පාළු කුටියේ හුදකලාවේ 
                            සිටින විටදී කල්පනාවේ
                           ඔබේ සුවඳයි මවෙත ආවේ
                           දැවටිලා මුදු සිහිල් පවනේ
                                                නොනිදා අවදිව සයනේ වැතිරී
                                                මතක සිතුවම අඳින විටදී
                                               නෙතඟ කඳුලක් ගියා බොඳවී
                                               ඇන්ද සිතුවම අතරමඟදී
                           මෑත දිනයක පැතූ පැතුමන් 
                           සිහිනයක් විය දකින රැයකදි
                           ගලක් වූ අද ඔබේ හදවත
                           මලක් වේවා ........යලිත් දිනකදි.
                                                    දුමින්ද 
                                            (රචකයා ගැන )
අපි කැමති මේ ලිපියෙ අයිතිකාරයා කවුද කියල දැනගන්න ..අය්යෙ ඔයා අපෙ බ්ලොග් එක දැක්කොත් පොඩ්ඩක් අපිට කියන්න ඔයා කවුද කියල ..
ReplyDelete