8/26/2012

මාවතේ ජීවිත ~ 6 ~ කෝච්චියේ දේශනය.........



කළුතර ඉඳල පොල්ගහවෙල යන කෝච්චියේ ප්ලාස්ටික් අසුනකට බර වෙලා ඈත පෙනෙන ඉන්දියන් සාගරය දිහා බලන් ඉන්නවා. මේ දවස් වල ට්‍රේනින් වැඩ නිසා ජීවිතේ ගොඩාක් ඒකාකාරී වෙලා කියල මට හිතෙනවා. උදෙම නැගිටල ලක ලෑස්තිවෙලා ස්වර්ණවාහිණියේ මුල් පිටුවෙත් මුල්ම සිරස්තල ටික බලලා ගෙදරින් පිටත් වන මම ආයෙ රෑ කළුවරත් අරගෙන ගෙදර එනවා. ඒ ඇවිත් මහන්සියට කාල නිදා ගන්නවා. ඔෆිස් එකේ උනත් හැමදාම දකින්නේ කරමල සුදු වෙච්චි එකම කුකුල්ලු නිසා මට එහෙම හිතෙනවා ඇති.
සතියේ මුල් දවස් වලට වඩා සිකුරාදා දවස ගෙවෙන්න බොහොම ක්‍රියාශීලී වගෙම ඔක්කොම සතුටින් ඉන්නෙත් සිකුරාදා කියල හිතෙනවා. අපිත් එක්ක ඔෆිස් එකේ ඉන්න ගොඩක් අය සිකුරාද හවසට ගම් බිම් බලා යන්න කෝච්චියට එකතු වෙනවා. මමත් සිකුරාදට එයාලට එකතු වෙනවා.  කට්ටියම කෝච්චියේ මුල්ලකට වෙලා සතියේ විත්ති සමාලෝචනය කරනවා. එහෙත් හැමදාම තනිවෙන්න හදන මගේ හිත ඈත පෙනෙන  නැවක කුඹගහක මුදුනෙ නැවතිලා තියනවා.

දෙහිවලට එනකොට හිස්ව තිබුනු කෝච්චිය බම්බලපිටියෙදි පිරිල යනවා. වේදිකාවෙ නවත්තන්නත් කලින් පිරිස් කෝච්ච්යේ එල්ලෙන්න තරගෙකට කියල හිතන්වා. ජයග්‍රහකයන්ට ඉතුරුවෙලා තියන තැනක සීට් එකක් ලැබෙනවා. ගොඩ දෙනෙක් තැන් තැන් වල එකතුවෙලා දොඩමලුවෙනවා. සිනහවෙන් කතබහෙන් කොච්චිය පිරිල යනවා.
පිරිස අතරෙ කිහිප දෙනෙක් රටේ දේශපාලනය අධ්‍යනය කරනවා. තව පිරිසක් අර නලුවගෙ කසාදය, මේ ගායිකාවගේ දික්කසාදය අහවල් ඇමතිතුමාගෙ බිරිදගේ සාරිය, ගැන චරිතාපදාන නිකුත් කරන්වා.

ඔය අතර තවත් කෙනෙක් දුරකතන සංවාදයක. එයා කියන දේ කොච්චියේ හු හඬ මැද උනත් මට ඇහෙනවා. "හරි හරි මං එනකොට අරන් එන්නම් " එයා ෆොන් එක කට් කරන්වා. "මොනවද බං ගෙදර ගෙනියන්න යන්නේ"යලුවො ටික මනුස්සයගෙන් උත්තර බලපොරොත්තු වෙනවා. එහෙත් අයියා උත්තර දෙන්න ටිකක කල්පනා කරන්වා. මුහුනේ ප්‍රශ්නාරතයක් වගේ ඇඳිල තියනවා. "ඇයි මචන් අව්ලක් ද?" තව කෙනෙක් අහනවා. "ඔව් මචන් පොඩි අව්ලක්" අයියා උත්තර දෙනවා. කට්ටියගෙම මුහුනු වල හිනාව මැකිල යනවා. කෙනෙක් ප්‍රශ්නයක් කියල කිව්ව ගමන් සංවේදී වෙන මිනිස්සු තවම ඉන්නව නේද කියල මට හිතෙනවා.
"අපේ පොඩි එකි මේ සතියෙ ශිෂ්‍යත්වෙ ලියනවනේ......." අයියට උත්තරේ සම්පූර්ණ කරන්න ලබුනේ නෑ. "ඇයි මචන් මොකො දැන් දුවට සනීප නැද්ද?" තව කෙනෙක් අහනවා , "මේ දවස් වල උනක් තියන්වා ඩෙංගුද
දන්නේ නැ "  මැදිවියේ ගැහැනු කෙනෙක් පිලිතුරු දෙනවා. මේ සේරම අය එකම කන්තොරුවක වැඩ කරන අය කියල මට හිතෙනවා."අප්පේ එහෙම කරදරයක් නෙවි දුවගේ විභාගයට වැදගත් වෙන පත්තරයක් ගේන්න
කියල වයිෆ් කිව්වා කොච්චියේ සද්දෙට මට එකේ නම ඇහුනෙත් නෑ ආයේ අහන්නත් බෑ එයගෙ ෆොන් එකෙත් බැට්‍රි ඉවර වෙල ඕෆ් උනා පත්තරේ නොගෙනියත් ඉතින්..........." අයියා ලොකු හුස්මක් හෙලනවා. අනේ පව් මුලු කෝච්චි පෙට්ටියේම අය එයට හිනා වෙනවා. කොච්චර හංගන්න හැදුවත් මටත් හිනා ගියා.

මමත් ශිෂ්‍යත්වෙ කරපු කාලෙට ගියා. අපේ තත්තත් මට සාධන පත්තරේ ගෙනත් දුන්න මතකයි.ඒකේ තිබුන ආදර්ශ ප්‍රශ්න පත්තරෙට උත්තර ලිව්වත් මම ශිෂ්‍යත්වෙ ෆේල් උන මතකයි. ප්‍රතිඵල ආපු දවසෙ පන්තියේ ටීචර් ප්‍රතිඵල කියනකොට මම ෆේල්..... "ඒත් පුතේ ශිෂ්ෂත්වේ කියන්නෙ ලොකු විභාගයක් නෙවි A/L පාස් වෙන්න" කියල   සුමනාවතී ටීචර් කිව්ව මට මතක වෙනවා. උසස් පෙල ප්‍රතිපල ඇවිත් මම ටීචර්ගේ ගෙදර ගියපු දවසේ මේ වචන ටික මතක් කරල දුන්නාම ටීචර් ගේ ඇස්වල කඳුලු තිබ්බ මට මතකයි. .......
හිත කියන්නේ කොච්චර වේගවත්ද කියල මට හිතෙනවා. පුංචි කතාවකින් මම ගිය  දුර.....

එතකොටත් අර අයිය වට කරන් ඉන්න පිරිස එයාට පත්තරවල නම් මතක් කරල දෙන්න හදනවා."ඒක නෙවි . පත්තරේ ජොතිෂ්‍යටත් සම්බන්ධ වෙන්න ඔන...." අයිය කියන්වා.

"මොකක්  කොහෙද බං ශිෂ්‍යත්වෙට ජෝතිෂ්ය තියෙන්නේ උබේ දුව ලියන්නෙ ශිෂ්‍යත්වෙ කියල ෂුවර්ද?. කැම්පස් යන්න එක්සැම් වලටවත් ජොතිෂ්‍ය නෑනෙ " තවත් කෙනෙක් උත්තර දෙනවා." කැම්පස් ??? ,අපෝ දැන් එව ආයෙත් වහල" තව කෙනෙක් උත්තර දෙනවා.
"අනේ ඔව් පව් අහින්සක ලමයි ටික මේ සර්ලට කිසිම හිතක් පපුවක් නෑ වගෙනේ වැඩ කරන්නේ ඒගොල්ලන්ට මෙච්චර පඩි වැඩි කරල දීලත් ඔහොමනෙ ලමයින්ට සලකන්නේ" වයසක පහේ අන්කල් කෙනෙක් කියනවා.

