පසුගිය දිනක ඉංජිනේරු පීඨ කලා කවයේ  විසින්  පවත්වන්නට යෙදුනු කවි මඩුවට ලක්දිව නන් දෙසින් සපැමිණි කවියන් විසින් ඉදිරිපත් කරන ලද හිටිවන කවි සමූහයේ සාරාංශයක් ඔබේ රසවින්දනය උදෙසා මෙලෙස වාර්තා කරමු. මෙහි මුලසුන කවිකාර මුදියන්සේ විසින් හොබවන ලදී........
කවිකාර මුදියන්සේ - 
ගෙන මුල අසුන දැනමුතු ඇති මම මෙ               න
අරඹනු රිසියි කවිමඩුවක් සිත පින                     න
යන එන සිටින අය ඇනයක් තියාගෙ                 න
අසනව හොඳයි රස වෑහෙන කවි වරු               ණ
ලංකාවටම පරසිඳු වූ මේ පිටි                              ය
හන්තානටම සුවඳක් බව කිව යුතු                       ය
ඒ කවි මෙකවි කීවත් මොන මොන කවි             ය
දැන ගත යුත්ත මුලදිම සිහි විය යුතු                    ය
අපෙ ගී සින්දු කවි මඩුවට පමණි පු                    තේ
ඉන් එපිටකට මේවා නොම ගත යුත්                 තේ
කවුරුත් රිදවන්න නොව කවි පද ඇත්               තේ
බලලා සිනාවී යන්නයි යන පැත්                       තේ
අරගෙන අවසරය මේ ලෙස හැම අයගෙ            න්
වැඳලා දෙගුරු මාපිය එක්වූ දෝති                       න්
අසනා රිසිව මුල පිරුමක් කවියෙක්ගෙ               න්
එහෙනම් අරඹපන් ආචරි උඹ කවියෙ                 න්
පේරාදෙණිය ආචරි කවියා
තුතිමල් පුදමි නුඹහට අපි මුල අසු                       න
හැමටම හොඳයි මේ කවි මල් ඇසෙ                   න
එහෙනං ඔන්න අපෙ සුබ පැතුමුත් ගන්              න
දැනමුතු තියෙන ලොකු තැන කවියක් දෙන්       න
අවසන් පියවර ලොකු තැන කවියා-
අන්තිම වසර මේකයි මගෙ ගුරුතුම                 නි
ඇණ මහ ගොඩක් මා වටකර ගොඩ ගැසු         නි
පිකටින් බැනර් ගැන දැන්නම් කළකිරු             නි
ඩිග්රිය මගේ බේරාපන් ගුරුතුම                       නි
පැණිදෙනියේ හිච්චි එකා කවියා-
         අය්යෝ අයියන්ඩි මේ මොන බයිලා                  ද?
කැම්පස් රැක ගන්න ඕනෑ අපි නේ                    ද?
ජීවිතෙ ගියත් ඒ වෙනුවෙන් හොඳ නැද්            ද?
අධ්යාපනේ නිදහස අපි මත නේ                      ද?
