උපෙ අවසන්ව
පා තබන විට
කම්මල් දොරටු අභියස
තනි නොවූවෙමි
අරමුණු රුසක්
සිටියා මා වටකර
තුනයි පහක් අතැතිව
තිබූ කල එහි දෙවැනි පියවර
පියගැට පෙලේ වූ
ඇණයක පැටලී පය
වැටුණා බව දැනෙයි මට
නැගිටින්නට අත දේ යැයි
සිතා දිගු කල විට මා දෙඅත්
දැනුණා මට එවිට
මා සමග ආ අය
හැර ගොසින් බව
මගේ වරදින්ම
දළබුවා‘9
No comments:
Post a Comment