අනේ මේ වගේ මෝඩ මිනිස්සු අන්කල් බලන්නෙත් ITN ද කියල මට අහන්න හිතෙනවා. එහෙත් " සර් ල කරන කැපකිරීම් අන්කල්ල දන්නෙ නෑනේ" කියල තව කෙනෙක් උත්තර දෙනවා. මමත් ඒ කව්ද කියල හැරිල
බලනවා. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සටන ගැන ඔහු පැහැදිලි කරනවා. "ආචාර්යවරු සටන් කරන්නෙ අන්කල් ල වගේ කොච්චියේ යන ආන්ඩුවෙ කන්තෝරු වල කඹුරන අයගේ ලමයි වෙනුවෙන් " කියල සටන්කාමී හඬකින් ඔහු කියනවා. ඔව් කොටින්ම දුවගෙ පුතාගේ අධ්‍යාපනේට මහාලොකුවට වියදම් කරන්න බැරි උබල වෙනුවෙන් තමයි එ මිනිස්සු සටන් කරන්නේ, ඒක මේ අන්කල්ල ට එක්කො තෙරෙන්නෙ නෑ නැත්නම් අන්කල්ල තේරිලත් පහසුවට නොතෙරුන වගේ ඉන්නවා කියල මට හිතෙනවා.

"අන්කල් දන්නවද විශ්ව විද්‍යාල රකින්න දාල තියන පුද්ගලික ආර්ක්ෂකයෙකුගේ පඩිය සහය කතිකාචාර්‍ය් වරයෙකුගේ පඩියට වඩා වැඩී කියල" දයාබර සටන් සගය සටන අත අරින පාටක් නෑ කියල මට හිතෙනවා.
"ඒත් පුතා මෙ මිනිස්සුන්ට මේ ලමයි ගැන හිතන්න බැරිද දැන් මෙගොල්ලො A/L පේපර්ස් බලන්නෙත් නෑලු එ ලමයි ඔවට පලි නෑනෙ අනික එතකොට එ ලමයි කවදද කැම්පස් යන්නෙ" අන්කල් තව ප්‍රශ්නයක් අතාරිනවා.
"ඇයි හත් ඉලව්වේ අපි A/L කරපු අවුරුද්දෙත් පෙපර්ස් බැලුවෙ පරක්කු වෙලා එත් අද අපි යස අගෙට කැම්පස් ඇවිත් ඉන්නෙ, අනික ගිය අවුරුද්දේ A/L කරපු ලමයින්ට තව වෙනතුරු කැම්පස් යන්න බැරි උනේ ,
සමහරුන්ට කවම කවදාවත් කැම්පස් යන්න බැරි උනේත් සර්ල නිසාද " කියල අහන්න මට හිතෙන්වා.
"අපේ සර්ල ලමයින්ට ආදරේ නිසා තමා ලොකු පඩි වලට රට යන්නෙ නැතුව තාම මේ රටෙ ඉඳන් අපෙ උන්ට කියල දෙන්නෙ එකයි එ මිනිස්සුන්ගේ මනුස්සකම" සහොදරය උත්තර දෙනවා. කොච්චි පෙට්ටියේ හිටපු අනිත් අයත් පිලිතුර  අනුමත කරනවා වගේ ඉන්නවා එත් කතාකරන්නේ නෑ. මෙ මිනිස්සු ඇත්ත දැන දැන නිහඬව ඉන්න එක ගැන මට සානුකම්පාවක් ඇතිවෙනවා. ඉතින් දෙයියනේ මමත් එහෙමනේ අඩුම ගානේ මම එ සහොදරය කියපුවට හරි කියලව සහයොගයක් දුන්නේ නෑනෙ, මට මගේ , අපේ කාලකන්නි නිහඬතාවය ගැනත් තරහ එනවා.....

"අද පත්තරේ තියනවා......" අන්කල් මොකද්දො කියන්න හදනකොටම අර සහොදරය රීති ප්‍රශ්නයක් යොමුකරනවා "මොකද්ද දිණමිනද ".  " නෑ..." අන්කල් අකුරු තුනක ජාතික පුවත් පතක නමක් කියනවා.
එත්කොටම අර කලින් පත්තරෙක නම අමතක වෙලා හිටපු අයියා ඔව් එක තමයි පත්තරේ කියල කියල කියනවා. "මොකක්" තවකෙක් අනපෙක්ශිත පිලිතුරෙන් මවිත වෙලා අහනවා. "ඔව් ඔව් එ පත්තරේ තියන්වා ශිෂ්‍යත්ව විභාගයට පෙර කරන්න ඔන වතවත් සහ අන්තිම පුජාව " අයිය නොකිව යුතු දේයක් කිව්ව කියල මට හිතෙනවා."මෙ කොටුව දුම් රිය ස්ථානයයි " නිවෙදනය නිකුත් වෙනවා. "බහින්නේ වරෙන් " යලුව මට කියනවා. මම බහින්න කියල දොර ලඟට යනවා.
 "පත්තරේ මුල් පිටු කියවන්නෙ නැද්ද ජොතිෂ්ය පිටුව විතරද බලන්නෙ?  "
 සටන්කාමී සහොදරය කොච්චිය හැමොටම ප්‍රශ්නෙකින් දමල ගහනවා. මමත් එ ප්‍රශ්නේ සාක්කුවේ දමාගෙන පිටවීමේ කවුලුවෙන් පිටවෙනවා................

ඔටුවා 08


ප.ලි.
මාවතේ ජීවිත සටහනේ කොටස් 1,2,3,4 හි සටහන් වන්නේ මාවතේදි සැබවින්ම මට හමුවු චරිත වන අතර 5, 6 සටහන් වන්නේ මාවතේ සිටින්නේ යයි මම උපකල්පනය කල චරිත වේ



8/22/2012

රැජිනියනේ..


රැජිනියනේ.......
දහදිය බින්දු නැත ඇගෙ ගත තනි කෙරුවේ
කදුලක් නොනැගි දුක් බෝ ඇත ඇගෙ පපුවේ
දුටුවෙමි සිනා පමණක් රූපත් මුහුණේ
මුව පිරි සිනාවෙන් ඇයි සිත රිදවන්නේ...
රැජිනියනේ.......
නෑ සිය මිතුරු නෑ කිසි දින දොස් දුටුවේ
අලුතින් ගෙනා පතිනියමයි සිහිවෙන්නේ
කිසි දින රවා වත් නෑ සිය හිම් දෙස බැලුවේ.
හිමි කෑ පතේ රජ බොජුනයි වළදන්නේ..
රැජිනියනේ.......
මුලුතැන් යහන වද මගෙ මවු හට තිබුනේ.
නෑ කිසි දිනක කුසගිනි මැද දරු තැබුවේ
අහසට කදුලු බර වී මහ වැහි වැටුනේ
මහ වැසි මැදත් වත සිනහවමයි රැදුනේ
රැජිනියනේ.......

මාටියා

8/20/2012

Being a Professional...!!

The hardest part of office work,
Is to pretend that you’re working hard.
It's true that you being useless jerk
But show that you are the top of the herd

In one tab you’ll have Business Weekly.
And in the other you’ll have FB wall
If you can switch them just so quickly
Your boss will think "Man with a Goal".

Outlook minimized just in case
Have SLPL streams live on Cricinfo
Hand on mouse ready for a race,
On Ebay you can bid for a Kenzo

An online game of Scrabble
Makes you think of so many words.
But when no one near to trouble,
You can shoot some angry birds.

When you tire of Gmail chat room
And you’ve written too many Tweets.
You’ll stroll down to the break room,
And help yourself with a tea & sweets.

You will find some class co workers,
Who posses the wisdom of acting busy
And there will be some sweet talkers,
Better not get your smart head dizzy

Months will pass & Years will join them
Money will come when the pay is ready
Weekends like gold and Holidays like Gem
You'll have to row your life boat steady


8/19/2012

මාවතේ ජීවිත ~5~ බලපොරත්තුවලටත් ට්‍රැෆික්


මොරටුවෙ ඉඳල ආපු බස් එක පිටකොටුවෙදි වේගය අඩු කරනකොට මම ඒකෙන් පැන ගන්නව. ගෙදර යන්න කඩි මුඩියේ දුවන මිනිස්සුන්ට මමත් එකතු වෙලා ඊලග බස් එකට නැග ගන්නවා. කොහොම හරි වාසනාවට ජනෙලයක් අයිනේ අසුනක් මටත් ලබෙනවා. ගුනසිංහ පුර ගස්වල වහල ඉන්න කපුටො රෑ වෙලා කියල කෑ ගහල කියනව. ඒත් ඊට වඩ හයියෙන් කොන්දොස්තර අයිය "රාගම රාගම" කියල කැගහනවා. ඊට පස්සෙ "අහ් ඔව් මල්ලි 6.05 ට තමා පිටත් වෙන්නෙ " කියල කාටද උත්තර දෙනවා.

