ඉංජිනේරු පීඨ කලා කවයේ මෙහෙයවීමෙන් පසුගිය දිනක පවත්වන්නට යෙදුන කවි මඩුවට පැමිණි ප්‍රවීන කවියන් විසිර ගියේ යළිත් එවැනිම කවි මඩුවකින් හමුවන බලාපොරොත්තුවකිනි.ඒ අනුව මේ සති අන්තයේ රැස්වුන ඔවුන්ගේ හිටිවන කවි වලින් කිහිපයක් මෙසේ පළ කරමු.කවි මඩුව I ට 
කවිකාර මුදියන්සේ
සිට යළි ඇදෙන මහවැලි ඇත අර                         පැත්තේ 
ඉඳ යලි සැලෙන අතු ඉති මෙහි නිම්                     නැත්තේ 
                      වනපොත් කරන ,නොකරන සිසු කැළ                  ඇත්තේ
පින්බිම සදිසි මෙහි දෙවුලොව නොම                  නැත්තේ
සිතුවා එන ගමන් මඩුවට අද                                   උදයේ
කුමක් ගැනද අද අපි කවි කිව                                 යුතුයේ
නිමක් නොමැති කවිවලනම් අඩු                           නැතියේ
ඒවා 'තුරින් මෙය මගෙ සිහියට                                ආයේ 
ආදර මාවතේ යන එන යුවල්                                    දිසේ
ඒ ළඟ ගසක සත් තැන පෙම් බසුත්                          ඇසේ
ආදර හැඟුම් අඩු නැත මේ නැවුම්                              පසේ
අදහස මොකද උඹලගේ කවි කොහොම                කෙසේ  
පේරාදෙණි ආචාරි කවියා
මින් විසි වසක් හා නව මස ගියපු                             දිනේ 
ඉහිරෙන තෙල් කොළුවෙකු විය මෙමම                  අනේ
දුටුවා යුවතියක් සිත්කළු බඳින                                මනේ
නිසි පුළුලුකුල යුතු ඈ මට සිනහ                             උනේ
ඈ සුර ලියකි ඇගෙ සිත ගැන මම                           ඇසිමී
මදහස නඟන ඈ සුර අත මා                                  ලැබිමී
හිරයෙන් පසුව ඒ මදහස නොම                              දුටිමී
බැඳගත් බෙරය මම අද තවමත්                               ගසමී
අවසන් වසර ලොකු තැන කවියා
ඔය ගැන තිබෙන අදහස මගෙ මේ                      ලෙසය
බැචියක් පස්සෙ මේ තෙවසර                             ගතවීය
ඊයෙත් රැවුවා ඇයනම් අකමැති                           හැඩය 
දැන් එක පිහිට "සුරබිය" කපු                              මාමාය
මද්දුමයා කවියා
මගෙ අයියන්ඩි ඔය ඇත්තද උඹ                        දෙඩුවේ
සුරළඳ සදිසි සුදු කෙල්ලෙකි මම                       සෙවුවේ
තවමත් බඹා මගෙ නළලට නෑ                          කෙටුවේ
නෙකලා පීඨ හිරිමලියත් බෑ                                කිවුවේ
නෙකලා පුර හිරිමලී කිවිඳිය 
මේ හාදයා ඇවිදින්  දැන් කලක්                            ගියේ
තාමත් අඬනවා නහයෙන් දිවා                              රැයේ
මොන කරුමයද මේකා මා අතැර                      නොයේ
හරිහං එකෙක් හට නම් මගෙ "බහක්"                   තියේ
හන්තාන කඳු පාමුල බඩ පිස්සා කවියා-
ඉංජෝ වෙලාවක් ඇහුවත්                 කෙල්ලෙක්ගෙන්
හා කියනවා යයි ඇසුවෙමු                    අයියෙක්ගෙන්
ඒවා ඇත්තනේ අයියේ                             සහසුද්දෙන්?
හැකි වෙයි නේද කරනට ලවු යනෙන                ගමන්?
පැණිදෙනියේ හිච්චි එකා කවියා-
ලවු මළ ඉලවු මොකටද ඕවා                               අපට
රැක ගත යුතුය මේ උරුමය හෙට                          දිනට
හදනව හැඩම බැච් එක මේ සැරෙ                      යසට
හදලා බැරියැ කෙරුම ලවු ඉතින්                           මට
සයමාසිකය ගෙවෙනව ඔය ලවු                මත්තේ
ගානට හොඳට කටයුතු ටික විය                යුත්තේ 
මගෙ යහ පාලනය බව මතකෙට ගත යුත්තේ
මහනුවර සුදු බණ්ඩා කවියා-
නැගෙනව ඔන්න පැනයක් මගෙ ඇතුල්                 සිත
මාලඹෙ ප්ලෑන් එකෙ LLදෙකක්                          ඇත
ඒකට යන්න නම් අනන්ත කපල්                          ඇත
අයකළ යුතුද කීයක් තව සිතුවෙ                          නැත
කැළණිය අත්නරේ කවියා-    
 නොදකින් මූට ගහනව හෙණ වැහි                    නැතුව
පේනව නේද අර අදිනව බය                              නැතුව
ටිකට් පොතක් අරගෙන තා                           සිහිඇතුව
LL පාරෙ මුල් කෙළවර හෙට                              සිටුව
කවිකාර මුදියන්සේ
 හොඳා හොඳා කවි මල් නම් බොහොම              අගේ  
කවුරුත් එක්ක කරනව පෙම් නුරා                     වගේ
දැනගෙන ගියොත් සිරිපාදෙට වැටෙයි               මඟේ
නොම දැන කළොත් ඇන ගන්නව පෙනී           රඟේ
යන්නට කලින් සිවු වසරක් මේකෙ                      ඉඳ
යනවා හොඳයි කවුරුන් හරි බෙල්ලෙ                 බැඳ
සතියක් පසුව එනවා යළි ලෙසින්                         අද
එතකල් ඉඳපල්ල වැඩිලා ගුණෙන්                   සොඳ
ප.ලි
එවනව කිවුව සමහරු කවි මේ                        තාලේ
අතලොස්සකුයි තාමත් ආවේ                          රාළේ
ආදර සෙනේ කවි මඩුවට නැති                        ලීලේ
 කීවට හොඳයි පනිනව මං ගං                           දෑලේ
මාටියා  
වසරින් වසර ජූනියර් බැච් එක එක දුටුවා
ReplyDeleteගොඩ යන අදහස හිත තුල දළු දැමුවා
පොත් පිටු තුල සිවු වසරක් කා දැමුවා
ආදර මාවතේ තවමත් ගොස් නැතුවා