1/18/2014

නුඹලා යළිත් ළඟදිම එන බව ඇසුණා.......








නෙක නෙක පාට සමනල් මල් වල ..........ඇතිරූ 
හරිත වර්ණ තුරු පතරින් වැසි ................ඉවුරූ
හන්තාන වසා මිහිදුම් පටලය ..................ලහිරූ 
කිරණය කන්ඩිත කරා ගඟ දිය මත .........නැඹුරූ

මසක් ගොසින් මා එහි යන පුරුදු ...........ලෙසින් 
දුටුවේ නැතිය මා පෙර කිව් වදන් ...........ලෙසින් 
ගස් වල කොළ හැලි තිබුනා මැරුණ ......ලෙසින්
හරියට අඩනවා වාගේ කඳුළු ..................ඇසින්

ගං ඉවුරේ දෙපසම හරියට ....................පාලුයි
කොළ නැති රුක්ෂ ඒ පාළුව හා ...............යාලුයි 
ගසකින් ඇසුවා ඇයි මේ හැටි නුඹ ............පාළුයි 
ගස කිව්වා මෙලෙසින් මට වී ..................යාළුයි

දෙමසක් පමණ නුඹලා නැති සොවින් ...........අපි
සිටියා කඳුල තනිකම හා සොවින් .................හැපී 
ගස් මල් වල කොළ හැලුනා සුළඟ ................කිපී 
සියොතුන් හැර ගියා අත හැර දමා .................අපි

නුඹලා යලිත් ළඟදීම එන බව ..................ඇසුනා
අපි දළු දමා ඉවුරේ පාළුව ......................වැසෙනා 
යලිත් පෙරදී වගෙ නුඹල ව පිලි .............ගැනෙනා 
ලෙසින් සැවොම කඩි මුඩියේ හැඩ ........කෙරෙනා


 ෴ කොවුලී -11

12/05/2013

මේ මගේ ජිවිතය ද කියන්න මට.........

බලාපොරොත්තුකිසිදා ඉටු නොවනසැමදා මග බලනකදුලු බිදුනෙතින් එලි නොබහිනහැමදා හිතට වද දෙනසිනහ වැල්ලොවට දිස් වෙනහිතින් රිදුම් දෙනජිවිතයහීන මත සුන්දර වනසැබැවට කටුක වනඔබහෙට වෙනුවෙන් වෙහෙසෙනඅදක් ගැන නොසිතනමමහීන මත වැජඹෙනපැතුම් පොදි ගොඩ ගහනඅපිඅලුත් වූ හෙට දවස්අදුරෙම අත ගානලෝකයසැමදා එක සිතින්මැදහත් ව දිවි ගෙවනඇත්තට මමේ මගේ ජිවිතය දකියන්න මට
බලාපොරොත්තු
කිසිදා ඉටු නොවන
සැමදා මග බලන
කදුලු බිදු
නෙතින් එලි නොබහින
හැමදා හිතට වද දෙන
සිනහ වැල්
ලොවට දිස් වෙන
හිතින් රිදුම් දෙන
ජිවිතය
හීන මත සුන්දර වන
සැබැවට කටුක වන
ඔබ
හෙට වෙනුවෙන් වෙහෙසෙන
අදක් ගැන නොසිතන
මම
හීන මත වැජඹෙන
පැතුම් පොදි ගොඩ ගහන
අපි
අලුත් වූ හෙට දවස්
අදුරෙම අත ගාන
ලෝකය
සැමදා එක සිතින්
මැදහත් ව දිවි ගෙවන
ඇත්තට ම
මේ මගේ ජිවිතය ද
කියන්න මට


~08 කැකිරි~ 

10/26/2013

කවිකාරයාට කවිකාරිගෙන්………


විසේකාර කෙස් රොද,
මා මුව පුරා දඟ කරන තරම්.....
උරහිසේ සුව විඳින නුඹ දන්නවනම්......

                                කවිකාරයා

නුඹ මුව පුරා දඟ කරන මා කෙස් රොද,
මවන කවිකම්.....
නොදැන මා නුඹ උර මත සුව වින්ද තරම්....


                       උපුටා ගන්නා ලදී (කවිකාරිගෙන්)
                       එව්වේ: බට්ටා 06


10/09/2013

ළඟ සහ දුර ෴




එදා ඔබ
මිතුරියෙකි
ඇස නුදුටු
ළඟ නොසිටි
එහෙත්,
"කතා කළ..."