මැනින් මාකට් එක පැත්තෙ ඉදල දුවගෙන ආපු මනුස්සයෙක් එලවලු මල්ලකුත් අරන් බස් එකට ගොඩ වෙනවා.ආපු හදිස්සියට මෙ එලවලු අද රෑට උයන්නද කියල මට හිතෙනවා.
බොහොම අමාරුවෙන් බස් එක ඉස්සරහට ඇදෙනවා. ඩ්‍රැයිවර් අන්කල්ට ඉක්මනට ගෙදර යන්න උවමනාවක් නැද්ද කියලත් හිතෙනවා. ඒත් එය හිටි ගමන් ඉක්මනට යන්න යනකොට කොන්දොස්තර අයිය හොව් හොව්
පොඩ්ඩක් ඉන්න කියල කියනවා. බස් එකේ ඉන්න සමහරු මේක දිහා බලාගෙන ඇහුනෙ නෑ වගේ ඉන්නවා. එත් ට්‍රේනින් ගිය දවසෙ ඉදල වෙලපහ ගෙදර යන්න හදන මට අදත් වැරදි බස් එකකට ගොඩ උනා කියල
හිතෙනවා.ටික වෙලවකින් කාගෙදෝ දුරකතනයක් නාදවෙනව ඇහෙනවා. "ඔව් ඔව් දැන් පිටකොටුවෙන් බස් එකට නැග්ග තව පැය බාගෙකින් එනවා" එයා උත්තර දෙනවා.

හෙමින් සැරේ බස් එක ටෙක්නිකල් හන්ඳිය පහු කරල පන්චිකාවත්තට කිට්ටු වෙනවා, මගෙ ලග වාඩි වෙලා හිටපු කෙනා නැගිටල බහින්න යනවා. එතකොට අර එලවලු මල්ල අරන් නැගපු මනුස්සය මගෙ ලගින් වාඩි
වෙනවා. එ මනුස්සය එක්ක හිනා වෙන්න උත්සහ කලත් මගෙ මුහුනෙ දහදියට හිනාව පෙඟිල ගිහිල්ල. එයාගේ මුහුනෙ නම් තිබුනෙ බලාපොරොත්තුවක ලකුණු. ලොකු හදිස්සියකුත් තිබ්බ.

ආමර් වීදියේදි බස් එකේ වේගය තවත් අඩු උනා. මම ජනේලෙන් එලියට ඔලුව දාල වෙලාතියෙන්නෙ මොකද්ද කිඅයල බලනවා. රතු පාට බල්බ් පත්තු උන වාහන පාර දිගටම හිර වෙලා තියන්වා. "අද උඹ වේලපහ නේද යන්නෙ" කියල මගෙ යලුව ඇහුව මට මතක් වෙනවා. උගේ කට වැදුන තමා කියල මත හිතෙනවා. එතකොටම වගේ මට මගේ සාක්කුවේ ෆොන් එක දගලනවා. "අයියා කොහෙද ඉන්නෙ" නංගි කෙටි පනිවිඩයක් දාල.
"අර්මර් ස්ට්‍රීට්" මම රිප්ලයි කරනවා.
කොන්දොස්තර අයියා ලගට එනකොට මම අඟිලි වල හිරකරන් හිටපු රුපියල් විස්ස දික් කරල වත්තලට ටිකට් එකක් ගන්නවා. එහා පැත්තේ හිටපු මනුස්සය නැත්නම් අයියත් රාගමට ටිකට් ගන්න ගමන් මල්ලි රෑ වෙයිද කියල කොන්දොස්තර අයියගෙන් අහනවා. "ඔව් හවස් උනාට පස්සෙ රැවෙනවා ඇයි කලින් බස් වල නෙවිද ගියෙ" කොන්දොස්තර අයියගෙන් උත්තර ලබෙනවා. මටත් එ මනුස්සය ගැන දුකත් හිතෙනවා. එයා මන් දිහාලැජ්ජාවෙන බලනවා.
ආයෙමත් එයගෙ ෆොන් එක වදිනවා "මන් පොඩි ට්‍රැෆික් එකක ඉන්නෙ එන්න ටිකක් පරක්කු වෙයි" කියල මිනිහ උත්තර දෙනව." මගෙ වයිෆ් කතා කලේ මල්ලි අද ටිකක් කලින් ගෙදර යන්න කියල ලීව් එකක් දැම්ම එත් බලන්නකො ට්‍රැෆික් නේ", පව් අහින්සකය මට හිතෙනවා.එත් මන් මොකක් කරන්නද මාත් ඒ බස් එකේමනේ.

පාර හරහට කන්ටේනරයක් පෙරලිල කියල මිනිස්සු ජනෙල් වලින් එබිල බලනවා. කථාව ඇත්ත ට්‍රැෆික් එකට හෙතුව මෙක තමා . බස් එක එතැනින් ගලවිල ඉගිලිල එනවා.ඇවිත් ආමර් වීදියෙන් සුගදදාස ස්ටෙඩියම පාරට හරවනවා. එක දිගටම රතු පාට බල්බ දැල් වුනු වාහන පෙලකින් පාර වැහිලා.
"අදත් වරායට නැවක් ඇවිත්" කෙනෙක් කියනවා. එක ඇත්ත වරායට නැවක් ආපුවම එකෙ කන්ටෙනර් ගෙනියන දිගම දිග වාහන වලින් මුලු පාරම පිරෙනවා. හොල්ට් තුනක දුර එ කියන්නේ ආමර් වීදියේ ඉඳලා ඉඟුරු කඩේ හඳියට ලෙසියෙන් යන්න බැරිවෙනවා.

මගෙ ලග ඉන්න අයිය ආයෙත් හිස් බැල්මෙන් මන් දිහා බලනවා. "මල්ලිටත් ගෙදර යන්න හදිස්සිද" කියල මගෙන් අහනවා මම උත්තර දෙන්න හදනකොටම ඉස්සර පොඩි රන්ඩුවක්. බස් එකෙ කවුලුවක් හින්ද දෙන්නෙක් සටනට පැටලිල. ඇත්ත තමයි මෙ බස් එක අතුලෙ තිබ්බ රස්නෙට ගහ නොගත්තනම් තමා පුදුමෙ. මෙ දෙන්නගේ සද්දෙට පොඩි ලමයෙක් බයවෙලා හොඳටම අඬනවා එයගෙ අම්මා එයාව නලව ගන්න දහසක් බොරු කියනවා.හැමොටම එපාවෙලා වගෙ මිනිස්සුන්ගේ මුහුනු වල ලියෙවිල තියනවා. "පොලිසියවත් නැද්ද?" මෙ පාරවල් බලන්න කෙනෙක් අහනවා. මටත් ලංකාවෙ පොලීසියක් තියනවා කීයල මතක් වෙනවා.

හෙමින් සැරේ බස් එක් සුගදදාස ස්ටෙඩියම ලඟට එනවා. ස්ටෙඩියමෙ ලයිට් දාල . අද SLPL මැච් එකනේ එත් එක තියෙන්නෙ කෙත්තාරමෙනේ සුගදදාසෙ මොකටද ලයිට් දාන්නෙ මට හිතෙනවා. එතකොට ස්ටෙඩියමෙ වහලෙ සවි කරල තියෙන "කාර්ල්ටන්" කොඩිය මට පෙනෙනවා සිද්දිය මගේ පුංචි මොලේට වැටහෙනවා. "දවල්ට අව්වට බේබිලගේ හම කලු වෙන නිසා රැට ලයිට් දාල රගර් ගහනවා අපිට තමා ලයිට් කපන්නේ" කියල කවුදො කොලුවෙක් කට කැඩිච්ච කතාවක් කියනවා.

