9/17/2011

සුදු නංගියේ නුඹ සත්තයි සුරවමියක් වගේ


                              ඔය දෑසින් හෙමි හෙමිහිට නොබලන් නුඹ නගේ
                              නොදනීදෝ වැලපෙන හදවතේ මගේ රඟේ
                              තරුමල් මට කොයින්ද නුඹ හට දෙන්නට අගේ
                              සුදු නංගියේ නුඹ සත්තයි  සුරවමියක් වගේ

                            නාදල්ලට වඩා දෙතොල් නුඹෙ රත් පැහැ වගෙයි                                                    
                            නාමල් පෙති පරයන්නට වත පිරිපුන් රුවයි
                            අපූරුවට පා තැබුවම ලක්ෂ්මිය නුඹ තමයි
                            ඔය හැටියට හිනැහෙන්නට එපා වෙහෙස දැනෙයි 

                                                   හිමිදිරියට නුඹ ආවම සිනා පොකුරු අරන්
                                                   ඈත ඉඳන් නුඹ ගැන කවි මුමුණන්නම් ඉතින්
                                                   සීත සුළං කවි පද නුඹ දිහාට අරන්
                                                   යනකල් මම ඉවසන්නම් කඳුළු දෑස දරන්

                                                   පුළුල් උකුල වෙහෙසන්නට එපා ඔබට රිදෙයි
                                                   නගේ එපා දිව යන්නට පයට වෙහෙස දැනෙයි
                                                   මගේ හදේ නුඹේ පයට මල් යහනක් තිබෙයි
                                                   දන්නවාද ඒමල් කිසි දිනකදි පර නොවෙයි

                                                                                                   මාටියා

1 comment:

  1. අහිංසක ආදරයක්......
    මේක දැක්කම මතක් වෙන්නේ වික්ටර් රත්නායක මහත්තයාගේ "නා දල්ලත පැහැය දෙන්න ඔය දෙකොපුල් දෙන්න......... එහෙම කියලා, අන්තිමට හැබැයි කියනවා, ඒත් නගේ හිත නම් කාටවත් දෙන්න එපා කියලා....... :)

    ReplyDelete