මෙදා ඔබ
"නැගණියකි"
නෙත ගැටුණු
නෙත ගැටෙන
එහෙත්,
කතා නොකරන...




9/15/2013

තුන් ඈදුණු කතාවක් ~2 කොටස ~ රාමා (රාමචන්ද්‍රන්)ගේ කතාව


එකිනෙක බැදුණු කථා තුනක දෙවැන්න පළමු කොටස තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව 

"තුන්වන වේදිකාවේ නවතා ඇති යාල්දේවි සීග්‍රඝාමී දුම්රිය යාපනය හා කන්කසන්තුරය බලා පිටත් වේ ......"
දුම්රිය කෙමෙන් ඉදිරියට ඇදෙත්ම ඒකනායක මාමා දුම්රිය කවුළුවෙන් එලියට අතදමා තමුන්ගේ අත තදින් වැලද සිටි රාමා ගේ පුංචි පුතුගේ අත කෙමෙන් මුදා හැරියේය. පාර්වතීද කදුළු පිරුණු දෑසින් මාමා දෙස බලා සිටියේය. "අපි යන්නම්" ඒ ඇස් වල ලියවී තිබුණි. මෙතෙක් වෙලා නොහඩා සිටී මාමගේ ඇස් ද හඩන්නට විය. ඒ රාමා මියගියද රාමාගේ මතකය මාමා තුල ජීවමාන වූ නිසාය. 


දුම්රිය කෙමෙන් කෙමෙන් ඈත්ව ගියේය . මාමා ද තුන්වන වේදිකාවේ සිට දෙවන වේදිකාවට මාරු වුයේ කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියට ගොඩවීම සදහාය. ලී දාර ගැසූ දිගු බංකු මත හිදගත් මාමාට රත්මලාන දුම්රිය ස්ථානයේ දුම්රිය එනතුරු රාමා සමග ලී බංකු මතට වී බලා සිටි අයුරු මතක් වන්නට විය.
"ඒකනායක අයියා අදත් කෝච්චිය පරක්කුයි නේද?" සුපුරුදු සිනහව සමග ඔහු හා කතාවට එක්වුයේ රාමා ය. රාමාගේ මුහුණේ සැමවිටම සිනහවක් ඇදී තිබුනේය. රත්මලාන දුම්රිය වැඩපලට සේවයට පැමිණි රාමා මාමාගේ කුළුපග සගයෙකු වුයේ ඔහුගේ වූ මේ ප්‍රියමනාප බව නිසා බව මාමාට මතකය. 

රාමාගේ ගම යාපනයේය. එහෙත් ඔහු තම බිරිද පාර්වතී හා දරු දෙදෙනා සමග පදිංචිව සිටියේ වැල්ලවත්තේය. යාපනයෙන් කොළඹ පැමිණි රාමා යලි යාපනයට ගියේ අවුරුද්දට දෙවතාවකි. ඒ තයිපොන්ගල් උළෙලට හා සිංහල හින්දු අලුත් අවුරුද්දටය. "රාමා ඇයි වැඩියේ ගම පළාත් පැත්තේ යන්නේ නැත්තේ?" දිනක් ඒකනායක මාමා රාමාගෙන් විමසුවේය. "අපි කුලයෙන් පහලයිනේ අයියා එහෙ අපිට හරි කරදර ඉතින් අපි වැඩියේ මෙහෙ තාමා ඉන්න කැමති" ඒ රාමගේ වචනය. කුළ බේද ජාතිබේද ඒකනායක මාමාට පිලිකුල්ය. ඔහු අදහන බුදු දහමේත් , ඔහුගේ වමේ දේශපාලනයේත් කුළ වර්ගවාදය පිළිගන්නේ නැත. 
"එකනායක අයිය වමේ මිනිහ නේ මම ඔන්න අයියා නිසාම රතුපාට මහත්තයට ජන්දේ දුන්නා", 77 ජන්දයට පසුව වැඩට පැමිණි රාමාගේ වචනය. මාමගේ පක්ෂය ඇපත් නැතිව පරාජය වී සිටියත් රාමගේ වචන මාමාගේ සිතට සතුටක් විය.

