පපුව පුම්බා අභිමානයෙන් කියමි...... මම ලාංකිකයෙක්මි!
අද දවස
වෙද්දි අපේ කැම්පස් වහල, ළමයි ගෙවල්වල, සර්ල ස්ට්‍රයික්. නිදහස් අධ්‍යාපනය
මැරෙන්න ඔන්න මෙන්න කියල පන අදිමින් හිටපු වෙලවක යන්තම් හුස්මපොදක් දීල
නැවතත් එයට ජීවය පෙව්වට, නිදහස් අධ්‍යාපනයෙන් පළ ලබපු, ලබන හා නිදහස්
අධ්‍යාපනයට පන පොවන සියළු පෝශක කොටස් තිගැස්මකින් යුතුව අවදි කෙරුවට, මම
හිතන්නෙ අපි අපේ ආචාරය, ආශිර්වාදය හා ස්තූතිය පිළිගන්වන්න ඕනෙ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට.
මේ සටන ඒ විදිහට, ඒ හේතුව
වෙනුවෙන් සිදුවෙද්දි මේ හැමදෙයක්ම මැද්දෙ මේ ලෝකෙම විශ්ව ගම්මානයක් කෙරුවයි
කියල සමහරු ආවඩන අන්තර්ජාලෙ සැරිසරද්දි, මාය දැක්ක එක එක පුද්ගලයො මේ දේ
පිලිබඳව එක එක මතවාද වල ඉඳගෙන, එක එක පසුබිම් වල ඉඳගෙන, එක එක මට්ටම් වල
ඉඳගෙන, තමන් මේ දේ බලන රාමුව තුළ ඉඳගෙන මේක විග්‍රහ කරල විශ්ලේශණය කරල තියන
හැටි. මන් දවසක් පොතක දැක්ක මෙන්න මේ වගේ කතාවක් " මග තොට යන ලලනාවෝ මෙකල
එමටය, කවීහු ඔවුන් විවිධ අයුරින් දකිති, එකකුට වෙසඟනක් වන ඇය තවකෙකුට
සුරඟනකි, ඔවුන් කෙසේ ඇයව විග්‍රහ කලද, ඇය එදා සේම අදත් හෙටත් මතු
අනාගතයේදීත් මග තොට ගමන් කරණු ඇත. ". මේකත් හරිය ඒ වගේ. මෙතනත් තියෙන පරම
සත්‍යය වෙන්නෙ කවුරු කොහොම විග්‍රහ කරත් මේ සටන ඒ විදිහටම ඉදිරියට යාමයි.
එහෙම වුනත් මම දැකපු විදිහට මේ සිද්දිය ගැන අර්ථකතන එකතු කරන බොහෝ
දෙනා මෑත යුගගේදී නිදහස් අධ්‍යාපනය හා ඍජුව නොගැටුනෝ වෙති. ඒ කියන්නෙ
මොවුන්ගේ උවමනාව සක්සුදක් සේ පැහැදිළියි. විවිධ දේශපානලන හෝ ජනමාධ්‍ය හෝ
සමාජීය හෝ වේවා රාමු වල සිට ඔවුන් මේ කරනුයේ තවත් එක් මාකටිං එකකි. තම
පුවත්පතේ වෙළඳාම ටිකකින් හෝ වැඩිකරගනීමට හෝ තම පක්ෂයට එක ඡන්දයක් හෝ
වැඩිකරගැනීමේ පරමාර්තයෙන් ඔවුන් අප සටන් පාඨය උපුටාගනිත් නම් එය අතිශයින්ම
පිළිකුල් සහගතය.මෙරට සැමදා සිදුවන්නේ මෙයයි. මෙරට යම්කිසි කොට්ඨාශයක් යම්
දිනක කුමක් හෝ වෙනුවෙන් සටන් වදිත්ද, මෙරට බංකොලොත් දේශපලන පක්ෂත්
පුවත්පතුත් ටික කලකට හෝ ඔවුන්ගේ සටන් පාඨ ණයට ගනී. ඔවුන්ගේ සටනට සහය වෙමින්
මේ ණයට කැහීම සිදු කරන්නේනම් ඒත් කම් නැත, එහෙත් එය එසේ නොවේ, ඔවුන් මේවා
ණයට ගන්නේ බොහෝවට තම පෞද්ගලික අබිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට පමණි.
මෙවන් වූ මුග්දයන්, ආත්මාර්තකාමී කැනහිලුන් සිටිනා රටක, එරටේ
අනාගතය වෙනුවෙන් බුද්ධිමතුන් විසින් කෙරෙන්නා වූ සටන් විහිළුවක් බවට පත්
වෙයි. කිමද මේ අම්බරුවන් අපගේ සටන් පාඨ තම සිතැඟි ලෙස,ඔවුන්ගේද සටනක් ලෙස
ජනතාව ඉදිරියේ තබද්දී, ඔවුන්ගේ දීර්ඝ කාලීන ක්‍රියාකලාපය තුළ ඔවුන් පවසන දෑ
විහිළුවක් සේ තකන සාමාන්‍ය ජනතාව අතර මෙම සටන් පාඨද විහිළුවක්ව යනු ඇත.
ඉන්පසු අප ජනතාව අතරට ගොස් මේ ප්‍රශ්නය පැහැදිලි කිරීමට පටන් ගන්නා මොහොතේම
ඔහුගේ සිත තුලද අපට ගොං ලේබලය වැදී අවසානය. ඔවුන් කිසිවක් නොපවසනු ඇත,
එහෙත් අප කතාව අවසානයේ අවඥාවෙන් පිරුණු මදහසකින් යුතුව "යන්නම් පුතා" කියා
නික්ම යනු ඇත. එහෙත් කුමක්නම් කරන්නද, නිදහස් අධ්‍යාපනයේ අග්‍රපලය ලබන අප
කර මත පැටවුන වගකීමක් ඇත. ඔවුන් කුමක් සිතුවද ඒ සියලු සිතුම් බිඳදමා
ඔවුන්ගේ සිත තුළ මේ නිදහස් අධ්‍යාපනයට අයිති වන්නට යන ඉරණම ගැන කම්පනයක්
ඇති කිරීම දැන් අප ඉදිරියේ ඇති අභියෝගයයි.මා මේ කියූ දෙය නිසා එය බරක් කර
නොගනිත්වා. මේ අම්බරුවන් නිසා අප කල යුතු කාර්යය දෙගුණ වී ඇත. ලංකාව තුළ
යමක් වෙනුවෙන් සටනක් කරන්නේනම් එහි යතාර්ථය ජනතාව අතරට ගෙන යාම පියවර දෙකක
ක්‍රියාවලියකි, මුලින් ඇත්තේ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියකි, ඔවුන්ගේ සිතේ
ඇති වැරදි වැටහීම ඉවත් කිරීම පියවර අංක 1කය. පියවර අංක 2නම් සත්‍ය තත්වය
පහදා දීමය. එහෙත් කුමක්නම් කරන්නද,
මා ලාංකිකයෙකුව ඉපදුනු බව අභිමානයෙන්
යුතුව පවසනු හැර.
එළම කිරි ජයම වේවා....
ReplyDelete