 සක්කුවේ ඉන්න මගේ ෆෝන් එක අයේ අඬනවා නංගි අයෙත් අහනව අයියා කොහෙද කියලා. මමත් ලුනු ඇඹුල් ඇතුව පොලීසියටයි ට්‍රැෆික් වලට වග කිය යුතු අයටයි අමතලා රිප්ලයි කරනවා.
මුහුන පුරා රැව්ල වවාගත්තු කොල්ලෙක් බස් එකේ ඉස්සරහට ඇවිත් විරිදු කියන්න ලැස්තිය. එත් කොන්දොස්තර අයිය මිනිහට බැහල යන්න කියල තදින් කියනවා. මිනිහත් කොන්දොස්තර අයියගෙ මව් ගැන විරිදුවක්සමගින් බැහැල යනවා.

කොහොම කොහොම හරි බස් එක ඉඟුරුකඩේ හංදියට එනවා. එතනින් ට්‍රැෆික් එක ඉවරයි ඩ්‍රැයිවර් අන්කලුත් ලෑල්ලටම පාගල යනවා.මගෙ ලග ඉන්න අයියත් ටිකක් හිනා වෙලා ඉන්නව දැක්කමයි.බස් එකෙ අනිත් අයටත් ඉක්මනට ගෙවල් වලට යන්න පුලුවන් කියල හිතෙනවා.

කැලණි ගඟ හරහා වැටිල තියන ජපන් මිත්‍රත්ව පාලම පහු කරල බස් එක යන්තම් පෑලියගොඩට එනවා.සුපුරුදු විදියටම අයෙත් දිගු වහන පොලිමක් මගෙ ලඟ හිටපු අයියට  අයෙත් කොල් එකක්. "පුතේ තත්ත අද එන්න ටිකක් රැ වෙයි තත්තිගේ යලුවෙක් අසනීප වෙලා ඉස්පිරිතාලෙ තාත්ති එයව බලන්න ගියා අපි හෙට උදෙට පන්සල් යමු" කියල කියනවා.
  එ එක්කම මට නංගි අයෙත් කෙටි පනිවිඩයක් එවල "අයියේ පොලීසියේ ඉන්නෙත් මිනිස්සුනේ එයලට බනින්නත් එපා එ ගොල්ලොත් දවසම මහන්සි වෙලනෙ ඉන්නේ" මටත් ඒ කතාව ඇත්ත කියල හිතෙනවා.

අර අයිය මන් දිහා බලල කියනවා "මල්ලි අද මගෙ පුතාගෙ උපන් දිනේ මන් වෙලපහ යන්න ආවෙ එකටයි හැමදාම මම වැඩ ඉවර වෙලා යනකොට එයා නිදි , උදේ වැඩට එනකොටත් එයා නිදි, දැනුත් වයිෆ් කොහොම හරි නිදි කරව ගනී බලන්නකො අපේ ජීවිත මහපාරෙමයි ...!"

මටත් මුකුත්ම කියගන්න බැරි වෙනවා, ජනෙලෙන් එලියෙ වාහන දිහා තේරුමක් නැතිව මමත් බලන් ඉන්නවා කොන්දොස්තර අයිය වත්තල බහින්න කියල කියනවා, මමත් නැගිටල බස් එකෙන් බැහැගන්නවා.
බස් එක පිටිපස්සෙන් පාර පනින්න යනකොට බස් එකේ දුම් ගුලියකින් මාව වැහිල යනවා. අනේ බස් එකේ හිටපු කී දෙනෙකුගේ, අර පුංචි පුතාගේ බලාපොරොත්තුත් මෙ බස් වල එන්ජින්වල දැව්ල දුම් බට වලින් පිට වෙනව නේද කියල මට හිතෙනවා.

 වෙලාව අටයි කියල මගේ ඔරලෝසුව කියනවා.......................


සුභාෂ් ~( ඔටුවා_08)

8/05/2012

මාවතේ ජීවිත~4~සොරාගත් සිහින













මාවතේ ජීවිත~1
මාවතේ ජීවිත 2~ වාසනා කූඩු
මාවතේ ජීවිත ~3~ රඹුටන් රස

දළුලන වසන්තයට
විකසිත වී සුවඳ වන්න
දකින්නට ඇත සිහින
පෙරදින නුඹත් මා විලස......

තනන්නට ලෝකයක්
පිසලන්නට කඳුලක්
දල්වන්නට සිනහවක්
අසාපන් යකුනේ......
උන්ට ඇත සිහිනයක්
තොප විසින් ගිලදැමු.........

කොල්ලකෑ සිහිනයම
ඉල්ලලා හඬ නගන
බුද්ධියේ අරගලය
මහමගය
බලවතුන් නොමදකින..................

ඔටුවා 8

8/04/2012

අයං වස්සාන කාලෝ.....








ගොම්මං කළුවර මැද්දෙන්
හීන් පොද වැස්සක් වැටීගන ආවා.
රැහැයියන්ගේ මූසල සද්දෙත් එක්කම
ඈතින් පන්සලේ ඝන්ටාර සද්දෙ,
මැටි ගැලවිච්චි පිල ලඟ ඉඳගන
මැණිකා කඩුල්ල දිහා බලාගන උන්නා
"එදා වගේමයි අදත්",
මැණිකාගේ හිත ඈතට දුවන් ගියා.







එදා හත්කෝරලේටම උන්නු ලස්සනම ගැටිස්සි මැණිකා

වැහි කාලේ පන්සලේ බුද්ධ පූජා,
අප්පුච්චලට කන්ඩ උයන්ඩ ගෙදර නැවතුනු ඒ හැන්දෑව,
හීන් වැහි කෝඩෙ මැද්ඩෙන් කඩුල්ල ලඟ කාරෙකක් නැවතුනා.
පිල ගාවට දුවගන ආපු මහත්තැන්
මැණිකාට පෙනුනෙ දෙවියෙක් වගේ.
ඒ හැන්දෑව මැණිකාගේ ජීවිතේ ලස්සනම හැන්දෑව,
අදටත්.
මහත්තයා කලුවරේම එලියට බැස්සේ මැණිකාගේ ඔලුවත් අතගාලා
"මං ඉක්මනටම එන්නං කෙල්ලෙ"
මැණිකා හැමදාම කඩුල්ල දිහා බලාගන හිටියා
මහත්තයා නැතත් කීප පෝයකින් බඩට දරුවෙක් ආවා.
ඉස්පිරිතාලෙන්ම දරුවා කාටදෝ දුන්නේ මැණිකාටත් නොකියා.

මේ ඔක්කොම මැණිකාට හීනයක් වගේ.
හිතේ වේදනාවෙන්ම අප්පුච්චා මියදුනා.
ගෙදරටම නාකිඋනු මැණිකා අම්මට තනි රැක්කා.
උන්දැත් මියැදුනා.
තනිවෙච්චි මැණිකා කඩුල්ල දිහා බලාගෙන උන්නා,
මහත්තය කවදහරි ඒවි"


ඒ හතලිස් අවුරුද්දකට කලින්.
අදත් ඒ පොද වැස්ස.
මැණිකා පිල ලඟ ඉදන් ගොම්මන් කලුවරේ
කඩුල්ල දිහා බලන් උන්නා.
ඒ ඇස් තාමත් දිලිසෙනවා,
"මහත්තය කවදහරි ඒවි."

ලිව්වේ පරා....



8/01/2012

මනස්ගාත


දුක අහන කිසිවෙකුත් මගේ ළඟ නැති වෙලා
තනිකමත් පාළුවත් හිඳී මා හඬවලා
දිනපොතේ පිටු අතර මගේ දුක සැඟවිලා
නින්ද මගේ නෙතු ළඟින් ඈතටම ගිහිල්ලා

7/22/2012

මාවතේ ජීවිත ~3~ රඹුටන් රස















මල්වානේ රන් රඹුටන්
පැණි වෑහෙන මැංගුස්ටින්
හඬ බොඳවු සිඟිති මුවින්
මිලකරනා පුංචි පුතෙක්

සුදු කමිසය දූලි සමග
පොත් මල්ලෙන් හෙම්බත් වුන
තවත් පුතකු මවු සමගින්
ඉල්ලා මොර දෙයි රඹුටන්

මිල වුනි ගෙඩි දස ගනනින්
පුතුන් මුවග සිනා මිටයි
එකෙකු අතෙහි රඹුටන් පොදි
අනෙක අතෙහි රුපියල් සත

එකෙකු දනී රඹුටන් රස
අනෙකා නොදනිද එම රස
වැරදී ඇත කොතැනක හෝ
රසවන්නට රුපියල් සත.....................?

