10/26/2013

කවිකාරයාට කවිකාරිගෙන්………


විසේකාර කෙස් රොද,
මා මුව පුරා දඟ කරන තරම්.....
උරහිසේ සුව විඳින නුඹ දන්නවනම්......

                                කවිකාරයා

නුඹ මුව පුරා දඟ කරන මා කෙස් රොද,
මවන කවිකම්.....
නොදැන මා නුඹ උර මත සුව වින්ද තරම්....


                       උපුටා ගන්නා ලදී (කවිකාරිගෙන්)
                       එව්වේ: බට්ටා 06


10/09/2013

ළඟ සහ දුර ෴




එදා ඔබ
මිතුරියෙකි
ඇස නුදුටු
ළඟ නොසිටි
එහෙත්,
"කතා කළ..."

මෙදා ඔබ
"නැගණියකි"
නෙත ගැටුණු
නෙත ගැටෙන
එහෙත්,
කතා නොකරන...