11/06/2017

කතා කරන හීන..!!!




      පුංචි කාලෙ ඉඳන්
ගෙදර ඉඳන් නුවර යන ගමන්
නුවර ඉඳන් ගෙදර යන ගමන්
හැමදාමත් බල බල ගිය
කවදහරි යන්න හීන දැකපු
ඒ ආදරණීය පේරාදෙණිය සරසවියට යන්න
මං තාමත් හීන දකිනවා
අක්බාර් පාලම උඩට වෙලා
මහවැලි නදිය පිස හමා එන
සීතල සුළං තුරුළු කරන්
හන්තාන කඳු යාය දිහා බලන්
මගේ ලොවට පායන හඳ එළියෙ
උණුහුම විඳගන්න
මං තාමත් හීන දකිනවා
දවසක මේ මුළු ලෝකෙම දිනලා
මගේ ආදර අම්මයි තාත්තයි
සතුටු කරන්න
මං තාමත් හීන දකිනවා
හීනයක්ම විතරයි

-ජනිත්
2017.09.18 9pm @ University of Peradeniya

නොදකින් රටේ මහඋන්...!!


වසක් නුබ දුන් නොනිමි ස්නේහය

වසක් නුබ දුන් නොනිමි ස්නේහය
Friday, November 18, 2016

විකසිතව මා ලොවට සෙනෙහෙන
නිවා බෝ සෝ තැවුල් එදවස
සොමි ගුණෙන් මා නිවා සනසන
මිතුරු අමරස වීය මෙදවස

නිතර මුව පිරි සිනා පෑවයි
අදර වදනින් මසිත නිවුවයි
ගැබුරු නොසැලෙන සෙනෙහෙ දුන්නයි
අකුරු නොකෙරුව කවිය නුබමයි

විඩාපත් වී යනෙන අතරක
නුබෙන් ලද පින්සාර වදනට
වෙහෙස තැවරුන මනෙත් අබියස
සිනා මල් විකසිතවු අරුමය

කවියෙ පබදින මෙතතු මෙන් නොව
හදෙහි ඇත හෙලි නොකෙරු ආලය
වසක් නුබ දුන් නොනිමි ස්නේහය
එ හදෙ ගැබුරක රැදුනි ප්‍රේමිය.

            මාටියා