ඔටුවා 8

7/16/2012

සිංදුවක් කියවමුද 3 - මව් පිය ගුණ වරුණ...

ඉතිං යාලුවනේ, කොහොමද ජීවිත යන්තරේ? පාට කරන එක ලේසි වැඩක් නෙමෙයි නේද. ඉතිං ඔය ජීවිත යන්තරේ පාට කරන එක ගැන කතා කරද්දි මුලින්ම කරලියට එන්නේ කවුද. අපිට ජීවිතේ දුන්න අම්මයි තාත්තයි නේද? අපි ජීවිතේට පාට ඇතුල් කරන්ඩ කලින් අපේ ජීවිතේ අයිති වෙලා තිබුනේ ඒ දෙන්නටනේ. මමනම් මේ ඉන්න තැන ඉන්නේ ඒ දෙන්න හින්දා. මං මේ පෝස්ට් එකේ ආත්මාර්ථකාමී වෙලා මං ගැනම කතා කරන්නම්. මොකද හැම කෙනාටම දෙමව්පියෝ ගැන කතා කරන්ඩ තමුන්ගෙම කියලා කොච්චරනම් දේවල් තියෙයිද.

කතාව පටන් ගන්ඩ කලින් මේ ටිකත් කියලම ඉන්නම්. මාත් කැම්පස් එක පැත්තේ ගියාට පස්සේ හීනියට වගේ කවියෙක් උනා. ඒ උනාට මං අත තියන්ඩ ගොඩක්ම බය මාතෘකා දෙකක් තිබුනා. එකක් තමා මගේ රට. අනික මගේ අම්මයි තාත්තයි ගැන. මේ මාතෘකා ගැන කතා කරන්ඩ ගිහින් වචනෙක කෑල්ලක්වත් වැරදුනොත් කියලා මං බය උනා. හැම දෙනාටම ඇඟේ තියන දේවල්නෙ. (ඒත් ආදරේ ගැන හැමෝම මෙච්චර ලේසියෙන් ලියන්නෙ කොහොමද කියන එක තව ප්‍රශ්නයක්) ඉතිං මං අද කතා කරන්ඩ හදන සින්දු දාලම පටන් ගමු නේද?





මේ සින්දු දෙකේම හරි ලස්සනට උපමා භාවිතා කරලා තියනවා. අම්මා කියපු ගමන් අපේ හිතට එන්නේ කෙලවරක් නැති තරම් ආදරයක්. සෞම්‍ය ගතියක්. එතකොට ඒ ආදරය ඇතුලේ තියන කැපකිරීම් අපි සමහර වෙලාවට දකින්නෙත් නෑ. සින්දුව පටන් ගන්නේ ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා කියලා. ඉතින් එතනින්ම මට අපේ අම්මව සින්දුවට එනවා. අපි ඉස්සර ඉස්කෝලෙ යනකොට අම්මා නැගිටින්නේ උදේ 4.30ට. කෑම උයලා, තේ හදලා හැමදෙයක්ම ලෑස්ති කරලා අපිව ඇහැරනවා. අපි කොච්චර කම්මැලිද උදේට නැගිටින්ඩ.
ඊළග ව(ර්)ස් එක බොහොම ලස්සනට ගලාගන යනවා.

"රෑ කලුවර අරගන දරුවන් එනතුරු හිත නෑ නිවන් දකින්නේ
රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි, කවදාදෝ ඔය නෙත දරු සෙනෙහසින් මිදෙන්නේ"

අපි කවුරු හරි පන්ති ගිහින් හරි ගෙදර එන්ඩ පරක්කු වෙනවනම් අම්මා හැම විනාඩි පහක්ම දොර ගාවට ඇවිත් බලනවා මොකෝ පරක්කු කියලා. පාරේ බස් එකක් යන සද්දේ ඇහුනොත් බලන් ඉන්නවා මේකෙවත් එයිද කියලා. හැම වැඩක්ම ඉවර කරලා අම්මා රැට නිදාගන්නේ ගොඩක් පරක්කු වෙලා. මෙතන ඒක කියන්ඩ යොදාගන තියන උපමාව ගොඩක් සංවේදී. "රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ". ඊලගට අම්මව උපමා කරලා තියෙන්නේ මහාමායා දේවියට. ඒ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ අම්මට. හැම අම්මා කෙනෙක්ම බුදුන්ගේ මව් විදියට සම කරලා තියනවා. මන් හිතන්නේ ඒක අම්මා කෙනෙකුට කරන්ඩ පුලුවන් ලොකු උපහාරයක්.

ඔය විදිහට අම්මා ගැන කතා කරද්දි මතකෙට එන තවත් සින්දුවක් තමා කපුගේ මහත්මයගේ "දවසක් පැල නැති හේනේ" ගීතය. ඒකේ තේරුම කවුරුත් දන්නවා ඇතිනේ. ඒ සින්දුවේ මගෙ ජිතට ගොඩක්ම දැනෙන්නේ අන්තිම පදේ. "මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ". අපේ අම්මට මං කොහේ හරි ඉඳලා ගෙදරට ලන්වෙනකොට කොහොම හරි තේරෙනවා. සමහර වෙලාවට කියන්නෙත් නැතුව කැම්පස් එකේ ඉඳලා ගෙදර එද්දි මං කැමතිම කෑම හදල අම්මා ඉස්සරහට වෙලා ඉන්නවා. ඒක අම්මා කෙනෙක්ට තියන ආදරේ වැඩි කමට දැනෙන දෙයක් වෙන්ඩ ඇති. මට මතකයි දවසක් ඔය සිංදුව ගැන කතා කරද්දි නංගි කෙනෙක් කිව්වා මේකෙන් තේරෙන්නෙ රචකයගේ අම්ම නැති වෙලා කියන එක කියලා. අම්මා කෙනෙක්ට කවදාවත්ම එනකල් බලන් ඉන්ඩ කියන්ඩ ඕනෙ නෑ.

අම්මා ගැන කතා කරන හින්දා මං තව පොඩි දෙයක් කියන්නම්.

"බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට"

අද අපේ රටේ තියන මහලු නිවාස, අනාත මඩම්, පාරවල් අයිනේ ඉන්න වයසක මිනිස්සු දිහා බලද්දි හිතෙන්නෙ, අනේ මේ මිනිස්සුන්ගේ ලමයි කෝ කියලා. අපිට තියන "දුවගන යන සමාජය"ත් එක්ක අපි ඕකත් සාධාරණීකරනය කරන්ඩ හදනවා. එහෙම කෙනෙක්ට මං කියන්නේ, හිතලා බලන්ඩ තමුන්ගේ ලමයට ආදරේ කරන්ඩ අපි මොනවා හරි කොන්දේසි දානවද කියලා.
අනිත් සිංදුව තාත්තා ගැන. අපේ සමාජයේ අපි තාත්තා ගැන කතා කරන්ඩ බයයි වගේ නේද. "තාත්තා" කියන වචනේ ඇතුලෙම ලොකු ගරුත්වයක් තියනවා. පිටින් මොකුත් පෙන්නන් නැතුව ඔක්කොම අමාරුකම්, කරදර ඇතුලේ තනියම තියාගන, පවුල වෙනුවෙන් හැමදෙයක්ම කැපකරන කෙනෙක්. ඕකයි තාත්තා කියන වචනෙට මට දෙන්ඩ පුලුවන් තේරුම. තාත්තගේ ආදරේ පිටට පේනවා අඩුයි. ඒත් හරියට පර්වතවක් වගේ. කවදාවත් හෙල්ලෙන් නෑ. මේ සිංදුවේ උපමා වලින් ඒක හිතට දැනෙන විදියට එලියට දෙනවා. අපේ තාත්තා හිටියේ හමුදාවේ. ඒ වගේම ගොවිතැන් කරා. ඉතින් සිංදුව අහද්දි මට පේනවා තාත්තා උදැල්ලත් අරන් වෙලට යන හැටි. මට තාත්තා කියන වචනෙ ඇහෙද්දි ඇතිවෙන්නෙ හයියක් (කොටින්ම කිව්වොත් solid හැඟීමක්).
"වලාකුලේ ඩා බිඳු තවරා, මහ පොලවට මහ වැසි ගෙනෙනා".

