6/20/2014

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීට කලා කවය මගින් සංවිධානය කරන නවතම චිත්‍ර ප්‍රදර්ශනය



ගස් කොලින් වටවුණු සුන්දර සිසිල් තන පියසක් මත සිටිමින් සෙමින් ගලායන සුන්දර මද නලෙන් අපිරිමිත සුව විදගනිමින් තම සිතට නැගෙන කුමක් හෝ අදහසක් කැන්වස් රෙද්දක් මත හෝ කඩදාසියක් මත සියුම්ව සිත්තම් කල හැකි නම් කෙතරම් අගනේද. එවන් අවස්ථාවක් මෙමස 19 වනදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීටයේ සිසුන් හට උදා විය.

Frame නම් චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමිව ඉංජිනේරු පීට කලා කවය මගින් සංවිදානය කල මෙම චිත්‍ර කලා වැඩමුලුව ඉංජිනේරු පීට සිසුන්ගේ චිත්‍ර කලා කුසලතා ඉස්මතු කෙරෙන කදිම තෝතැන්නක් විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීට කලා කවය පීටයේ කලා දක්ෂතා ඇති සිසුන් එක් කර ගනිමින් නිරන්තරයෙන් අපුරු කලා අංගයන් දැයට දායාද කරයි. ඒ අතර තුන්වෙනි සීනුව,සනුහරය වැනි නාට්‍ය නිර්මාණත් FIATO, දෙනිපෙත, සේකර ප්‍රණාම, සුහානි රාත්, රග සොබා වැනි ගීත නිර්මාණත් ප්‍රමුක වේ. නමුත් මෙවැනි චිත්‍ර කලා නිර්මාණ ඇගයීමට ලක් කරමින් සිදුකරනු ලබන පළමු චිත්‍ර ප්‍රදර්ශනය මෙයයි. සම්ප්‍රදායික අද්‍යාපන රාමුවෙන් ඔබ්බට යමින් තම සිතැගි පරිදි නිර්මාණ කරණයේ යෙදීමටත් තම සිතුවිලි ප්‍රබල ප්‍රකාශන මාද්‍යක් වූ චිත්‍රය හෝ වෙනත් කලා නිර්මාණයක් හරහා සමාජයට ප්‍රක්ෂේපනය කිරීමටත් Frame චිත්‍ර ප්‍රදර්ශනයේ මුලික අරමුණු අතර ප්‍රදාන වේ.

මෙහි පළමු අදියර ලෙස පැවති චිත්‍ර කලා වැඩමුළුව ඉංජිනේරු පීට පරිශ්‍රයේදී සිසුන් 300 පමණ සහබාගිත්වයෙන් පැවැත් විය. එළිමහන් ප්‍රදේශයක් පුරා පැවති  මෙම වැඩසටහන අපුරු කලාත්මක නිර්මාණ බිහි කෙරුණු තිබිරි ගෙයක් බදු විය. චිත්‍ර කරණයේ යෙදුනු නොයෙදුණු කාට වුවත් පොදුවේ මේ සදහා සම්බන්ද වීමට හැකි වීම මෙහි වූ විශේෂ අංගයක් විය. විවිද මාද්‍යන් යොදා ගනිමින් විවුර්ත වැඩසටහනක් ලෙස පැවති මෙහි නිශ්චිත මාද්‍යක් නොතිබීම ඉතා දැකුම්කලු වූ බව අවස්ථාවට සම්බන්ද වූ සිසුන්ගේ අදහස වියගකථිකාචාර්ය වරුන් සහ වුර්තීමය චිත්‍ර ශිල්පීන් රැසක් මේ අවස්ථාවට සම්බන්ද වූ අතර මෙලෙස සැගවුණු දක්ෂතා ඉස්මතු කිරීමට ගත් උත්සාහය ඔවුන්ගේ පැසසුමට ලක් වියගප්‍රබුද්ද කලා නිර්මාණ රැසක් එක් කර ගනිමින් Frame කලා නිර්මාණ දැක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය පරිශ්‍රයේදී නුදුරේදීම ජනතාවට ප්‍රදර්ශනය කිරීම සංවිධායකයින්ගේ මීළඟ අරමුණයි.