"ඒකනායක අයියා දෙමල ඉගෙනගන්නකෝ" දිනක් රාමා මාමාට කිවේය. "උබ මගේ භාෂාව කතා කරනවා මං උබේ භාෂාව දන්නේ නැහැනේ", මාමාට ලජ්ජා හිතුණු හැටි මාමාටම මැවී පෙනුනි .රාමගෙන් ඉදහිට දෙමල වචන එකනයක මාමා උගත්තේය. ඒකනායක මාමගේ ගෙදරට නෑගම් පැමිණි විට රාමගේ පුතුන් කැඩිච්ච සිංහලෙන් ඒකනායක මාමගේ පුතුන් හා කතා කරනු අසා මාමා මෙන්ම මාමගේ බිරිය සොමාද රාමා හා පාර්වතී සමග සතුටු වුයේ රටේම අනාගතය මෙසේ වේනම් කියා සිතමිනි.
අසුවේ ජුලි වැඩවර්ජනය සැමගේ ජීවිත වෙනස් කරන්නට විය. ඒකනායක මාමාට, රාමාට මෙන්ම තවත් බොහෝ පිරිසකට රැකියා අහිමි විය. ඒකනායක මාමා කරවල පෙට්ටියක් කර තියන් පවුලේ බර අදිද්දී රාම පිටකොටුවේ පොල්තෙල් කඩයක් රැකියාවට ගියේය. එතෙක් සිංහල අවුරුද්දට යාපනයේ ගිය රාමා අවුරුද්දට ඒකනායක මාමාගේ ගෙදර නෑගම් ආවේය. කැවිලි අතුරුදහන් වී තිබු ඒකනායක මාමාගේ අවුරුදු මේසයේ හිදගත් සියල්ලෝ, සෝමා පිළියෙළ කල කිරිබතක් නැකතට රසවිදි අයුරු මාමාට මතකය. "කැවිලි මොකටද අයියේ අපි ජීවත් වෙනවනේ ලබන අවුරුද්දේ අපේ ආණ්ඩුවක් ඇවිත් අපිට අයේ රස්සාව ලැබුනට පස්සේ අපි කැවිලි කමු" රාමා මාමා ගේ සිත සැනසු අයුරු මාමාට මතකය.

යාපනයේ මුර සංචාරයේ යෙදී සිටි හමුදා සෙබළු 13 ක් මරා දමා ඇති බවත් එයින් පසුව රට පුරා කලබල ඇති වී ඇති බවත් මාමා ගුවන් විදුලියෙන් දැනගත්තේය. පස්දිනම මාමා කොළඹ ගියේය. රාමාවැඩ කල කඩය ගිනි තබා තිබුණි. කඩය තුල ගිනිගෙන දැවෙන මළ සිරුරු ය මාමාගේ හිස ගිනිගත්තේය මාමා රාමගේ නිවසට ගියේය. කොළඹ නගරයම අමු සොහොනක් වූ විට රාමාගේ නිවසද ඒ ගින්නෙන් දැවී අළුවී තිබුණි. මාමාට පාර්වතී හමු වුයේ  දින කිහිපයක් වැල්ලවත්තේ රස්තියාදු වූ පසුවය ඔවුන්ද රැගෙන මාමා ගනේමුල්ලේ මාමාගේ නිවසට් ගියේය, යලිත් යාපනයට යාම පර්වතීගේ අපෙක්ශාව  විය. සිය සැමියාගේ ඉරණම මේ වනවිට ඇය දැනුවත්ව සිටියේය. වෙනිදාට අගේ නළලේ තිබුණු තිලකය ඇය මකා දමා  තිබුණි. දරුවන්ද සුපුරුදු ඒකනායක මාටාට වුවද බිය විය . අද දහවල් නිවසින් පිටත් වනවිට රාමාගේ පුතාගේ වචන වලින් මාමාගේ හිස තවමත් ඇදුම් කයි. "මම ලොකු වෙලා අපේ ගේ ගිනිතියපු සිංහල මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියනවා එත් අංකල්ගේ ගේ ගිනිතියන්නේ නැහැ අංකල් හොදයි. උබලගේ ගෙවල් ගිනිතිබ්බේ ජාතිවාදී සුළු පිරිසක් ගොඩක් මිනිස්සු උබලට ආදරෙයි කියල පුංචි පුතුට කියාදෙන්න තරම් පුතාට වයසක් නොවේ යයි මාමාට සිතුනි. එසේ කල නොහැකි වටපිටාවක් සමාජය විසින් ගොඩ නගා තිබුණි. 
කුළ බේදයෙන් බැට කා කොළඹ පැමිණි රාමාට කාලකන්නින් විසින් ගිණි තබා, පුංචි පුතුගේ හිසට වයිරය පොවා නැවත යාපනය තල්ලු කරරට ජාතිය රැක ගෙන තිබුණි. මාමගේ ඇස්වල හිර වී තිබුණු කදුළු බින්දු වලින් දෙකොපුල් තෙමි තිබුණි. 

"කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය දෙවන වේදිකාවට පැමිණෙනු ඇත දුම්රිය නවත්වන්නේ ගණේමුල්ල රගම ...." ඒ ගම්පහ දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයයි.    
                   
සුභාෂ්  (ඔටුවා _ 08)
ප. ලි .
(පළමු කොටසින් පසුව දෙවන කොටස පල කිරීමට බොහෝ කල් ගතවීම පිළිබද කණගාටුව පල කරමි. හැකි ඉක්මනින් තුන්වන කොටස නැතිනම් බණ්ඩාරගේ කතාව ලියා පල කරමු )

9/08/2013

රැවටීම (අපි අපිවම )


උදේටත් චිකන් 
දවල්ටත් චිකන්
රැටත් චිකන්

කෙතරම් සංවර්ධිතද 
අප 
පිම්බී අභිමාණයෙන් 
පුප්පා ගිරිය
දෙසමින්  ලොවට 

උදේ දිවා රෑ 
වළදමු  
චිකන් නොව
පරිප්පු
චිකන් 
සුප්කැට යෙදු   

                                                                                                             
                                                                                                                අදහස 08 ටෝගා
                                                                                                               ලිව්වේ 08 ඔටුවා

9/03/2013

සොරා ගත් මගේ කවිය වෙත..


"ආදරයෙන්" 
වචන ගෙන
"සෙනෙහසින්"
පද වැල් කර
"සතුටින්" එපද
පෙලට ගොනු කර
ලියූ මාගේ
එකම කවි පෙල.....
සොරා ගෙන ! 
මගෙන් එය...
පද දෙක තුනක් වෙනස් කර
ලොවටම පෙනෙන්නට
ගායනා කරතී
මට ඇසෙන්නට...

දළබුවා ‘නමය

8/31/2013

UNION කාරයා


නිදි නොලද රැයක් ගැන
ගතු කියන රතු  දෙනෙත,

වරද දුටු තැන නැගෙන
අභීත විරු නද    නින්නාද,

සොයුරු පැණ,ඇදුරු බස්,
මේඝයකි, නිම නොවෙන,

සුදු කමිස සාක්කුවෙ ඉකිබිදින....
අම්මාගේ    ලියුම.......................

                                                                                                                        09 කොමළි

8/24/2013

ගණිකාවකට පෙම් බැදීම, ලැජ්ජාව හා මන්ත්‍රීතුමා ..........

වාසනාවත් කල්
අවාසනාවත් කල්
ලෙඩ දුකේ හා සුව සැපේ
එකට ඉන්නට
දුන් පොරොන්දුව 
ගිණි තබා ඇය
යන්න යනු ඇත
වෙන කෙනෙකු හා
සොයා උණුසුම

ගිරිය පුප්පා
අඩිය හප්පා
"ලැජ්ජා" නැතිදැයි
ඇසුවේය
අප්පච්චි මගෙන්..........

"ලැජ්ජා"
ඒ මොකටදැයි
ඇසුවෙමි මමත්
"අප්පචි ගැහුවේ මෙවරත්
කතිරේ ගරු මන්ත්‍රී තුමාටම........."

 
08 ඔටුවා

 ප.ලි.    සමස්තය දකින්නට ආරාධනා ................

8/20/2013

එක වගේ කවි පහක්........


සැන්දෑ අවර ගිර බැසයන හිරු සේම.
රන්දා අඳුරු සෙවනැලි සිත තුල බෝම.
මන්දෑ නුඹ ගියේ වෙනතක රහසේම.
සැමදා දවස ගෙවියන් සිත සතොසේම
                                                                  ~06 ඔල්මා 

නුබ නොලැබුනද සිත තරහා නොමැති
දිගුකල් තුටින් හිටපන් මට එයම ඇති
කුමරිය මාහට පැරදුනු පෙම් සිහින ඇති
සිය හිමි සමග පතිනිව වැජබියන් නීති                     
                                                                 ~07 මාටියා 

