ඔය දෑසින් හෙමි හෙමිහිට නොබලන් නුඹ නගේ
                              නොදනීදෝ වැලපෙන හදවතේ මගේ රඟේ
                              තරුමල් මට කොයින්ද නුඹ හට දෙන්නට අගේ
                              සුදු නංගියේ නුඹ සත්තයි  සුරවමියක් වගේ
                            නාදල්ලට වඩා දෙතොල් නුඹෙ රත් පැහැ වගෙයි                                                    
                            නාමල් පෙති පරයන්නට වත පිරිපුන් රුවයි
                            අපූරුවට පා තැබුවම ලක්ෂ්මිය නුඹ තමයි
                            ඔය හැටියට හිනැහෙන්නට එපා වෙහෙස දැනෙයි  
                                                   හිමිදිරියට නුඹ ආවම සිනා පොකුරු අරන් 
                                                   ඈත ඉඳන් නුඹ ගැන කවි මුමුණන්නම් ඉතින්
                                                   සීත සුළං ඒ කවි පද නුඹ දිහාට අරන් 
                                                   යනකල් මම ඉවසන්නම් කඳුළු දෑස දරන්
                                                   පුළුල් උකුල වෙහෙසන්නට එපා ඔබට රිදෙයි
                                                   නගේ එපා දිව යන්නට පයට වෙහෙස දැනෙයි
                                                   මගේ හදේ නුඹේ පයට මල් යහනක් තිබෙයි
                                                   දන්නවාද ඒමල් කිසි දිනකදි පර නොවෙයි
                                                                                                   මාටියා 
අහිංසක ආදරයක්......
ReplyDeleteමේක දැක්කම මතක් වෙන්නේ වික්ටර් රත්නායක මහත්තයාගේ "නා දල්ලත පැහැය දෙන්න ඔය දෙකොපුල් දෙන්න......... එහෙම කියලා, අන්තිමට හැබැයි කියනවා, ඒත් නගේ හිත නම් කාටවත් දෙන්න එපා කියලා....... :)