"තුරු හිස මුදුනේ මල් පළඳා,
කැකුලු මුවට පල වැල නෙලුවා.
ඒදඬුමං බැඳ, සත්කුලුපව් බිඳ
සිදාදියට එන මං තැනුවා"

මෙතන මට ඇතිවෙන හැඟීම විස්තර කලයුතු නෑ කියලා මං හිතනවා. මේ වචන වලින් තාත්තා කියන්නේ කව්ද කියන එක අර්ථවත් විදිහට ප්‍රකාශ කරලා තියනවා.

මගේ කතාව ගොඩක් දුරට ගියා නේද. එහෙනම් අපි මෙතනින් නවතිමු. නවතින්ඩ කලින් හිතන්ඩ අපිට අම්මයි තාත්තයි කියන්නේ ජීවිතේ නේද කියලා. අපි අද මෙතන ඉන්නේ ඒ අය හින්දා නේද. අපි හැමෝම මේ දේ දන්නවානම් ඇයි මේ මහලු මඩම්? ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්.

අපි කතා කරමු....................

7/15/2012

~මාවතේ ජීවිත 2~ වාසනා කූඩුව

මාවතේ ජීවිත 1


ජීවිතයෙ වාසනාව
ඇණ ගසාල ලෑල්ලකට
ලොකයාට වාසනාව
බෙදාදෙන්න සැරසෙන නුඹ......

බිහිකරනා ලක්ෂ කෝටි මිලියනපති
පසුකර යයි නුඹ යන මග
හෙටත් නුඹය බෙදාදෙනුයෙ
වාසනාව මග අද්දර..............

හිරු සැඟවෙන හොරාවක
අහස පොලව ගැට ගහන්න
බලා උන්නු නුඹෙ දෙනෙතෙ
පිරී තිබුනෙ සෙනෙහස දරු මුනුපුරු ..............

ඔටුවා 8



7/08/2012

මාවතේ ජීවිත 1


මැදුරු දොරකඩ වියලි සුලඟට වියරුවෙන්
සිනාසෙන නුඹ
තනිකමට ලොව මදුරු මැසි කැල සෙනෙහසින්
සනසනා නුඹ
සඳෑ සිරුරට වැදු දරු පෙම මාවතේ අද
මිලින වු නුඹ
නොපෙනුනෙ කිම කවුලුවට රිය සඟවනා
බිඳු කඳුලු නුඹ..................!



ඔටුවා (තෙවන වසර )

7/06/2012

මගේ හිත























මට ලැබුන
මම අකමැති
තනිකම


මට අහිමි වෙන
මම කැමති
ආදරේ


මම විඳින
මම විඳවන
තේරුම් ගන්න බැරි
ජීවිතේ

හිතෙන දේ නොකියවෙන
තේරුමක් නැති
වචන

                 මේ
                      මම...

ඩොලී 10


6/26/2012

වැඩබිම වෙස්සන්තරලා………


කාෂ්ඨක ගිනි අව්වේ
අකුණු හෙන මහ වැස්සේ
රුදුරු ගිනි දැල් අස්සේ
විඩාපත් නුඹ උන්නෙ....

ගිනි අව්ව නුඹේ දහදිය කඳුලු වියැළුවා
මහ වැස්ස නුඹෙ පැතුම් පොදි කඩා දිය කලා
ගිනි පුපුරු වලින් නුඹෙ මුලු දිවිය අලු වෙලා
දිවි බරින් බැඳි යදම් නුඹ මෙබිම සිර කලා

ලේ කඳුලු දහ දියද හෙලා නුඹ වෙහෙසුනා
නුඹේ හෙට දවස ඉන් යන්තමින් සරි වුනා
නුඹ පවා නොම දැනම ලේ කඳුලු වැපිරිලා
මගේ කෙත පුරා සරු සාර ඵල පීදිලා

නුඹේ පොඩි අතු පැලේ අග හිඟ බොහෝ මුත්
සිඳීගිය හිස් කුසින් පොඩි එවුන් හඬනමුත්
වැහැරි ගිය ශරීරේ වේදනා බොහෝ මුත්
නුඹ කොහොම දන් දුන්නෙ
නුඹට හිමි සියලු දේ අනෙකෙකුට
වෙස්සන්තරව වැඩබිමේ.....

                                                                බට්ටා (06)

6/25/2012

පිරිසක්

උගුර ලේ රහයි...
බැනේ එත් නවත්තන්න...
කොහොම කෑ ගහන්නද...
තව කට්ටිය ඉන්නවනේ...
හෙවන හරියක් බලමු...
අපි මෙන්න මෙහෙන් ඉමු...
අපේ අය අර හරියෙ...
එත් එහෙ අව්වයිනේ...
දැන් එකට කාලයිනේ...
යමුද අපහු ඉතින්...
කට්ටියට කියන්නකෝ...
අපි යනවා...
හා හොඳයි...
අරුං එන්නැද්ද දැන්...
නැතුව ඇති මගේ හිතේ...
ඇතටත් හරි සද්දේ...
ඉක්මනට ඉක්මනට...
අඩිය ඉක්මන් කරමු...
වැඩේ ඉවරයි වගේ...
හ්ම්ම්ම් ...
ජය වේවා... ජය වේවා... ජය වේවා...!!!

වටුවා 10

6/22/2012

ඩිජිටල් ප්‍රින්ටින්

ඔහු මුහුණ මා දෙසට හරවා හෙලුවේ කිසිසේත්ම ප්‍රියමනාප බැල්මක් නම් නොවේ. ඔරවා බැලීමක් නොවුවත් යම්කිසි නියෝගාත්මක ස්වරුපයක් එහි විය.හේතුව වහා අවබෝධ වූ හෙයින් මම වහාම ඇගිලි තුඩු අතර දැවටෙමින් තුබුණු, අඩක්‌ දැවි ගිය දුම් වැටිය වහා එලියට විසි කළෙමි.ඒ මුහුණේ සිනා රැල්ලක් මතු විය.
නැවතත් පින්සල තීන්ත භාජනයේ ඔබමින් ඔහු කතා කළේය.
''නිකං බොරුවට අඩු වයසෙන් මැරෙන්නයැ මහත්තයා ?''
''පුරුද්දට ගිහිල්ලා, දැන් පරක්කු වැඩියි නවත්තන්න''
පිළිතුරක් නැත.
ඔහු සිය රාජකාරියෙහිම ඇලෙන්නට විය.බිම එලා තිබුණු සුදු රෙද්ද මත තාලයකට තීන්ත තැවරෙන්නට විය .
''අ''
කෙසේනම් අමතක කළ හැකි අකුරක්ද මේ ? ජීවිතය ඇරඹුන අකුර නොවැ!.
ඊලග අකුරට පින්සල ලක ලෑස්ති කිරීමට ඔහුට මද වෙලාවක් ගත විය.මද යයි කීවද මෙසේ කුඩා කුඩා පමාවන් එකතු වූ විට එය සැළකිය යුතු තරම් වේලාවක් විය යුතුය.
කොච්චර වෙලා යයිද ඕක ඉවර වෙන්න ලොකු උන්නැහේ ?''මට අවැසි වූයේ මට පිටත් වීමට නියමිත බසය පැමිණීමට ප්‍රථම මෙය අවසන් වේවිදැයි දැනගැනීමටය. මේ බැනර් අඳින රටාව ,තාලය සිත් ඇදගන්නා සුළුය .රස්සාවක් හැටියට කිරීමට නැතත් නිවී හැනහිල්ලේ බලා සිටීමට වටිනා දෙයකි.
''හිතන තරං ඉක්මනටනම් අමාරුයි මහත්තයෝ ..මොකෝ හීන් සීරුවේ කරන්න එපෑ.වැරදුනොත් මකන්න කියලය ?''
''ඔව් නේන්නම්  ''හිතනවාට වඩා වැඩේ අමාරු විය යුතුය.
''නි''
තවත් අකුරක් හමාරය.අකුරෙන් අකුර වචනයක් ,වචන ගොඩකින් වාක්‍යයක් !!
මම ඔහු සිටි කුටියෙන් එළියට අඩි කිහිපයක් ඇවිද ගියෙමි.කලින් විසිකළ සිගරැට් කොටය ඇස ගැටිණ.දැන් එය සිදුවී හමාරය .පසුතැවීම නොහොබී.
එක් වරක් පාර දෙසද බැලුවෙමි .බසය දැන්ම එන පාටක්නම් නැත. 
කාන්සියට ඇස් එහෙ මෙහෙ හරවද්දී, ලණු වල ආධාරයෙන් පාර හරහා එල්ලා තිබුණු දැවැන්ත බැනරයක් දුටිමි.
''අනිච්චාවත සංඛාරා''
අභාවප්‍රාප්ත අහවලාගෙ අහවල්....
දන්නා කියන කෙනෙක් නොවේ.
''ගමට ඇවිල්ලත් මාසයයි.කොහොමද හැම මිනිහම දැනගන්නේ ''මම මටම සිනාසුනෙමි.
ඒහාත් සමගම සිනාසිය හැකි තවත් කාරණයක් සිහියට නැගුණි.''බැනරය'!!'
''ඩිජිටල් ප්‍රින්ටින්''
මගේ හිතේ අර මිනිසා ගැන අනුකම්පාවක් ඇති විය.අමුතුම කලාවක්,රටාවක් ,තාලයක් ඇති බව සැබෑය.නමුත් මෙතරම් වෙලාවක් නාස්ති කර අඳින පරණ තාලේ බැනරයත් ,මේ ඩිජිටල් බැනරයත් අතර වෙනස!!!

