7/29/2015

***...... අයියො අදත් ඇණ ......***





මොනවද අම්මේ අකුරු ජාතියක්
පේපර් වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා හදන්නේ
x y ඔක්කොම කලවම් කරලා

පුතා දන්නෙ නෑ මිඩ් එක කාලෙට
ෆෑකල්ටියේ හරි වැඩ කෙරෙතී
ඩෙඩ් වීක් උන් කුප්පි දමද්දි
ෆෑකල්ටියේ පේපර් හදතී

මේවට උත්තර කොහොම ලියන්නද
කොහොමද මෙවා විසදන්නේ
කොහොමද අම්මේ මේව ලියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ

ලූප් එකේ මේ ඉෆ් එල්ස් එක් කර
දිගට දිගේ ඇත පේපරයේ
ඒවායින් මේ සබ්ජෙට් ඇණ වෙයි 
ඒව කෙරෙන්නේ හොර රහසේ

අම්මෙ අම්මෙ අර අනිත් ළමයි නම් 
හෝ හෝ ගා මොනවද ලියති
උන් දන්නව ඇති පේපර් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී

ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
ලෙක්චස් වල හරි වැඩ කෙරෙති 
එක එක තාලෙට කියන කියන දේ
පේපර් වල තව තව ලියැවේ

බිම බැලුවත් x උඩ බැලුවත් x
නෙස්ටඩ් ලූප් හැමතැන ඇත්තේ
සෑමදාම අපිටම මෙහෙමම වෙන්නේ
විභාග දවසට හොදටම ඇඬිලා

ෆැකල්ටියේ හැම එක්සෑම් කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
කොල්ලන් වාගෙම කෙල්ලන් වාගෙම
සර්ලටත් දුක හිතෙයි පුතේ .........

- 11 ජුණ්ඩයියා -