මනුතාපයේ දිය කඳුර
                                    බිඳෙන් බිඳ දොවාගෙන
                                    සෙනෙහසේ සිලිලාර තනන්නී
                                    ඔබමය.....
                                          අප නොවිඳි දුක් විඳ
                                         හිරු කිරණ අස
                                         නේක රුහිරු ධාරා
                                         ක්ෂීරයෙහි කලතා
                                         ළයෙහි හොවාගෙන
                                        මිනිසත්කම කියා දෙන්නී
                                        ඔබමය....
                                අප සිනාසෙන විට
                                අප සමඟ සිනාසෙන
                                අප හඬන නිමේෂයේ 
                               නෙත රැඳි කඳුළු පිසලන
                               ලෝකයට හොරෙන් සුසුම් හෙලන්නී
                               ඔබයය...
                                        ගෝරතර ජීවන මහද්ධියෙන් 
                                       සෙනෙහසේ නෞකාව තනා
                                       මාතෘත්වයේ රුවල දියත් කොට
                                       අප එතෙර කළ
                                       ගෙදර බුදුන් වන්නේ
                                       එමතුද නොව
                                      මතු බුදුවන්නීද
                                       ඔබමය...
                                                                                ගිනිකූරි
දවස් 6 කට කලින් දාලා තිබුනට අදනෙ මම මේක දක්කේ....
ReplyDeleteබොහොමත්ම ස්තුතියි....
:)
නියමයි ගිනී .........
ReplyDeleteඇත්තටම අම්මා ගැනයි තාත්තා ගැනයි කවියක් ලියනවා කියන එක ගොඩක් අමාරු වැඩක් කියලයි මට හිතෙන්නේ. ජීවිතේට ගොඩාක්ම සංවේදී අයනේ ඒ දෙන්නා. ගිනිකූරි නංගියේ, කවියනම් ගොඩක් ලස්සනයි.
ReplyDelete"""මනුතාපයේ දිය කඳුර
බිඳෙන් බිඳ දොවාගෙන
සෙනෙහසේ සිලිලාර තනන්නී"""""
එතන හරියට මගේ හිතට වැදුනා. භාශාව ලස්සනට පාවිච්චි කරලා තියනවා. (අද ලංකාවේ ගොඩක් සිංහලයන්ට භාශාව හරියට පාවිච්චි කරගන්ඩ බෑනේ) අම්මා කියන්නේ අපේම කොටසක්. අපි තරම්ම අපි ගැන දන්න කෙනෙක්. ඒ වගේ මතෘකාවක් තෝරගද්දි බොහොම සැලකිලිමත් වෙන්ඩ වෙනවා යොදන වචන ගැන. පොඩි වැරැද්දක් උනත් කියවන කෙනෙක්ගෙ හිතේ ලොකු වෙනසක් ඇති කරන්ඩ පුලුවන්.
මව් ගුණ ගැන කියද්දි මං අහලා තියන ලස්සනම සිංදුවක් තමා කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගේ "ගමට කලින් හිරු" කියන සිංදුව.
""""රෑ කලුවර අරගන දරුවන් එනතුරු හිත් නෑ නිවන් දකින්නේ
රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ"""""
එතන කොච්චර ලස්සනට අම්මා කෙනෙක් ගැන විස්තර කරලා තියනවද. ඔය කියන අම්මා හැම තැනම ඉන්න හින්දා අහන හැම කෙනෙක්ගෙම හිතට වදිනවා.
ඉතිං ගිනිකූරි නංගියේ, බොහොම ලස්සනයි කවිය.