පුන් සද අහිමි සද මා සිත් පතා සිටී
සිත් තුල කිසිත් නැත නුබ වෙත තරහ බැදී
සුන්දර සිහින පුබුදන හෙට දිනට දිලී
පෙම්බර සද වෙයන් ඔහු ලොව එලිය දිදී                                
                                                                 ~08 ඔටුවා   

නෙතුපියන් වසා, මුව නගා හසරැලි
මා දුටුව සිහිනයන්, සැබෑවී ඇත මෙලොව
සැබෑවූ ස්වප්නයේ, නුඹ වෙනකෙකුන් සමග
මා හිදිමි නෙතු අයා, ගයා ජය ගී නුඹට....        
                                                                  ~09 ඩොකා

නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී 
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී 
                                                                ~11 සොමියා 



ප.ලි. 
"එකවගේ කවි තුනක්" ලෙස මුලින් පළ කල බ්ලොග් සටහන "එක වගේ කවි පහක්" ලෙස සංස්කරණය කරන ලදී. 

8/11/2013

මාවතේ ජීවිත ~8~ තැඹිලි මාමා

අතෝරක් නැති
මහ වැස්සට
සේදිලා ගිය
මග දෙපස.........

අදුර කැන්දූ
වැහි වළාවන්
මුවා කරවූ
නුබේ සිනහ වත......

පායාපන් අව් රැල්ල
පොඩි උන්ට
කවන්නට
බත් කටක් ...........

08 ඔටුවා

පලි: යලිත් මහා සමාජයට පිවිසීමි. මාවතේ හමුවන ඔබ මීලග නිමිත්ත විය හැක.


6/24/2013

සඳවතිය සැඟව ගියාය........!!!!!!















මල්පෙති මත වැටුන මුතු මෙන් තුෂර කැට
හිරු දුටු සැමවිටම දිදුලනා සේම
ඔබ හා ගෙවෙන හැම නිමේෂයක්ම
ගුරුමව්නි
රුවන් මෙන් වටින බවනම්
සත්තමයි................
පාසැල් සමයේ
අවසන් කඩයිම ලංවෙත්ම
ඔබේ තුරුලේ
සිප්කිරෙන් නැහැවෙන්නට
වරම් ලැබූ මා
සැබැවින්ම පින්බරය.
පෑලදිග අහස් ගැබ සිසාරා
නේක රටා මවන හිරුකුමරු
සඳවතියට නැගෙන්නට ඉඩහැර
අවරගිරින් බැසයන්නා සේම
අපද මතු යම් දිනක
ඔබෙන් වෙන්ව
පිපීගෙන එන කෑලමල් වලට ඉඩ දී
විදුබිමෙන් සමුගන්නා මතු යම් දිනක
දෙනෙත් බොඳකරමින්
ඇදහැලෙන කඳුළු බිඳු කියාවී
ඔබ මගේ දෙවෙනි මව් බව
ඉතිං ගුරුමව්නි
ඔබ හා ගෙවෙන හැම නිමේෂයක්ම
සඳවතියේ
සුන්දරයි හැමදාම...........


එහෙත් ඇයට විදුබිමෙන් නික්මෙන්නට ප්‍රථම ඒ දයාබර
ගුරුමාණියන්ගෙන් කඳුලින් බර වූ නෙතින් යුතුව
තවත් එවන්ම වූ නෙතු දහසක් මැද සමුගන්නට සිදුවූයේ
කුරිරු වූ දෛවය ඒ සදාදරනීය ගුරුමවුන් ඇගෙන්ද,
ආදරනීය මෑණියන් මගෙන්ද වෙන් කොට ගත් නිසාය...............


මායා 10






6/01/2013

විශ්වයට යැවූ නිරීක්ෂණ වාර්තාව.......෴


නිරීක්ශක අංක එක, 
තුන් වැනි ග්‍රහ ලොව, 
පනස් හත් වැනි තරුව, 
මන්දාකිනි අංක හත, 
එකොලොස් වෙනි මන්දාකිනි පොකුර, 

විශ්ව සමතුලිතතා අදිකාරිය වෙත, 

පරීක්ෂණ අංක දෙකයි දෙකයි හත හා සබැඳේ, 

          පරීක්ෂණය හා සබැඳෙන අවසන් නිරීක්ෂකයා ලෙස වසර විසි දෙකක පරීක්ශන වාර්තාව මෙලෙස ආරම්භ කරමි. 

