුදුරු නොම එයි රකුසු නපුරු වී
නොවනු බිය මැණික දළඳා.. සමිඳු වැඩ හිඳී
නොම රකුසු රැගෙන එනු එලෙස බුදු හිමියනී
සත් දිනක් සිඹිමි ඔබ සිරිපතුල සමිඳුනී
මහ රෑ කිඳෙයි කඳුළු ගංගාවෙ තනි වී
නැහැ තනිවෙලා.. නුඹ මගේ.. සිඟිති කැකුළී
සදා ළඟ සිටිමි මම නුඹ සෙවනැල්ල වී
සිතෙයි දින නුදුරු නොම එයි රකුසු නපුරු වී
නොවනු බිය මැණික දළඳා.. සමිඳු වැඩ හිඳී
නොම රකුසු රැගෙන එනු එලෙස බුදු හිමියනී
සත් දිනක් සිඹිමි ඔබ සිරිපතුල සමිඳුනී
රාමා 7
බොහොම ලස්සන කවි ටික මල්ලි. ඕං දැම්මා +1ක්. :)
ReplyDeleteකවියක තියනවා බොහොම ලස්සන ගුණයක්. ලියන කෙනා කොහොම ලිව්වත් ඒකේ තේරුම කියවන කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්ඩ පුලුවන් නේද? මොකද අපි ඕනා දෙයක් හිතන්නේ ඒක අපේ කරගන. දැන් මල්ලි ලියපු කවි ටික ඇතිවෙන්ඩ හේතුවත් ලියලම තියනවනේ. මළ සතියේ භයානක කමින් තමුන්ගේ හිතේ ඇති වෙච්ච කලාකාමී මල් කැකුල බේරලා දෙන්ඩ කියපු ප්‍රාර්තනාව.
හැබැයි ඉතිං ඕක ගැන අමතක කරල අපි කවිය කියෙව්වොත් මට හිතෙන්නේ මෙහෙම දෙයක්. පොඩි කතන්දරයක්.
ආදරේ කරන පිරිමි ලමයෙකුයි ගෑනු ලමයෙකුයි අතරට එනවා තුන්වෙනි පාර්ශවයක්. ගෙදරින් කතා කරපු කෙනෙක්. තමින්ගේ ආදරේට ගොඩ දෙනෙක් විරුද්ධ වෙද්දි, පිරිමි ලමයා ගෑනු ලමයට කිය්පු කවි ටිකක් තමා මං දැක්කේ.
තව කෙනෙක්ට මේක වෙනස් විදියකට බලන්ඩ පුලුවන්.
කවියක් සින්දුවක් කතාවක් රස විඳින්න පුරුදු වෙන එක ගොඩාක් වටිනවා. එක පුද්ගලයෙක් විදියට අපිට සමාජයේ තියන හැම දෙයක්ම අති විඳින්න ලැබෙන් නෑ. ඉතිං අපිට පුලුවන් මේ වගේ කලාව හරහා ඒ අත්දැකීම් අපේ කරගන්න. එතකොට අපිට පුලුවන් වෙයි තවත් කෙනෙක් කරන දෙයක් එයාගේ මානසිකත්වයෙන් තේරුම් ගන්ඩ. කොටින්ම කියනවා නම් මනුස්සකම ඉගන ගන්ඩ.
නියමයි මල්ලි. තව ලියන්ඩ. :)