විදාහල අතු වියන ලෙස මට සෙවන වූවා නුඹෙ ගතින්...
වසාගත්තේ මගෙන් කොටසක් කලේ රකිනට මා නිතින්...
කියා ඒ ගැන ලොවේ හැමදෙන කළා අවමන් පුහු සිතින්...
එහෙත් නුඹ මට මහමෙරක් බව කියමි හඬගා මා වතින්...
වසන්තයෙ පිනි කඳුලු තවරා මලින් නුඹ මා ගැවසුවා...
දසන්තයෙ හැම නිතර කොඳුරා මගේ රුව ගැන පැවසුවා...
දිගන්තය වෙත බසින කුමරා ලෙසින් නුඹ මා සැනසුවා...
අනන්තය තෙක් මලින් කල රූ සිතුවමින් මා සැරසුවා...
සියලු දහමන් නැසෙන බව නම් දනිමි වියපත් හිමියනේ...
කුමන අයුරින් නුඹගෙ නික්මන් බලා ඉන්නේ දෙනෙතිනේ...
කුරිරු මිනිසුන් ගියේ උදුරන් මගෙන් නුඹ මේ විලසිනේ...
සිනහ වෙන්නේ කෙලෙස යළි මම බලා නුඹ දෙස කිව මැනේ...
- ආදරණීය 'වල' -
ලිව්වේ : රන්දුනු යසරංග
සේයා රූ :
මම නම් ඉතින් ඔතන හැබැහින් දැකලා නෑ.. කෝම වුනත් ලස්සන තැනක්.. අපරාදේ, ආයේ ඉතින් ඒ ලස්සන කොහෙන් එන්නද..
ReplyDeleteඔව්. මේක ගොඩක් දෙනෙක් සංවේගයට පත් කරපු සිදුවීමක්...
Deleteඅපි ඉතිං තව එකක් හිටවමු..
ReplyDeleteඔය විදියට ආයෙත් මල් පිපෙන තත්වෙට පත් වෙන්න අවුරුදු 40 ක් වත් යනවලු....
Deleteඉතිං මොකෝ.. අපරාදේ බං බොලා ඔච්චර දන්න එකේ අවුරුදු හතලිකට කලින් බැක්අප් එකක් දැම්ම නං හරිනේ.. එහෙනං මේ වියෝ දුක නෑනේ
Delete:D :D ඔය බව දන්නවා නම් කලින් ආත්මේ හිටවනවා එකක්.....
Deleteකතාකරන පිංතුර පෙළක් එක්ක සංවේදි සටහනක්..
ReplyDelete:(
ReplyDeleteඅප්පොච්චියේ.....වලේ ගහ ! - (තිලක සිත)
ReplyDeletehttp://thilakasitha.blogspot.com/2014/07/blog-post.html
This comment has been removed by a blog administrator.
ReplyDelete