6/01/2013

විශ්වයට යැවූ නිරීක්ෂණ වාර්තාව.......෴


නිරීක්ශක අංක එක, 
තුන් වැනි ග්‍රහ ලොව, 
පනස් හත් වැනි තරුව, 
මන්දාකිනි අංක හත, 
එකොලොස් වෙනි මන්දාකිනි පොකුර, 

විශ්ව සමතුලිතතා අදිකාරිය වෙත, 

පරීක්ෂණ අංක දෙකයි දෙකයි හත හා සබැඳේ, 

          පරීක්ෂණය හා සබැඳෙන අවසන් නිරීක්ෂකයා ලෙස වසර විසි දෙකක පරීක්ශන වාර්තාව මෙලෙස ආරම්භ කරමි. 

          මනුශ්‍ය වර්ගයා තුල පරිනාමයෙහි හෝ අන් කිසි පරිසර බලපෑමක් හේතුවෙන් ඇති වෙමින් පැවතුනු යම් කිසි පැහැදිලි කල නොහැකි සිද්දි දාමයකට පිලිතුරු සොයනු වස් අදි පාලිත තත්ව යටතේ,ත්වරනය කරන ලද පරිනාමිය පරිසර ලබා දෙමින් මූලික මනුශ්‍ය ජාන අමුද්‍රව්‍ය භාවිතා කර පරීක්ශන අංක දෙකයි දෙකයි හත ආරම්භ කල බව ඔබ සියලු දෙනාම දන්නවා ඇත.

          පරීක්ශනය සිදු කෙරුනු චක්‍ර දස දහස් ගනන (ග්‍රහලොවෙ හැඳින්වීමෙන් 'වසර') මුලුල්ලෙ,නිරික්ශක පරම්පරාව එකතු කරගන්නා ලද දත්ත නිරික්ශනයෙන් ඔබ සියල්ල ගන්න ලද තීරනය සහ අවසන් නිරික්ශකයා වශයෙන් මම,ගන්නා ලද තීරනය සමාන වනු ඇතැයි සිතමි. 

          වසර විසි දෙකක මාගේ පෞද්ගලික නිරීක්ශන ලෙස,මා ග්‍රහලොව තුල දුටු සමාජය නිසි පියවර නොගත හොත් තව චක්‍ර බිලියනයකින් පමන මුලු විශ්වය තුලම ඇති විය හැක. 

          නමුත් පුදුමයට හේතුවක් ලෙස,මෙම ත්වරිත තත්ව යටතේද "මානව දයාව","ආදරය" හෝ "කරුනාව" වැනි මූලික මිනිස් ලක්ෂණ ජන සමාජයේ ඉතා කුඩා ප්‍රතිශතයක් තුල රැකී පැවතෙනු දැකිය හැක. 

          නමුත් සමාජයෙ බොහෝ ප්‍රතිශතයක් තුල මූලික වශයෙන් අපට පැහැදිලි කල නොහැකි ඌ "වෛරය","බලය පිලිබද ආශාව" හා "වංචාව" වැනි හැඟීම් බොහෝ සේ දැකිය හැක. 

          පසුගිය නිරික්ශක පරම්පරා විසින් හදුනාගත් පරිදි මූලික කේත සටහන් සහ පරිනාමික ද්‍රව්‍ය තුල වූ "පරිනාමික අප ද්‍රව්‍ය" මගින් මේවා පැහැදිලි කල හැක. 

          අවසන් නිරික්ශකයා වශයෙන් තවත් චක්‍ර දහසක් පමණ පරීක්ශනය පවත්වාගන යාමට මට උපදෙස් දිය හැකි වුවත්,තවදුරටත් මෙය පවත්වාගන යෑමේ ප්‍රතිඵලයක් නොමැත්තේ ,ග්‍රහ ලොවේ ඉතිහාසය,පරිණාමය සහ පැවැත්ම පිලිබද අප සතුව ඇති දත්ත,ග්‍රහ ලොවේ ඕනෑම අවසානයක් අප හට අනුමාන කල හැකි වීම නිසාය. 

          අවසන් නිරීක්ශක වශයෙන් මා පැමිනි නිගමනය වන්නෙ පරීක්ශනය හැකි ඉක්මනින් නිමා කර දැමීම සුදුසු බවයි. 

මෙයට, 
පලමු නිරික්ශක.






ලිව්වේ ---- අ.ජේ 10

ඡායාරූපය - http://www.hdwallpapers.in

No comments:

Post a Comment