3/27/2015

ලෙසා දොරගුලු රන්දා වසා හදවත ඉන්නෙ කිම්දා........




සුපුන් සිසි වත විලසි
මහද ගගනත සදිසි
නැතුව කිංකිණි මල් වැසි
තවත් මොහොතක් මහද ඉවසි

අසූ කෙළ කප් සුවහස
දකිනු රිසි මල් මදහස
බොමුද වන මල් මී රස
වඩිනු හද වෙත සුවඳ මල් ඉස

බැඳුනු දිය පෙඳ පාසි
කඩිත්තක අඳුරින් වැසි
නොගැටි බඹරිඳු ඇස දිසි
සහස්පත සොඳ පිපුණු විලසි

නිසා පෙම මම බන්දා
රසා නැත් නිම් නන්දා
ලෙසා දොරගුලු රන්දා
වසා හදවත ඉන්නෙ කිම්දා
.
.
වටුවා - 10

පින්තූරය : http://www.chikotee.com/wp-content/uploads/2015/02/treat-premature.jpg

2 comments:

  1. උඹේ පෙම හිංදා
    මෙමා දුක් වින්දා

    ReplyDelete
  2. වචන ටික හරි ලස්සනට එකතු කරන් තියෙනවා.. රස වින්දා...

    ReplyDelete

Pages (149)12345 Next