3/20/2015

සසර කිම........?




එතරක් නැති සාගරයක්ද
හොඳින් රැවටී ලුහුබඳින මිරිඟුවක්ද
දිය පොදක් නැති කතරක්ද
නැතහොත්
කිසිදාක එකිනෙක හමු නොවෙන
රේල් පීලි යුගලක්ද......
හෙට ලොව ජය ගනිම්හයි කියුවද
ලොවත් මාත්
විටෙක එකම ප්‍රවේගයෙන්
විටෙක අඩු වැඩි වේගයන්ගෙන්
එකම සමාන්තර රේඛා පද්ධතියක
දුවන තවත්
එක්තරා ලක්ෂ්‍ය දෙකක් පමණි......
.
.
සැවැන්දරී - 12

2 comments:

  1. තවත් කොච්චර නං ලස්ස ඇතිද නේද?

    ReplyDelete

Pages (149)12345 Next