Friday, November 18, 2016
විකසිතව මා ලොවට සෙනෙහෙන
නිවා බෝ සෝ තැවුල් එදවස
සොමි ගුණෙන් මා නිවා සනසන
මිතුරු අමරස වීය මෙදවස
නිතර මුව පිරි සිනා පෑවයි
අදර වදනින් මසිත නිවුවයි
ගැබුරු නොසැලෙන සෙනෙහෙ දුන්නයි
අකුරු නොකෙරුව කවිය නුබමයි
විඩාපත් වී යනෙන අතරක
නුබෙන් ලද පින්සාර වදනට
වෙහෙස තැවරුන මනෙත් අබියස
සිනා මල් විකසිතවු අරුමය
කවියෙ පබදින මෙතතු මෙන් නොව
හදෙහි ඇත හෙලි නොකෙරු ආලය
වසක් නුබ දුන් නොනිමි ස්නේහය
එ හදෙ ගැබුරක රැදුනි ප්‍රේමිය.
මාටියා
No comments:
Post a Comment