තෙදැති විකුමැති දෙවිඳු මම වෙමි

යදින සැමටම පිහිට ගෙනදෙන
දෙවිඳු මම වෙමි නාටකේ රඟනා
දෙවිඳු වුවත් මා රගහලේ
පිහිට වුවත් සැමට සැමදා
රුඟුම් පෑවත් තෙදස පතුරා
මමද මිනිසෙකි කුසගිනි දැනේ
දෙවියන්ට හැඳි බරණ ගලවා
යදිමි මා සොද මහතුනේ
නුඹම පමණි මට එකම සරණේ
දරු පැටව් ඇත මග බලා
෴ සංකල්පනාව - 14 ඔල්මා෴
෴ සිතුවම - 14 ලෙල්ලා෴