          මනුශ්‍ය වර්ගයා තුල පරිනාමයෙහි හෝ අන් කිසි පරිසර බලපෑමක් හේතුවෙන් ඇති වෙමින් පැවතුනු යම් කිසි පැහැදිලි කල නොහැකි සිද්දි දාමයකට පිලිතුරු සොයනු වස් අදි පාලිත තත්ව යටතේ,ත්වරනය කරන ලද පරිනාමිය පරිසර ලබා දෙමින් මූලික මනුශ්‍ය ජාන අමුද්‍රව්‍ය භාවිතා කර පරීක්ශන අංක දෙකයි දෙකයි හත ආරම්භ කල බව ඔබ සියලු දෙනාම දන්නවා ඇත.

          පරීක්ශනය සිදු කෙරුනු චක්‍ර දස දහස් ගනන (ග්‍රහලොවෙ හැඳින්වීමෙන් 'වසර') මුලුල්ලෙ,නිරික්ශක පරම්පරාව එකතු කරගන්නා ලද දත්ත නිරික්ශනයෙන් ඔබ සියල්ල ගන්න ලද තීරනය සහ අවසන් නිරික්ශකයා වශයෙන් මම,ගන්නා ලද තීරනය සමාන වනු ඇතැයි සිතමි. 

          වසර විසි දෙකක මාගේ පෞද්ගලික නිරීක්ශන ලෙස,මා ග්‍රහලොව තුල දුටු සමාජය නිසි පියවර නොගත හොත් තව චක්‍ර බිලියනයකින් පමන මුලු විශ්වය තුලම ඇති විය හැක. 

          නමුත් පුදුමයට හේතුවක් ලෙස,මෙම ත්වරිත තත්ව යටතේද "මානව දයාව","ආදරය" හෝ "කරුනාව" වැනි මූලික මිනිස් ලක්ෂණ ජන සමාජයේ ඉතා කුඩා ප්‍රතිශතයක් තුල රැකී පැවතෙනු දැකිය හැක. 

          නමුත් සමාජයෙ බොහෝ ප්‍රතිශතයක් තුල මූලික වශයෙන් අපට පැහැදිලි කල නොහැකි ඌ "වෛරය","බලය පිලිබද ආශාව" හා "වංචාව" වැනි හැඟීම් බොහෝ සේ දැකිය හැක. 

          පසුගිය නිරික්ශක පරම්පරා විසින් හදුනාගත් පරිදි මූලික කේත සටහන් සහ පරිනාමික ද්‍රව්‍ය තුල වූ "පරිනාමික අප ද්‍රව්‍ය" මගින් මේවා පැහැදිලි කල හැක. 

          අවසන් නිරික්ශකයා වශයෙන් තවත් චක්‍ර දහසක් පමණ පරීක්ශනය පවත්වාගන යාමට මට උපදෙස් දිය හැකි වුවත්,තවදුරටත් මෙය පවත්වාගන යෑමේ ප්‍රතිඵලයක් නොමැත්තේ ,ග්‍රහ ලොවේ ඉතිහාසය,පරිණාමය සහ පැවැත්ම පිලිබද අප සතුව ඇති දත්ත,ග්‍රහ ලොවේ ඕනෑම අවසානයක් අප හට අනුමාන කල හැකි වීම නිසාය. 

          අවසන් නිරීක්ශක වශයෙන් මා පැමිනි නිගමනය වන්නෙ පරීක්ශනය හැකි ඉක්මනින් නිමා කර දැමීම සුදුසු බවයි. 

මෙයට, 
පලමු නිරික්ශක.






ලිව්වේ ---- අ.ජේ 10

ඡායාරූපය - http://www.hdwallpapers.in

5/13/2013

මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා...



මා බලන්නට කවුද මන්දා මලක් අරගන ඇවිල්ලා,
ජීවිතේ ලඟ එමල තියලා ඇය කොහේදෝ ගිහිල්ලා,
හීනයක්දෝ අනේ මන්දා හිතට සැකයක් ඇවිල්ලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා..

හිත අරන් ගිය සමනලිය ඈ ආයිමත් එන තුරු බලා,
මම හිඳිමි යෞව්වනේ දොරකඩ හදවතේ දොරගුලු නොලා,
දුර ඈත හිඳ පියාඹන්නට ඇයට සවිශක්තිය  වෙලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා..

හෙට උදේ හිරු නැගෙන විට ඈ මගේ ලඟ ඇතිදෝ බලා,
මමත් යනවා ඇගේ පෙරමග හෙලි කරන්නට මග බලා,
ජීවිතේ කල එලි කරන්නට අයට පාරක් පෙන්නලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා...

