12/15/2011

වෙන් ලවු මේකිං



මුහුන පුරා දැලි රැවුලක්      ආවා
නාඹර විය මට ඉඟි බිඟි      පෑවා
මලවර විය දුටු කෙල්ලන්   ගාවා
අමුතුම පෙම් මල් සුවඳක්    ආවා

කෙල්ලන් පස්සේ මම ලුහු      බඳිමී
ඇය එන තුරා මහ මඟ පැල්    රකිමි
ඇයට ඇහෙන්නට බොරුවට කහිමි
තව එක සිගරට් උගුරක්           අදිමි

ඔබ මගෙ පෙම් කඳ ,රන් කඳ ,පොල් කඳ
මාසේ පෝයට පායන                පුන් සඳ
ආ බව ඇත්තයි පොල් කඩමින්          ඉඳ
නාලයි ආවේ දැන් නැහැ             ගස් ගඳ

තණ කොළ බිස්සේ-ලිය ගොමු   අස්සේ
පතෝල මැස්සේ -ඉඳලයි          බැස්සේ
තෙමි තෙමි වැස්සේ-පෙම් කළ   රිස්සේ
නිකන්ම ගැස්සේ -බැන්දට          පස්සේ

පෙම් රැඟුමට ඉඩ නැති කළ එළියේ
සිනමා හලකට රිංගමු       ජොලියේ
හිටියත් පැය ගනනක්  බැල්කනියේ
නමවත් නොදනිමි     චිත්තරපටියේ

කට්ලට් ,ඔම්ලට් ,ෂර්බට්         මස්කට්
දෙන්නද ඩාලිං කැඩ්බරි       චොක්ලට්
මම වෙමි රෝමියො ඔබ මගෙ ජුලියට්
වයි නොට් යූ ට්‍රයි වන් මෝ     බිස්කට්

එනු මගෙ සුන්දර සූකිරි     බෝලේ
අපි දෙන්නට දැන් සිකුරගෙ කාලේ
දාගත්තට පසු පොල්කටු       මාලේ
ගයමු-රඟමු අපි ගහමින්     ඩෝලේ

කවදද සුදු ඔබ අයෙ මෙහෙ   එන්නේ
කෙලෙසද ඔබ නැති කළ මම ඉන්නේ
බඳිමුද ඇහුවම ඇයි නිල්      වෙන්නේ
කුමටද මඟුලට කම්මැලි         වන්නේ

අහසේ රන්තරු ගලවා     දෙන්නම්
මුහුඳේ මිනි මුතු අරගෙන දෙන්නම්
සසර වසන තුරු ඔබම    පතන්නම්
බඳිමුද ඇහුවොත් පැනල දුවන්නම්

දැක්කම විංකිං -නැතුවට         කිංකිං
පෙම් සයුරේ අපි යටටම          සිංකිං
වෙන් ලවු මේකිං -නෝ මෝ ජෝකිං
විල් යූ මැරි මී? අයෙ බණ     ටෝකිං

මේ අයි කිස් යූ?විල් යූ නොට් ගිවු?
ඩූ නොට් සේ දැට් යූ ඩූ නොට් ලවු
ඉෆ් යූ සේ සෝ අයි ෂැල් ඩයි නවු
ඕ මයි ඩාලිං,හවු කැන් අයි     ලවු

කාලෙකට පෙර කලා කව දැන්වීම් පුවරුවේ දමා තිබුණු රසවත් පද පේළි කිහිපයකි.රචකයා ගැන සඳහනක් නැත.පහළින් මෙවැනි සටහනක් පමණක් ඇත.
උපුටා ගෙන ඉදිරිපත් කළේ E/00/නිරාෂ

1 comment:

  1. මේ කවි කලා කවයේ එකෙක් ලියු ඒවා නොවේ.

    මෙහි රචකයා චන්ද්‍ර අනගිරත්න. මේ කවි මුලින්ම පලවෙන්නට ඇත්තේ ඔහුගේ "රිවිරැස" ඉරිදා පුවත් පත් කොළම වූ "නරලොව ඇල්මන් ගේ සුරලොව හොල්මන්" හි විය යුතුයි.

    මා මුලින් මේ කවි දුටුවේ පොතක් ලෙස පල කළ ඒ කොලම් ලිපි එකතුවකිනි.

    රසික සූරියආරච්චි
    කලාකවය සංස්කාරක 1982/83.
    කලාකවය ලේකම් 1983/84.

    ReplyDelete