5/13/2013

මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා...



මා බලන්නට කවුද මන්දා මලක් අරගන ඇවිල්ලා,
ජීවිතේ ලඟ එමල තියලා ඇය කොහේදෝ ගිහිල්ලා,
හීනයක්දෝ අනේ මන්දා හිතට සැකයක් ඇවිල්ලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා..

හිත අරන් ගිය සමනලිය ඈ ආයිමත් එන තුරු බලා,
මම හිඳිමි යෞව්වනේ දොරකඩ හදවතේ දොරගුලු නොලා,
දුර ඈත හිඳ පියාඹන්නට ඇයට සවිශක්තිය  වෙලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා..

හෙට උදේ හිරු නැගෙන විට ඈ මගේ ලඟ ඇතිදෝ බලා,
මමත් යනවා ඇගේ පෙරමග හෙලි කරන්නට මග බලා,
ජීවිතේ කල එලි කරන්නට අයට පාරක් පෙන්නලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා...

අ.ජේ.'10

No comments:

Post a Comment