අ.ජේ.'10

5/11/2013

සුළඟක් වී අප්පච්චිට හොරෙන් ඉගිලෙන්නෙ කොහොමද......?෴



මේක විචාරයක්ම නෙවෙයි. කියවල හිනා වෙන්න තියන දෙයක්. මේකට හිනා යයිද කියන්න දන්නේ නෑ. එත් කියවල බලන්න...
මේ ගීතය අහල තියනවද?

"සුළඟක් වී මං යනවා...
දුර අහසේ ඇවිදින්නට...
අප්පචි කොහොමද මං අල්ලන්නේ..."

දුවෙක්ගේ හීනය තමන්ගේ තාත්තට කිව්වම තාත්ත තමන්ගේ දුවට ආදරෙන් මෙහෙම කියනවා.

"අහසක් සේ දූ යන මග...
පුළුන් වලා අතුරනවා...
එහෙමයි මගේ දෝනි...
මං රැක ගන්නේ...
පණ වගෙයි මගේ දූ මං රැක ගන්නේ..."

කොච්චර ආදරණිය ගීතයක්ද?




එත් මේ ගීතයෙන් කියවෙන විදිහටම අද සමාජයේ දුවෙක්ව රැකගන්න පුලුවන්ද? එකට හොදම පිළිතුරත් හොයාගන තමයි මම ඔයාලගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ.
ඇත්තට ඒක "හරිම අමාරුයි". ගැණු ළමයෙක් රැක ගන්න එක අප්පච්චි කෙනෙක්ට කරන්න දැන් බෑ. හැමෝටම නෙවෙයි. සමහර අප්පච්චිලා ඉන්නවා ඒක ගානට කරන. ඒත් අඩුයි. ඇහේ මූණේ තියාගන හැදුවත් කරන්න අමාරු වැඩක් තමයි ඒක.
ඇයි මම එහෙම කියන්නේ?

මේ ගීතය අහල තියනවද?

"අප්පච්චි ළඟ හිටියා...
නැද්දෝ අයියා දුටුවේ...
හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්...
දුක ඉවසාන පිටුපා ගියා...
සඳ එළියේම නොපෙනී ගියා..."

දැන් තේරෙනවා ඇති මම එහෙම කිව්වේ ඇයි කියල.



මේ ගීත දෙකම ගායනා කරන්නේ එකම දුව වීමත් ලොකු විශේෂයක්...!!!

ඉෆ් යූ නෝ වට් අයි මීන්...!

මෙන්න ඒ සුප්‍රසිද්ධ ගීත දෙක.....
සුළඟක් වී...
සුළඟක් වී මං යනවා.. දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද.. මං අල්ලන්නේ....

අහසක් සේ දූ යන මග...පුළුන් වලා අතුරනවා...
එහෙමයි මගේ දෝනි...මං රැක ගන්නේ...
පණ වගෙයි මගේ දූ.. මං රැක ගන්නේ...


මහ ගං වතුරක් වීලා.. හරි වේගෙන් මං ගලනවා..
ලොකු ගස් වැල් කඳු වැටි හෙම.. උදුරා පොළවට දමනවා..
අප්පච්චී කොහොමද.. මං වලකන්නේ...
මං මහ මුහුදක් වෙනවා.. දූ එනතුරු තනිරකිනවා
ආදරයෙන් මඟ බලනවා.. තුරුලට ගෙන සනසවනවා....
මං ළඟ නොවැ දූ... සැමදා සැනසෙන්නේ.....

මං බොරු තරහක් ගන්නවා.. ඇස් රතු වෙනකං අඬනවා..
තුරුළට අරගෙන සිටියත් නැළවෙන්නැතුවම ඉන්නවා..
අප්පච්චී කොහොමද... මං නළවන්නේ...
දූටත් වැඩියෙන් හයියෙන්.. එතකොට නම් මට ඇඬෙනවා..
දූගේ කඳුළු මං ගන්නවා.. දූ නැළවෙනකං අඬනවා...
මං ඇඬුවම දූ.... නොවැ මා නළවන්නේ...



සුදු ගවුමේ....
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ..
දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ...
බොර ගං දියේ මල් යයි ඇදී..
අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්...

ගං දෑල නම් නපුරුයි වගේ..
නාඩන් නගේ මං දැන් ලඟින් ඉන්නේ..
අයියා මගේ කවදත් හොඳයි..
සැමදා ළඟින් ඉන්නේ මගේ පණසේ...

