2/28/2013

වෙනසක අරුම...............



දඟකාර සිනහවක්
නෙත් අසල නටබුන්වෙලා
අරුත්බර සිනහවක
සෙයාව පිබිදිල

මල් මාවතේ සැරූ
සමනල්ලු මියැදිලා
දඟකාර මල්සමය
නොකියාම නික්මිලා

තුරුලු කල පොත් මිටිය
ගෙයි කොනක තනිවෙලා
උදේ පිපි පොහොට්ටුව
ලැම අසල තනිවෙලා

මවගේ ඇකයේ නිදන
පුංචි පුත  ගුලි වෙලා
මා  මිතුරි මා සොයුරි පෙරදිනක
අද නුබට මව් වෙලා

ඔටුවා_08

1 comment:

Pages (149)12345 Next