මද්දුමයා කවියා
මඟුලක් නොවැ ඔළු ගෙඩියට පාත් උ              නේ
ඉන්නට තැනක් අයියෝ මට අහිමි උ              නේ
බෝඩිං ,ඉන්න හොස්ටල් නෑ මෙවර ප          ණේ
මොන කරුමෙද මගේ පස්සෙන් එළවන්        නේ
හන්තාන කඳු පාමුල බඩ පිස්සා කවියා-
         ඉලෙක් කරන ජී.පී එක කියන්න                           කෝ
      මෙඩිකල් එකෙන් කෙල්ලෙක් මට හොයන්න         කෝ
හිච්චි අය්යෙ තව සැරයක් අහන්න කෝ
හිච්චි අය්යෙ තව සැරයක් අහන්න කෝ
අපේ බැච් එකත් දැන් එකතුයි බලන්න                 කෝ
කැළණිය අත්නරේ කවියා-
රැකගමු උරුමෙ හෙට උන්ටත් ලැබ දෙන්       න 
වනසමු පාජරක්ෂව රට රැකගන්                     න
යකඩ කටෙන් එන උණ්ඩෙට හිස දෙන්         න
ඔක්කොම එක්ක හෙට ලිප්ටන් වෙත එන්     න
මහනුවර සුදු බණ්ඩා කවියා-
අත්නරෙ මමත් කැළණියෙ ඉඳලා ඇත්         තේ
ඔයවගේ ටෝක් බොක්ක පිටින් දී ඇත්         තේ
අවුරුදු හතර ගෙවුනම වර මේ පැත්              තේ
ඉඩ තියෙනවා තව බුලතේ සැක නැත්          තේ
පේරාදෙණිය ආචරි කවියා-
හා හා මොකද උඹලා මේ ඇරගන්                 නේ
මොළයක් නෑ වගේ මොකදෑ        නියවන්     නේ
උඹලා "ක්රීම් එක කන්ට්රියෙ " දැනගන්     නේ
ඒ ගැන හිතට අරගෙන කවි කියවන්              නේ
අවසන් පියවර ලොකු තැන කවියා-
හා හා එපා ගුරුතුම සිත රිඳවන්                       න
පමා උනොත් වසරක් ,ඇති මිය යන්               න
ඕවට ගිහින් තව සැරයක් ඇණ වෙන්              න
ඕනෑකමක් නෑ මටනම් දැන ගන්                     න
කවිකාර මුදියන්සේ-
හා හා හොඳයි අද දවසට ඉතින් ඇ                   තී
කීවා අපූරුයි උඹලගෙ ගීත පෙ                        තී
එළියට එනව හංගාගත් අරුම පැ                     තී
මේ ලෙස හමුවෙමුද සතියට වරක් නි              තී
අමතක වෙනව තව ඩ්ංගෙන් අපෙ රා              ළේ
උඹලත් ලියපල්ල කවියක් මේ තා                   ලේ       
ලියලා එවපල්ල මඩුවට වී ආ                           ලේ
එහෙනං ගොහින් එන්නද හනිකට රා               ළේ
මාටියා
""අවසන් පියවර ලොකු තැන කවියා-
ReplyDeleteඅන්තිම වසර මේකයි මගෙ ගුරුතුම නි
ඇණ මහ ගොඩක් මා වටකර ගොඩ ගැසු නි
පිකටින් බැනර් ගැන දැන්නම් කළකිරු නි
ඩිග්රිය මගේ බේරාපන් ගුරුතුම නි""
අන්තිම අඩිය තියලයි එලියට ආවේ
තැන තැන ඇණ ඇතත් ලොකු අවුලක් නැත්තේ
ඩිග්‍රිය ඇතත් දුකකුත් හිත තුල ඇත්තේ
හන්තානේ මතක පිරිලා හිත එලිපත්තේ
බඩ පිස්සෙක් වෙලා හන්තානට ආවේ
දුටු ලස්සනට හිත වැටිලා වශී උනේ
නටපු පිස්සු වල නිමකුත් නැත බාලේ
සිහිවන විටදි කට කොනකින් සිනහ නැගේ
බෝඩිං වෙලා හිටි කාලෙත් එසේමය
ඇන්ටී අන්තිමට ගැසුවේ කොස්සෙන්ය
අක්බාර් පාලමෙන් එහාට සුන්දරය
මේවා නොදුටු ඇස් කොස් කොටන්නය
බ්ලොගේට ආවෙ මොකෙකුට හරි කොටන්නයි
දැක්කම කවි මඩුව හිතුනේ අඬන්නයි
පට්ටම කාලයක් හන්තානේ ගෙව්වයි
ආයෙත් එන්ඩ හිතෙනවා.......................
පිස්සුද කොල්ලෝ, ආයෙත් එන්නෙ නෑ. :ප්