1/06/2012

ඉංජිනීරිං?හැහ් හැහ්!!! ඕක මකන කෝස් එකක්නෙ බං!


ගත්ත සුදු කොළයක්
ඇන්ද ඉරි තුන හතරක්
අංශක තිහ නම් අයිසො
අනූවනම් ඕතො
නානාවිධ රවුම් කොටු කතිර
හමාරය පැය තුනම
අහෝ පාපයකි !
මගේ දයාබර මකනය
කේන්ති නොගෙන මකපන් ඉතින්
මේ පළමු නිවැරදි කිරීමය
මතක් වුනා අර කාලේ....
"මොකකද උඹේ කෝස් එක?"
"ඉංජිනීරිං"
පුහ් හැහ් හැහ්!!!
ඕක මකන කෝස් එකක්නෙ බං!
















(From notice board)

4 comments: