අහසට බර මහ වැහි වැටෙනා සඳ
නුඹ සිහිපත් වී මයෙ අම්මේ..
සීතල කඳුලැලි හඳවත අතරින්
බර වී වැටුනා බෝ වාරේ…
නිසසල සිතිජය බොර පැහැ ගැන්වී
අතීත සෙවනැලි මැවී පෙනේ
ඒ සෙවනැලි වල නුඹෙ මුදු සෙනෙහස්
සුවදේ ඉකියක පහස දැනේ…
කවුරුත් නැති රළ වෙරලත සිපගෙන
කෑලි කැඩී පෙන නගනු පෙනේ
කොලොම් තොටට වැටි අවසන් අව් රැල්
වියැකීගන යයි මගෙ අම්මේ...
කල්ප ගණන් දුන් සීනෙහස දැන් ඇති
තනි වෙන්නම් මා මතු දවසේ
තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ...
07 මාටියා
නියම වචන ටික මාටියා අයියේ....
ReplyDeleteවැදගත් කවි පේලි ටිකක්.අම්මා ගැන කොච්චර කිවත් එපා වෙන්න නැහැ..
ReplyDeleteආදරයේ උල්පත අම්මාය... අම්මා ගැන අර්ථවත් කවි ලියා හිතට මොහොතක් ආදරය පෙවූ ඔබට ස්තූතියි
ReplyDeleteතුරුලත උණුසුම එපා තවත් මට
ReplyDeleteනිවන් පුරට වැඩපන් අම්මේ...
පාලු දුක්බර චිත්‍රයක් මැවෙන්නේ මාටියෝ. කලුවර හැන්දෑවක මුහුදු වෙරලක් ලඟ තනියම. තනිකමත් පාලුවත් එක්ක එකටම යන සිතිවිල්ලක් තමයි ආදරේ. ගොඩක් වෙලාවට ඔහොම තැනකදි හිතෙන්නේ තරුන කාලේ ආදරයක් ගැන. ඒත් තනිකම තවත් වැඩි උනාම කවුරුත්ම ලඟ නැති උනාම අපිට ජීවිතේ මොනා නැති උනත් ඉතුරුවෙන ලොකුම වස්තුව මතකෙට එනවා. ඒ වෙලාවට හිතෙනවා ඔක්කොම අත ඇරලා දාල අම්මා ලඟට දුවන්ඩ. මොකද අපි කොහොම ආවත් අම්මාගේ මූනේ තියන ඒ හිනාව, ඇස් වල තියන ඒ ආදරේ කවදාවත්ම වෙනස් වෙන්නේ නෑ.
ReplyDeleteඋඹේ අන්තිම පද ටිකනම් මං පිලිගන්නෙ නෑ බං.
තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ...
ඒ ආදරේ නැතිකරගන්ඩ බැරි තරමට මං ආත්මාර්ථකාමි.