1/12/2012

මට අහිමි ඇය

දිගන්තයේ
පෙම් සිසිල දැනෙන
මා එන්නම් එන තුරු එය
පෙර මග බලාන
පමා වැඩි උනත් මම
හිතට දැනෙන දුක අමතක කර
ඔබත් මමත් එකට සිටින
සිහින දකිමි තාමත් මම
කදුලු කවි කතා ලියන්න
මගෙ පන්හිද තවත් පණ පොවනු එපා


ගැටයා8









1/06/2012

ඉංජිනීරිං?හැහ් හැහ්!!! ඕක මකන කෝස් එකක්නෙ බං!


ගත්ත සුදු කොළයක්
ඇන්ද ඉරි තුන හතරක්
අංශක තිහ නම් අයිසො
අනූවනම් ඕතො
නානාවිධ රවුම් කොටු කතිර
හමාරය පැය තුනම
අහෝ පාපයකි !
මගේ දයාබර මකනය
කේන්ති නොගෙන මකපන් ඉතින්
මේ පළමු නිවැරදි කිරීමය
මතක් වුනා අර කාලේ....
"මොකකද උඹේ කෝස් එක?"
"ඉංජිනීරිං"
පුහ් හැහ් හැහ්!!!
ඕක මකන කෝස් එකක්නෙ බං!
















(From notice board)