පුන් පෝදා සෑ මළුවේ..මට පිටුපා ඔබ උන්නේ...
සිටියා බලා.. ඔබ හිනැහෙයි කියා..
දුටුවේ නෑ පියමං කරා...
සඳ එළියේම නොපෙනී ගියා...

අප්පච්චී ළඟ හිටියා.. නැද්දෝ අයියා දුටුවේ...
හිනැහෙමි කියා.. මා සිතුවත් හොරෙන්..
දුක ඉවසාන පිටුපා ගියා...
ඒ දුක් ගින්න හදෙහී දරා.....


ලිව්වේ - 10 වටුවා

5/10/2013

අතුරුදහන් වූ සෙබලෙකුගේ බිරිඳ




ගිනි මද්දහනේ සීතල පින්නේ
ඔබ ගැන මතකය වද දුන්නා
නිදිනැති දෙනෙතේ කදුලක් සිරවී
රැ තුන් යාමේ ඉකි බින්දා

කලුවර අහසේ තරුකැන් අතරින්
ඔබ නැග ඒ යැයි මම උන්නා
අද දින නාවොත් හෙටවත් ඒ යයි
පෙරමග බලමින් දින ගැන්නා

යුද්ධය නිම වී ගම රට ආ උන්
ඔබ මිතුරන් දහසක් උන්නා
සැමටම අමතක ඔබගේ මතකය
මා සුසුමන් සිරකර සිත බින්දා

08 සොබා
ප.ලි.
පෙර සබැදි

5/08/2013

සදා ඔබමයි මගේ ආලය

















සිහින් වැහි පොද ඇදහැලෙන විට
සියොත් ගී නද මැකී යන විට
ලොවම ගණඳුර වසා සිටි විට
ඔබයි ආවේ මගේ හද වෙත

පෙමින් මා සිත වසඟ කළ ඔබ
සිහින් ස්වරයෙන් ගයන විට මට
නොහිම් උනුහුම දැනේ සුසුමක
හෙමින් ඇවිදින් වෙලෙයි මා සිත

ඔබේ පහසින් පිබිද කවි සිත
හැඟුම් පොබයයි මගේ තෙලිතුඩ
ඔබේ මුවගේ සිහින් සිනහව
සනසවයි මා දී සහන් සුව

වසා දෙනයන මවා ඔබෙ රුව
සිනාසෙමි මම ඔබේ අබිමුව
පතා සෙනෙහස ඔබේ පාමුල
සදා සැනසෙමි මගේ දෙව් ඔබ

සතුට ඔබ වෙත ගෙනත් දෙන්නම්
සෑමදා ඔබ ලඟින් ඉන්නම්
සිහින් ස්වරයෙන් ගී ගයන්නම්
නමුත් කිසිදා හැර නොයන්නම්
 
 
09 පබා

5/05/2013

වචනයට කියමු අපි ඇයට "ගණිකාව " කියා














මහලු වී හිරු කිරණ
විඩා බර සිත් ඇතිව
මහා මුහුද කෙළවරක
ගිලී ගියා නිහඩවම......

කොළොම්තොට තෙත් කෙරූ
වියලි දුහුවිලි සුළග,
අතර එක් නෙතු දෙකක්
සොයනවා සොයනවා,
තවත් නෙත් යුවලයක්
නවතින්න සිත් ඇති ......

තුහ් නොදොකින් මෙලෙස,
කෙලගසා රවාගෙන
තවත් උන් යන්න යයි,
කිහිල්ලෙහි රුවාගෙන
"සදාචාරය" "සදාචාරය"....

අහෝ පිං නොකළ මල්
මාවතේ පිපී ගිය ,
හිනැහේද උන් නුබට
පිපුණි නම් උයන් කොණ

කෙල හලා තලු මරා
රොන් ගන්න එයි බඹරු,
රාජපුරුෂයන් රකින
මහා රජුගේ උයන් වෙත,
හප හපා "සදාචාරය" .......

තවත් එක් පැණයකි,
අවසානයට මත්තෙන්ම
කෙලෙස කවනට පුතුට,
තම්බලා නිසි පදම
"සදාචාරය"  "සදාචාරය"...?


ඔටුවා 08

පලි

පෙර සබැදි  ගණිකාව, කාන්තාව හා අපේ සංස්කෘතිය

සංවාදයට විවෘතයි