මට නැවතත් ඔහුව බැලීමට වුවමනා විය.
''තාම මිනිස්සු මෙතනින් බැනර් ඇඳගන්න එනවද ලොකු උන්නැහේ?''
උත්තරය ලැබීමට තත්පර කිහිපයක් පමා විය.
''දැන් නම් ඉතින් ඉස්සර වගේ නෑ මහත්තයෝ..ඒ කාලේ නම් මේ පළාතටම මෙව්වා ඇන්දේ මමයි''
ඔහුගේ මුහුණේ යම් සාඩම්බරයක සේයාවක් මතු විය.
''ඒත් දැන් නෑනේ නේද''එය සමහර විට ඔහුට ලැබෙන උපහාසයක් විය හැක.
නැත, ඔහු එය උපේක්ෂාවෙන් පිළිගත්තේය.
''ඒකනම් එහෙම තමයි.ඒත් තාම අපිව ඕන අය ඉන්නවා''
''ඒත් අලුත් පරම්පරාවේ කවුරුත් නැතුව ඇති?අච්චර ලේසියෙන් ,ඉක්මනට. ලස්සනට ඩිජිටල් ප්‍රින්ටින් තියෙන එකේ මේවා ඇඳ ඇඳ මොකට නහිනවද කියලා හිතෙන්නේ නැද්ද ලොකු උන්නැහේට?
''හ්ම්ම් හ්ම් තාක්සනේනම් දැන් දියුණුයි තමා''
නිශ්ශබ්දතාවයකි
මා බලාපොරොත්තු වූයේ මීට වඩා දිග පිළිතුරකි.නමුත් ඔහු කතා කරන පාටක් නැත.මිනිහගේ හිත රිදුනද දන්නෙත් නෑ.
මද වේලාවක් ගත විය.මම ඔහුට පිටුපා සිටගත්තෙමි.මෙවර මගේ කාන්සිය දුරු කළේ ජංගම දුරකතනයයි.


තවත් විනාඩි කිහිපයක් ගත විය.
මගේ පිටුපසින් නැවතත් පුරුදු කටහඬ ඇසුණි.
තාක්සනේනම් දියුණු වග ඇත්ත මහත්තයෝ.ලෝකෙත් ඉස්සරහට ගිහින්.දියුණුයි දැන්..මොන විදියට බැනර් එක ඇන්දත් මහත්තයෝ අපි තාමත් ඒකෙ ලියන්නේ මේ ටිකම නේද.
ඔහු බැනරයේ අන්තිම අකුරත් පින්තාරු කර වාක්‍යය සම්පූර්ණ කළේය.
''අනිච්චාවත සංඛාරා'' 












ගැටයා

6/18/2012

"මිනිසා..."

පේරාදෙණිය ඉංජිනේරු පීඨ කලා කවය මගින් ඉදිරිපත් කළ "තුන්වැනි සීනුව" වේදිකා නාට්‍යය වෙනුවෙන් නිර්මාණය වූ "මිනිසා" ගීතය








මිනිසා...//
අන්ධකාරේ කොහේදෝ යන්නේ
මිනිසා...//

මැරි මැරී තව වෙලෙයි දුක් තුළ
අනුන් හට හිස් සිනා දන් දී
මිනිසා...//

කොයිබටද නුඹ ඉතින් යන්නේ...//
තවත් කොයිබද
යන්න ඇත්තේ
මිනිසා...//

අනුන් උදෙසා බොහෝ දුක් විඳ
දොඩයි දෙබසක් කළින් සැකසුව //
රඟහලකි හිස් නුඹේ දිවියම
කඳුළු බෝ ඇත සිනා තැවරුව...///



audio :  Minisa

6/14/2012

සිංදුවක් කියවමුද 2............


ඉතිං කොහොමද යාලුවනේ. අලුතින් මොනා හරි දාන්ඩ ඕනා කියලා හිත හිත හිටියට ඔලුවට නිදහසක් නෑ. මේ පැත්තේ අව්වට ඔලුවත් එක්කම කර වෙලා ගිහින්. සෙල්සියස් 50 ට යනවා කියන්නේ එසේ මෙසේ කජ්ජක්යැ. :පී. අනික අපේ කලා රවුමේ උන් ටික සීගිරි නැගලා පොටෝ දානවා ඉවරයක් නෑ. කොමෙන්ට් කෑල්ලක් දැම්මේ නැත්තම් පොඩි උන් ටික තරහ වෙනවනේ. :පීපී
ආගිය කතා පස්සට. අද මේ පැත්තේ ආවේ කාලෙකින් සින්දුවක් කියවන්ඩ බැරි උන නිසා. මෙන්න දවසේ සින්දුව.
අතීත කතාව: මං ඔය කැම්පස් එක පැත්තේ එනකල් ක්ලැසිකල් මියුසික් කියලා ලොකු ආසාවක් තිබුනෙ නෑ. බස් අජිත්ලව නම් ඒ කාලෙ ඉඳලම පෙන්නන්ඩ බෑ. කොහොමින් හරි කැම්පස් පටන් අරන් ආට් සර්කල් එක පැත්තේ යන්ඩ පටන් ගත්තම මට තේරුනා මේකෙ ඉන්න උන් වගේ සින්දුවක් දෙකක් අහන්ඩ ඕනා කියලා. ඉතිං ඔහොම දවසක් බස් එකේ සින්දුවක් කනේ ගහගන එනකොට යනවා කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගෙ මේ සින්දුව. මාත් ඉතින් හෙමීට සෙට් උනා මොකක්ද මේ කියන්නෙ බලන්ඩ. සින්දුව මට තේරුන විඩිය මන් කියන්නම්. (මේක කොටන්ඩ ලිරික්ස් පොටෝ එකක් හොයද්දි මට හිතුනා එක්කෝ මන් හිතපු විඩිය වැරදිද කියල. කියෝලම බලන්ඩකො )




"ගහක මල් පිපිලා, පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා, පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරණේ මං, තවම සොයන්නෙමි"

පලවනි පද හතරෙන් පේන්නෙ රචකයාට ආදරයක් ඇති වෙලා තියනවා. කාට හරි හිත ගිහින් තියනවා. ඇයි හිත ගියෙ කියලා දන්නෙ නෑ. ඒක හොයනවා, තාම හම්බෙලා නෑ.

ඊලඟ වර්ස් දෙක අහද්දි මං ටිකක් කොන්පියුස් උනා.

"කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්,
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්"

"සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේමනරම්
පුදුම වෙයි නුඹනම්"

මට මුලින්ම හිතුනේ මේක සාමන්‍යයෙන් පේන ආදර කතාවක් නෙමේ කියන එක. රචකයා භාවිතා කරලා තියන උපමා දෙක කවි දෙකේදි දෙවිදියක්. පලවෙනි එකේ කියනවා ලෝක ස්වභාවයට අනුව කාන්තාරේ හැමවෙලේම ඉරත් එක්ක බැඳිලා තියනවා, වැස්සක් වටෙන්නේ එහෙමත් කලාතුරකින් තමයි කියලා. ඉතින් ඇත්තනේ කතාව. හැබැයි කලාතුරකින් වගේ කාන්තාරෙකට වැටෙන වැහිත් තියනවා, ඒ වැස්සට පන වගේ ආදරේ කරන කාන්තාරත් තියනවා. මට මෙතන සොඳුරු වැස්ස කියද්දි මැවිලා පෙනෙන්නේ සුන්දර කාන්තාවක් හෙවත් ස්ත්‍රී ලිංගිකයෙක්.

දෙවනි කවියෙන් වෙනස් පැත්තකට ගිහින්. හඳයි තරුයි. සාහිත‍යයෙදි හැම වෙලාවෙම හඳ කියන්නෙ සුමට කාන්තාවට. ඒකේ කිසි ගැටලුවක් නෑනේ. ඉතකොට ඉර කියන්නේ රලු, ලොකු ශක්තියක් තියන උපමාවක්. පිරිමියෙකුට භාවිතා කරපු බවක් පේනවා. ඉතිං තරුවක් කියන්නෙත් ඉරක්නෙ. එහෙනම් මුල් පදේ පැහැදිලියි. හැම වෙලාවකම කාන්තාවට පෙම් කරන පිරිමින් ගැන. ඊලඟට කියනවා කලාතුරකින් එකක් හරි ඉරට පෙම් කරන තරුවක් තියෙන්ඩ බැරිද කියලා. රචකයා සම්මතයෙන් එලියට ඇවිත් කතා කරනවා. "පුදුම වෙයි නුඹනම්" කියන පදයෙන් පේනවා දෙවනි පාර්ශවය අපගමනය පිලිබඳ දක්වන අදහස.

මං මේ සිංදුව දැකපු විදිය හරිද කියන්ඩ මම දන්නෙ නෑ. ඒ උනත් හැමවෙලාවකම වැඩියෙන් වැදගත් වෙන්නේ ශ්‍රාවකයා කොහොම තේරුම් ගන්නවද කියන එක මිසක් රචකයගේ අතීත කතාව හෝ වස්තු බීජය නෙමේ. රචකයට පුලුවන්නම් තමන්ට අවශ්‍ය දේ ශ්‍රාවකයට ඒත්තු ගන්නන්ඩ, එතනදි රචකයා දිනනවා.
මෙතනදි මං දැක්කේ කවියාගේ තියන නිර්භීතකම. (මට අනුව.) අපි හරිය කියල කියන, අපි එල්ලිලා ඉන්න සමාජ සම්මත වලින් එලියට ඇවිත් සමාජයේ තියන, ඒත් සමාජය විසින්ම හංගන ඇත්තක් එලියට දෙන්න රචකයා සමත්වෙලා තියනවා. අපි හැමවෙලාවෙම සම්මතයෙන් එලියට එන්ඩ බයයි. ගොඩ දෙනෙක් එහෙමයි. සමාජෙට අනුව අපි හැඩගැහෙන්ඩ හදනවා මිසක් සමාජේ හරිද, සම්මතේ හරිද කියලා බලන්නේ නෑ. ලෝකේ තැටියක් වෙලා තිබුන කාලේ, රවුම් කියන්ඩ ගියාමත් ඒකයි උනේ. 
මං මේ සින්දුව කියවපු විදිය හරිනම්, මේ පොටෝ එක වැරදි. මං ජාලේ දැකපු හැම එකක්ම එහෙමයි. එක්කෝ කතාව තේරුම් අරන් තියන විදිය වෙනස්. නැත්තම් සම්මතයට අනුකූල කරලා දාලා තියනවා.

කොහොමින් හරි, මට කියන්ඩ ඕනා උනේ මං දැකපු සින්දුවක පැත්ත ගැන. ඔයාගේ අදහසත් මං දැනගන්ඩ කැමතියි. 

ලිව්වෙ, පරා '06





6/13/2012

තනියට නුඹ, ඇය, ඔබ.............


                තනියට    
      නුඹ,
 ඇය,
      ඔබ........

මට නුඹව මුලින්ම මුනගැසුනෙ පාසලේදි
ඇත්තටම නුඹ මට මුනගැසුනා නොවෙයි
මම නුඹව නිර්මාණය කලා
වැඩි කල් යන්න කලින්ම
මම නුඹට ආදරෙයි කියන්න හැදුවා
ඒත්,
ගුරුවරු හැමෝම මට විරුද්ද උනා
දඬුවම් කලා
මම වැරදියි කියුවා
ඊට පස්සෙ,
මම නුඹට උගන්වන්න පටන් ගත්තා
නුඹ ගොඩක් හොඳට ඉගන ගත්තා
මගෙන් විතරක් නොවෙයි
තවත් බොහෝ දෙනෙකුගෙන්
ටික කලෙකින්,
නුඹ මටත් උගන්වන්න පටන් ගත්තා
අන්තිමට මට නුඹව දාල එන්න උනා
දුකින් විතරක් නෙවෙයි
ගොඩක් ආඩම්බරෙන්…..

හිතුවෙවත් නැති විදිහට ආයෙමත් හමුවුනා
නුඹමත් නොවේයි
නුඹ වන්ම ඇය,
සරසවියේදී......
නුඹට වගේම ඇයටත්
මම ආදරේ කලා
දුක, සතුට, ආදරේ බොහෝ විට විරහව
මම බෙදාගත්තෙ ඇයත් එක්ක
මේ ලඟදි මට ඇයත් අහිමි උනා
තවත් බොහෝ දේ වගේම
අමාරුවෙන් උනත්
දාල එන්න උනා.....

දැන්,
ටිකක් විතර තනි වෙලා
හිතෙන දේවල් කියන්න
දැනෙන දේවල් බෙදා ගන්න
කෙනෙක්....
නැහැ නොවෙයි ඉන්නවා,
දැන් මම මෙ ලියන්නෙ
ඔබට.....
                                                                   බට්ටා '06

පුත මධුර.........




රම්බෝ/07 (මචං මේක අපේ අම්මගෙන්)

6/09/2012

සදාකාලිකය ඒ ප්‍රේමය..........



මුණ හැසුණි මට ඔහු මුල් වරට
ගැලරියේ සිතුවම් ප්‍රදර්ශනයකදී
සිත්තරෙකි ඔහු
නම් පතල දිවයිනේ
පැමිණ සිටි වියොතුන්, ධනවතුන්
පැළඳ සිටි වෛවර්ණ අබරණින් පිරි ගැහැණුන්
බර වදන් වමාරන විවේචන
ආදරය පිලිබිඹු කෙරෙති ඒ සිතුවම්
අති සාර්ථකය
ඒ රුව ජීවමානය සිතුවම තුල
සිනාසෙන්නා වැනිය මොනාලිසා යංතමින්
ඔහුගේ ප්‍රිය භාර්යාවද?
සරල සිනාවකින් සැරසී රැඳී සිටී ඔහු ගැලරියේ
වියොතුන් ඔහු හා දොඩමලුව
හුදෙක් එක් පත්තරකරුවෙක් ලෙසින්
මුණ ගැසුණි ඔහු මට මිනිත්තුවකට
"මහත්මයාණෙනි, සැබැවින්ම වාසනාවන්තයි ඔබ බිරිඳ,
ඔබේ ආදරය වෑහේ සෑම සිතුවකින්ම"
සියුම් සිනාවක් පමණි ඔහු මුව.
"පැමිණියාට තුති මහතුනි".....


                            පසු දිනක වැඩ ඇරී එන මඟ නිවසට
                           දුටුවෙමි ඔහු නැවතත්
                           සුසානභූමියේ ගේට්ටුව අභියස
                           නැවතී බලාසිටියෙමි මා ඔහු දෙස
                          සොහොන්කොතක් ලඟ හිසනවා සිටී ඔහු
                          "මියගියා ඔහුගේ බිරිඳ හත් වසකට කලින්,"
                          දොඩමළු උනි කඩහිමියෙක් අසල මා සමඟ
                         "හැම සැඳෑවකම ඔහු එනවා ඇගේ සොහොනට."


                                                                               නමුත් ඒ ආදරය...........

ලිව්වෙ,
එරන්ද (පරා 06)